(බී.ජී. චතුරංග )
කරන්දෙණිය ප්‍රදේශයේ විසූ "හිත හොඳ දොස්තර" ඝාතනය කර, දැනට ඩුබායි රටේ සැඟව සිටින ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කරන්දෙණිය සුද්දාගේ හෙරොයින් මත්කුඩු "ඊසි කෑෂ්" ක්‍රමයට අනුරාධපුරයේ බෙදා හැරි ඔහුගේ ප්‍රධාන ගෝලයෙකු වන හිටපු කාලතුවක්කු රෙජිමේන්තු සෙබළෙකු සහ ගැනුම්කරුවන් පස් දෙනෙකු, රුපියල් ලක්ෂ 17කට වැඩි හෙරොයින් මත් කුඩු තොගයක් සමග අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.
අනුරාධපුර නගරයේ ජාත්‍යන්තර පාසලක් ඉදිරිපිටදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති ප්‍රධාන සැකකරු නුවර පාර, වන්නියම්කුලම, අනුරාධපුර ලිපිනයේ පදිංචි හිටපු යුද හමුදා සෙබළෙකු වන අතර, අත්අඩංගුවට ගත්සෙසු සැකකරුවන් මත් කුඩු මිලදී ගැනීමට පැමිණ සිටි තලාව , දේවානම්පියතිස්සපුර , සාලියපුර, මාතලේ හන්දිය යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 25ත් 40ත් හතර වියේ පසුවන පුද්ගලයන් බව පොලීසිය සඳහන් කළේය.
මෙම හෙරොයින් ජාවාරම්කරු , කරන්දෙනිය ප්‍රදේශයේදී වෛද්‍යවරයෙකු ඝාතනය කර දැනට ඩුබායිවල පදිංචිව සිටින ' කරන්දෙනියේ සුද්දා ' ගේ ගෝලයකු බවත් මොහු ක්‍රමය යටතේ හෙරොයින් අලෙවි සිදු කරන බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd