මෙහෙකාරිය මිය යාමේ සිද්ධියට පොලීසියේ තුනක් අත්අඩංගුවට වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටියදී මෙහෙකාරියක් මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 01 September 2023
මාලිගාවත්තේ වෙඩි තැබීමක් මාලිගාවත්ත සංඝරාජ වටරවුම් ආසන්නයේදී මීට සුළු මොහොතකට පෙර සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත. 01 September 2023
13 ගැන ආණ්ඩුවේ ස්ථාවරය කියයි 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ක්‍රියාත්මක ඉඩම් හා පොලිස් බලතල හැරුණුකොට අනෙක් සියලුම බලතල පළාත් සභාවලට දියයුතු බවට ජනාධිපතිවරයා ප්රමුඛ රජයේ ස්ථාවරය වී තිබෙන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 01 September 2023
සපුගස්කන්ද පිරිපහදුව 18 සිට දින 20ක් වහයි සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ පෙට්‍රල් නිපදවන ඒකකයේ උත්ප්‍රේරකවල සක්‍රීයතාව නැවත පිහිටුවා යථා තත්වයට පත්කිරීමේ නඩත්තු කටයුත්තක් සඳහා එහි නිෂ්පාදනය මේ මස 18 වැනිදා සිට ඔක්තෝබර් මස 8 වැනිදා දක්වා අත්හිටුවන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතා අද (1) පැවසීය. 01 September 2023
එකට කා බී පහරදී මරලා අගලවත්ත මහගමමුදුන ග්‍රාම නිලධාරි වසමේ නිවසක් තුළ බීමත්ව ඇතිවූ ආරවුලක් මත සිදු කළ පහරදීමකින් පුද්ගලයෙකු මිය ගොස් ඇතැයි අගලවත්ත පොලිසිය පවසයි. 01 September 2023
තවත් ඝාතනයකට දෙකක් මාට්ටු බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවතේ දී යතුරුපැදියකින් පැමින පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්දීයේ මහ මොලකරු ඇතුලු දෙදෙනකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි. 01 September 2023
ඉන්ධන QR ඉවරයි ඉන්ධන බෙදා හැරීමේ පහසුව සඳහා පනවා තිබූ QR ක්රමෝපායෙන් ඉවත් වන බව විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා අද පැවැසීය. 01 September 2023
නීති විද්‍යාලයේ සල්ලි හිදී අර්බුදයක නීති විද්‍යාලය සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් නොකෙරෙන හෙයින් මුදල් අය නොකර විද්‍යාලය තවදුරටත් පවත්වාගෙන යෑමේ ලොකු අර්බුදයක් පවතින බව එහි විදුහල්පතිවරයා අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී ප්‍රකාශ කළේය. 01 September 2023
කෙහෙළියගේ විශ්වාසභංග විවාදය ලබන සතියේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය ලබන සතියේ 6,7 සහ 8 යන දින තුනේදී පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (1) තීරණය කළේය. 01 September 2023
ත්‍රීරෝද රථ ගාස්තුව පාකරයි පෙට්‍රල් ලීටරයක මිල ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 13 කින් ඉහළ දැමීමට සාපේක්ෂව ත්‍රීරෝද රථ ගාස්තු සම්බන්ධයෙන් ත්‍රීරෝද රථ රියදුරන්ට ප්‍රකාශයක් නොකරන බවත් ජනතාවත් සහ රියදුරාත් රැකෙන ආකාරයට ගාස්තු අයකරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටින බවත් සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා ‘ලංකාදීප’යට පැවසීය. 01 September 2023
‘සිනොපෙක්’ ඉන්ධන තවත් රු. 3ක් අඩුවෙන් ‘සිනොපෙක්’ සමාගමේ තව දුරටත් ‘සිපෙට්කෝ’ ඉන්ධන මිලට වඩා රුපියල් 3ක් අඩුවෙන් ඉන්ධන අළෙවි කරන බව එම සමාගම පවසයි. 01 September 2023
අයි.ඕ.සී. ඉන්ධන මිලත් ‘සිපෙට්කෝ’ට සම කරයි ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ (සිපෙට්කෝ) මිලටම ඉන්ධන අළෙවි කිරීමට ලංකා ඉන්දියන් ඕයිල් සමාගම (එල්.අයි.ඕ.සී.) තීරණ්ය කර තිබේ. 01 September 2023
ප්‍රා.ලේ. කොට්ඨාස 10 කට නායයෑමේ අවදානමක් වැසි සහිත කාලගුණය පිළිබඳව අවදානය යොමු කර කළුතර, කෑගල්ල සහ රත්නපුර යන දිත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10 කට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. 01 September 2023
ආධුනික නාවික සෙබලා ඇදවැටී මරුට පූනෑව නාවික හමුදා කඳවුරේ ශාරීරික අභ්‍යාස වල නිරත ව සිටි ආධුනික සෙබළකු හදිසියේ රෝගාතුර වී බිම ඇද වැටී වව්නියාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පූනෑව පොලිසිය පවසයි. 01 September 2023
උසස් පෙළ ප්‍රතිඵල ලබන සතියේ අපොස උසස් පෙළ විභාගයේ (2022) ප්‍රතිඵල ලබන සතියේ නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 01 September 2023
ලක්ෂ 25ක කරවල සොරාගෙන වත්තල-මාබෝල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය කරවල අපනයන සමාගමක දොර කඩා ඇතුළු වී එහි තිබූ රුපියල් ලක්ෂ 25 මෝර කරවල තොගයක් සොරාගෙන ගොස් ඇතැයි මහ බාගේ පොලිසිය පවසයි. 01 September 2023
බස් ගාස්තු ඉහළ යයි? ඩීසල් ලීටරයක මිල රුපියල් 35 කින් ඉහළ දැමීමට ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට තීරණය කිරීමත් සමග බස් ගාස්තු ඉහළ දැමීමට බොහෝ දුරට සිදුවිය හැකි බව ජාතික ගමනාගමන කොමිසම උසස් නිලධාරියෙක් පැවැසීය. 01 September 2023
වැටලීමට ගිය සුරාබදු නිලධාරින්ට පහරදීමක් මත් ද්‍රව්‍ය වැටලීමකට ගිය සුරාබදු නිළධාරීන් දෙදෙනකුට පහරදී තියුණු ආයුධයකින් පහරදි ඇතැයි මතුගම පොලිසිය කියයි. එක් නිලධාරිකයකු තුවාල ලබා රෝහල් ගත කර ඇත. 01 September 2023
ලක්ෂ 80 ඇම්බර් සමග තුනක් මාට්ටු රුපියල් ලක්ෂ 80කට විකිණීමට ගෙනා සංරක්ෂිත මුහුදු තල්මසුන්ගේ වමනය, හෙවත් ඇම්බර් යනුවෙන් හදුන්වන කිලෝ 02 ග්‍රෑම් 646 ක් බරින් යුත් කොටස් තුනක් ඒවා ළඟ තබාගත් විශ්‍රාමික ආබාධිත හමුදා සෙබලකු ඇතුළු තිදෙනකු නැදගමුව කෙහෙල්බද්දර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 01 September 2023
වසර 12කට පසු මාට්ටු වූ ඝාතකයා තියුණු ආයුධවලින් කපාකොටා තරුණයකු ඝාතනය කළ ඝාතකයකු වසර 12 කට පසු හෝටලයක වැඩ කරමින් සිටියදී අත්අඩංගුවට ගත්බව දොඩංගොඩ පොලිසිය පවසයි. 01 September 2023
පළාත් දෙකකට දිසා දෙකකට තද වැසි දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 01 September 2023
ඒ.එස්.පී.ගේ පොකැට්ටුවටත් විදලා කැළණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට ඉකුත් දා පැවැත් වු අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල බලමණ්ඩලයේ විරෝධතා ස්ථානයේ රාජකාරියට ආ කැලණිය දිස්ත්‍රික් (2) සහකාර පොලිස් අධිකාරී මහින්ද විල්ලොරආරච්චි මහතාගේ පොලිස් නිල හැඳුනුම්පත හා බැංකු කාඩ්පත් ඇතුළු ලිපි ලේඛන අස්ථානගත වී ඇතැයි කිරිබත්ගොඩ පොලිසිය පවසයි. 01 September 2023
වැල්ලම්පිටියේදී රෝද තුනේ රියැදුරු ඝාතනයේ තොරතුරු එළියට වැල්ලම්පිටිය කිත්තම්පහුව ප්‍රදේශයේදී ත්‍රිරෝද රථ රියැදුරකු ගේ හිසට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය ඩුබායි රටේ සැඟව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන බ්ලූමැන්ඩල් රවී නැමැත්තා විසින් මෙහෙය වූ එකක් බවට අනාවරණය වූ බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි . 31 August 2023
තෙල් මිල ආයෙත් නගී සියලුම ඉන්ධන වර්ගවල මිල ඊයේ (31) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පැවසීය. 31 August 2023
ශ්‍රී ලංකාව කඩුලු 5 කින් ජයගනී ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මෙරට තරග ආරම්භ කරමින් පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේදී අද (31) පැවැති තරගයේදී (දිවා/රාත්‍රී) ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 5 කින් බංග්ලාදේශය පරාජය කිරීමට සමත් වූහ. 31 August 2023
ඉන්දීය ආරක්ෂක විද්‍යාලය සහ ශ්‍රී ලංකා සම්බන්ධතාවට වසර 50යි ඉන්දීය ජාතික ආරක්ෂක විද්‍යාලය සහ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව අතර 50 වසරක සම්බන්ධතාව සමරමින් කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා විශේෂ උත්සවයක් පැවැත්වීය. 31 August 2023
ලයිසියම් ජාත්‍යන්තර පාසල පරිසරය රැකීමට නව පිම්මක් පනී ගෝලීය උණුසුම සහ අනපේක්ෂිත ගංවතුර තත්ත්වයන් පාලනය කිරීමට නම් ගෝලීය වශයෙන් පරිසරය පිළිබඳව දැණුවත් කරන පරපුරක් නිර්මාණය කිරීමට පාසල් අධ්‍යාපනට සුවිශේෂී වගකීමක් පැවරී ඇතැයි තමා විශ්වාස කරන බව ශ්‍රී ලංකාවේ සහකාර ඉන්දීය මහ කොමසාරිස් වෛද්‍ය අතීරා එස්. මහත්මිය පැවසුවාය. 31 August 2023
පොලොන්නරුවට වතුර දෙන්න මහවැලි ගඟ හරස් කරයි පොලොන්නරුවේ පානීය ජල අර්බුදයට විසැඳුම් ලබා දීම සඳහා වැලිකොට්ට දමා මහවැලි ගඟ හරස් කිරීමට අද කටයුතු කළේය. 31 August 2023
අලි ඇතුන් මෙන්ම පුරාණ සිරිත් රැකිය යුතුයි අලි ඇතුන් ආරක්ෂා කළයුතු බව තමා ද පිළිගන්නා නමුත් පෞරාණික චාරිත්‍ර ද ආරක්ෂා කර ගනිමින් ඉදිරියට ගෙන යා යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහනුවර දී පැවසීය. පෙරහරට හීලැ අලි ඇතුන් ලබා ගැනීම ඇතුළු මතුව ඇති ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට කටයුතු කළයුතු බවද ජනාධිපතිවරයා කීය. 31 August 2023
එහේ සැප බස් තිබුණත් අපට එහෙම නෑ පොලොන්නරුවේ ගම් රැසකට දරුවවෝ පාසල් බසයක් නොමැතිව දැඩි ලෙස අසරණ තත්ත්වයට පත්ව සිටිති. 31 August 2023
සාමයේ පාගමනේ තෙවැනි දිනය අදයි ‘එහිපස්සිකෝ‘ සාමයේ පා ගමනේ තෙවැනි දිනය අද (23) ඓතිහාසික මාතලේ අලුවිහාරයේ රජමහා විහාර පරිශ්‍රයෙන් ඇරඹිණි. අද දිනයේදී සාම පාගමන ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව බලා පිටත්වේ.. 23 April 2026