
(අංජුල මහික වීරරත්න)
2024 වර්ෂයේදීත් සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නැතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
2022 වර්ෂයේ දී සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 8ක් ඩොලර් මිලියන 300ක වියදමින් ආනයනය කළත් 2023 වර්ෂයේ දී මෙරටට සහල් ඇටයක්වත් ආනයනය කිරීමට අවශ්‍ය වූයේ නැතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය.
බරවකුඹුක කච්චිගල්ආරේ අපනයනය සඳහා වන පොල් ආශ්‍රිත අතුරු නිෂ්පාදන නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ වැඩ අරඹමින් අමාත්‍යවරයා මෙි බව කීය.
මෙරට නිෂ්පාදනය කරන කොහුබත් හා පොල් කොහු සඳහා චීනයේ විශාල ඉල්ලුමක් පවතින අතර මීට අමතරව ඩුබායිවලින් ද ඉහළ ඉල්ලුමක් පවතින නිසා කොහුබත් හා පොල් කෙඳි නිෂ්පාද විදේශ විනිමය උත්පාදනය කරන කර්මාන්තයක් බවට පත්ව ඇතැයි කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.
සුළු පරිමාණ වැව් යටතේ ඇති ඉඩම්වල මීලඟ යල කන්නයේ දී මුං ඇට, කව්පි, බඩ ඉරිඟු වැනි අතිරේක බෝග වගා කිරීමට තීරණය ඇතැයි ද අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුනුත් පොල් ලෙලි වගේ තමා .වාසි පැත්තට පැන පැන හැමදාම ..ඇමතිවරු
ඔය සේරම ඇමති කරනවානම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවක් ඕන නැහැනේ ?
මුට නම් වඩා පොල් ලෙල්ලත් වටිනවා
රටම කාබාසිනියා කරලා දැන් ඉතින් පොල් ලෙල්ලේ හරි එල්ලියව්
මෙරට නිෂ්පාදනය කරන කොහුබත් හා පොල් කෙඳි නිෂ්පාදන සඳහා චීනයේ විශාල ඉල්ලුමක් පවතින අතර, චීනාගේ ප්ලාස්ටික් කොස්සට, ඉදලට මෙරට විශාල ඉල්ලුමක් පවතී.
ඒකවත් හරියට කරපන්.දීපු වැඩ ඔක්කොම අනාගත්තා .කුණු පොහොර නැව ,කාබනික පොහොර ,බිත්තර ,හාල් , අනා ගත්තා නේ පහු ගිය කාලේ