(සුජිත් හේවාජුලිගේ )
රටේ ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන රජයේ ආයතනවල වියදම් තවදුරටත් සීමා කරන ලෙස භාණ්ඩාගාරයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා රජයේ ප්‍රධානීන්ට චක්‍රලේඛයක් මගින් නැවතත් දැනුම් දී ඇත.
මේ අනුව අතිකාල දීමනා නිවාඩු දින වැටුප් වෙනත් දීමනා සහ ගමන් වියදම් වෙන්කර ඇති ප්‍රතිපාදන සීමාව තුළ පමණක් වැය කළ යුතු බව දන්වා ඇත.
විදුලිය ජලය දුරකතන සේවා ඉන්ධන සහ ගිවිසුම් ගත සේවාවන් සඳහා වන වියදම් අවම කිරීම සඳහා වියදම් පාලන ක්‍රමවේද අනුගමනය කළ යුතු බවටත් ලිපි ද්‍රව්‍ය හා අනෙකුත් කාර්යාලගේ අවශ්‍යතා මිලදී ගැනීමේදී දැඩි පාලනයකට යටත් කළ යුතු බවටත් එම චක්‍රලේඛයෙන් දැනුම්දී ඇත.
නිල වාහන හිමි නිලධාරීන්ට වාහන අනුයුක්ත කිරීමේදී එය සංචිතයේ ඇති වාහන ඇණිය තුළ කළමනාකරණය කරගත යුතු බවද දන්වා ඇත.
පුහුණු වැඩමුළු පැවැත්වීමේදී අධික ලෙස වියදම් දරමින් හෝටල් සම්මන්ත්‍රණ ශාලා භාවිතා නොකළ යුතු අතර රජයේ ආයතන සතු සම්මන්ත්‍රණ ශාලා ඒ සඳහා භාවිතා කළ යුතු බවද දක්වා ඇත.
විදේශීය අනුග්‍රාහක ආයතන පූර්ණ පිරිවැය දරන්නේ නම් මිස විදේශ අධ්‍යයන පුහුණු සාකච්ඡා සම්මන්ත්‍රණ සංචාර සඳහා නිලධාරීන් සම්බන්ධ නොකළ යුතු බවත් විදේශ ණය මගින් ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘතිවල අරමුදල් වියදම් ලෙස දරමින් විදේශ සංචාර සඳහා රජයේ නිලධාරින් සහභාගි නොකළ යුතු බවත් චක්‍රලේඛයේ සඳහන් වේ.
විදේශ අරමුදල් භාවිතයෙන් කෙරෙන ව්‍යාපෘතිය යටතේ සැලසුම් කර ඇති හෝ අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය තීරණ අනුව කෙරෙන ගොඩනැගිලි ඉදිකිරීම් හැර අනෙකුත් සියලුම නව ගොඩනැගිලි ඉදි කිරීම් ආරම්භ නොකළ යුතු බවත් දැනට ඉදිකිරීම ආරම්භ කර ඇති නමුත් අවසන් කර නොමැති ගොඩනැගිලි සාධනීය මට්ටමක් දක්වා නිම කිරීමට ප්‍රමුඛතාව ලබාදිය යුතු බවත් චක්‍රලේඛය සඳහන් කරයි.
භාණ්ඩාගාරයේ පූර්ව අනුමැතිය නොමැතිව රජයේ අවශ්‍යතා සඳහා ගොඩනැගිලි කුලියට ගැනීම නොකළ යුතු බව පවසන එම චක්‍රලේඛය රජයට අයත් ප්‍රයෝජනයට නොගත් ගොඩනැගිලි ප්‍රශස්ත ලෙස පාවිච්චි කළ යුතු බවද දන්වා ඇත.
දැනට කෙරීගෙන යන ව්‍යාපෘති වැඩවලට අදාළ අතැති හෝ වර්ෂය තුළ නිරවුල් කළ යුතු බිල්පත් සඳහා ගෙවීම් කිරීමට ප්‍රතිපාදන වෙන් කිරීමෙන් තොරව අනෙකුත් කාර්යයන් ආරම්භ නොකළ යුතු බවද එහි සඳහන් වේ.
ජාතික උත්සව ලෙස වාර්ෂික ඇස්තමේන්තුවල නිශ්චිතව සඳහන් කර ප්‍රතිපාදන වෙන්කර ඇති කාර්යයන් හැර අනෙකුත් උත්සව සුවද හමුවීම් ප්‍රදර්ශන පිය සම්භාෂණ විවෘත කිරීම් සම්මන්ත්‍රණ ආදිය වෙනුවෙන් රජයේ අරමුදල් භාවිතා නොකළ යුතු බව එම චක්‍රලේඛය මගින් උපදෙස් දී ඇත.
තවද කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ නිසි අනුමැතියකින් තොරව අත්‍යවශ්‍ය තනතුර පුරප්පාඩු පිරවීම සඳහා හෝ නව බඳවා ගැනීම් නොකළ යුතු බව චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් වේ.
භාණ්ඩාගාර ලේකම්වරයා පසුගිය 10 දාතමින් මෙම චක්‍රලේඛය යවා ඇත්තේ සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, රාජ්‍ය සංස්ථා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ ව්‍යවස්ථාපිත මණ්ඩල හා රජය සතු සමාගම්වල ප්‍රධානීන් වෙතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මයිනා ප්රමුඛ කල්ලියට අදාල නැත..... ඔවුන්ට නැව් සමග පාටි දැමීමට සියලු ප්‍රතිපාදන වෙන් කර ඇත.
ඒ වුනාට පිං ජනා ගේ ලෝක රස්තියාදු වලට තව අතිරික්ත රු. බිලියන 200 ක් පාස් කරගෙන. රට මන්දපෝෂණයෙන් ඉහවහා ගිහින්, පොඩි උන්ට කන බත් පතට, ඉගෙන ගන්න පොතට වැට් ගහලා. බොරු සෝබන දෙසැම්බර් 31 ගෝල්ෆේස්ටි පාටි දාල, තව නගර ලස්සන කරන්න මිලියන 600 ක් දීල. හිටපල්ලා පිං ජනා / මයිනා පොහොට්ටු/ අලි පූට්ටුව නැතිකරනවා අපි
මෙම චක්‍රලේඛය අර වරායේ පාර්ටි දාලා, විනෝද වෙලා, මහජන මුදල් නාස්ති කරපු කාලකන්නින්ට වලංගු නැද්ද? මෙයා කියන පරිදි රටේ ආර්ථිකය වැටිලා නම්, කොහොමද වරායේ පාර්ටි දාන්නේ? ජනාධිපති කොහොමද අනවශ්‍ය විදේශ සවාරි යන්නේ? අර ජපානයේ ඇමති කෙනකුත් කිව්වා නේද රටේ ආර්ථිකය දැන් හොඳයි කියලා. එහෙම නම්, මෙම චක්‍රලේඛයේ අර්ථය කුමක්ද?
මේ සියල්ල මැති ඇමැතිවරුන්ටත් අදාල විය යුතුයි.
මේවා ජනාධිපතිටයි ,ඇමතිලාටයි ,මන්ත්රීලාටයි අදාළ නැද්ද ?
රජයේ වියදම් කපනවා කියල කරන්නේ රාජ්‍ය සේවකයන්ට හිමි පුහුණු වියදම් ගමන් දීමනා වැනි අත්‍යවශ්‍ය දේවල්වල වියදම් වන සොච්චම් මුදල් කපාහැරීමයි. ඒ වුනාට ජනාධිපති ඇතුළු මැති ඇමතිවරුන්ගේ පිටරට සවාරි කාර්යාලවලට ගෙවන බදු මුදල් යානවාහනවලට යන කෝටි ගනන් වියදම් සතයකින්වත් අඩුකරන්නේ නෑ. ඉතින් ඔය වියදම් අඩුකිරීමෙ තේරුමක් තියෙනවද?