(කේ. බුද්ධික කුමාරසිරි)
සිතාසියක් භාර දීමට හෝමාගම පනාගොඩ කෙරේමුල්ල ප්‍රදේශයේ නිවසකට ගිය අතුරුගිරිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් කොස්තාපල්වරයෙකුට පහර දුන් බව කියන යුද හමුදා සාමාජිකයකු ඇතුලු කාන්තාවක් අත් අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි.
ළමා ආරක්ෂක අධිකාරියේ නඩුවක් සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කළ සිතාසියක් භාර දීම සදහා අදාල නිළධාරීයා එම නිවසට ගිය අවස්ථාවේදී පහර දුන් දෙදෙනා මත්පැන් පානය කරමින් සිට ඇතැයිද පොලිසිය පවසයි.
අදාල සිතාසිය භාර දීමට තොරතුරු විමසූ අවස්ථාවේදී පොලිස් නිළධාරීයාට පරුෂ වචනයෙන් බැණ වැදී එම නිළධාරීයාගේ රහස් ප්‍රදේශයට පහරදීමක් සිදු කර ඇතැයි ද ඒ හේතුවෙන් අදාල නිළධාරීයා අතුරුගිරිය ඔරුවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබන බවද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගහපු එකාට ආයෙත් අර වැඩේ කරන්න බැරි වෙන්නම .වැඩේ කරලා යැව්වා නම හරි උගේ එකට .එතකොට ඔක්කොම රංග ඉවරයි .කොහොමත් පොලිසියේ දී ..ඒ දෙක පොල් ගෙඩි දෙකක් වගේ වේවි