(ජේ.කේ .එල්.චාමින්ද)
දකුණු පළාතේ කිරිපට්ටි 665ක් ඉකුත් වර්ෂයේ (2023) ජනවාරි මස සිට සැප්තැම්බර් මස දක්වා කාලය තුලදි කිරි පට්ටි 665ක් වැසිගොස් ඇති බැව් දකුණු පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දේපාර්තමේන්තුව පවසයි.
ගාල්ල දිස්ත්‍රික්කයේ ගව ගොවිපොළවල් 345, මාතර දිස්ත්‍රික්කයේ 181ක් හා හම්බන්තොට දිස්ත්‍රික්කයේ 139ක් මෙම කාලසිමාව තුල වැසිගොස් තිබුණි. එමෙන්ම දකුණු පළාතේ දියරකිරි නිෂ්පාදනය ඉකුත් වර්ෂයේ දි (2023) දියරකිරි ලිටර් මිලියනයකින් පමණ අඩුවි තිබුණි. 2022 වර්ෂයේ දි දකුණු පළාතේ දියර කිරි ලිටර් මිලියන 28ක් පමණ නිෂ්පාදනය කොට තිබුනි.
කිරිපටිට් වැසියාම සදහා ගව හොරකම ප්‍රධාන වශයෙන් බලපා ඇති බව කිරි ගොවින් පවසති. කිරි ගොවියකු රුපියල් ලක්ෂයක් ලක්ෂඑකහමාරක් පමණ වන අතර කිරි ගවයකු සොරකම් කළවිට ගව පට්ටිය වසා දැමිමට සිදුවන බවද කිරිගොවිහු පෙන්වාදෙති. .
මේ පිළිබද දකුණු පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දේපාර්තමේන්තුවේ පළාත් අධ්‍යක්ෂක සේනක රාජසිංහ මහතාගෙන් අප කළ විමසුමකදි මෙසේ කිවේය
දියර කිරි නිෂ්පාදනයේ අඩුවිමක් තියෙනවා. 2022 වර්ෂයේ දි දකුණු පළාතේ කිරි ගොවින් 1000කට පමණ සාන්ද්‍ර ආහාර සියයට 50 ක සහනාධාරය යටතේ ලබා දුන්නා. මෙකි ව්‍යාපෘතිය සදහා මිලියන 23ක මුදලක් රජය මගින් ලබාදුන්නා. නමුත් 2023 වර්ෂයේ දි මුල්‍ය අර්බුදය නිසා එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිමට බැරිවුනා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබැයි දියවන්නාවේ ගව පට්ටිය ෆුල් ඇරලා !!!
පොහොට්ටුව හැමදාම බලය රැකගත්තෙ දකුණින් නිසා ඔය අදහසේ සත්‍ය අසත්‍ය බව 2024 ජනාධිපතිවරණය අවසන් වෙනතුරු තේරුම් ගන්න අමාරුයි