(ෂේන් සෙනෙවිරත්න)
අනුන්ගේ වත්තකින් පුවක් වල්ලක් කැඩිමට ගොස් ඇද වැටී මියගිය පුද්ගලයකුගේ මරණය සම්බන්ධයෙන් පැවැති මරණ පරික්ෂණයේදී මියගිය පුද්ගලයා දින දෙකක් තිස්සේ කුසගින්නේ සිටි අයකු බවට මහනුවර ජාතික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ඒ.පී. ජයසූරිය මහතා අනාවරණය කර ඇත.
මෙසේ මියගොස් ඇත්තේ ගම්පෙළ නාඋල්ලේ පදිංචි 30 හැවිරිදි අවිවාහකයෙකි.
කඩුගන්නාව නාවුල්ල ප්‍රදේශයේ ඉඩමකට ඇතුළු වී හොර රහසේ පුවක් ගසකට නැග පුවක්වල්ලක් සොරකම් කිරීමට උත්සාහ කිරීමේදී සැකකරු එම පුවක් ගසෙන් ඇද වැටී පෙරේදා (13) මියගියේය.
ආහාරයක් නොමැති නිසා පුවක්වල්ල කැඩීමට යන්නට ඇතැයි සැක කෙරේ.
මියගිය අය පුවක් ගසකට නගිමින් සිටියදී එසේ ඇද වැටී මිය ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ .
කාත්කවුරුත් නැති මොහුට ස්ථීර ආදායක් නොමැති බව ද මරණ පරීක්ෂණයේදී ඔහුගේ ඥාතීන් පවසා ඇත.
පුවක් ගසෙන් වැටීමෙන් සිසුම්නාවට දැඩි හානි සිදුවීම නිසා මෙම මරණය සිදුව ඇතැයි ද මරණ පරික්ෂණයේදී අනාවරණය විය.
2025 දෙසැම්බර් මස 18
240
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
175
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
981
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බඩගින්න නිවා ගන්න හොරෙන් පුවක් කඩන්න ගිහින් ගහෙන් වැටී මරුට
Nihal Sunday, 14 January 2024 07:04 PM
හරිම කණගාටුයි,කාත්කව්රුත් නැති බව ඤාතීන් පවසයි,රටෙන් අඩක්ම කුසගින්නේ
චන්දන Sunday, 14 January 2024 07:31 PM
ඉතාමත්ම ශෝචනීයයි. පාලකයන්ගෙන් අහන්න තියෙන්නේ දැන් හරිද කියලා. ඔබ නැවතත් මේ කාලකණ්නි ඉන්න භූමියේ නොඉපදේවා...!
pjMonday, 15 January 2024 02:58 AM
කාත් කවුරුවත් නැත්නම් ඥාතීන් කියන්නේ කවුද. මීට කළින් කපපු කසෙල් කැන් මිලදී ගත්තේ කවුද?. බඩගින්නෙ හිටියත් නැතත් හොරා හොරා මයි. සුදු හුණු ගාල තමන්ගේ තුච්ච ගඳ ගහණ දේශපාලන ඉලක්ක වල ට යාම හිරිකිතයි.
මහින්දයියාහ්Monday, 15 January 2024 04:37 AM
පාලකයන්ගෙන් අහන්න තියෙන්නෙ දැන් හරිද කියලා නොවෙයි දැන් ෂැපද කියලා තමයි
අප්පුහාමි Sunday, 14 January 2024 07:32 PM
දින දෙකක් නොවෙයි, එකක් කුසගින්නේ හිටියත් පුවක් ගහකට නගින්න බැහැ.. මේවා රටේ පාලකයින්ට තේරුම් ගන්න බැහැ. මේවාට හේතුවක් හිතාගන්න ඔවුන්ට බැහැ... සාමාන්‍යයෙන් සජිත් කියනවා වගේ හොරාකාපු සල්ලි ගන්න පුළුවන් නම් ඒවා උසස් අධ්‍යාපනය නැතුව රැකියා පුහුණුවක් නැතුව පාසල් හැරයන පිරිස්වලට රැකියා දීමට / පුහුණුව සඳහා පසු විපරමක් සහිත සැලසුම් කරන්න හැකියාව ඇත්නම් ඉතාමත් හොඳයි...
Pradeep Kumara Monday, 15 January 2024 08:21 AM
අවුරුදු 30ක තරුණයෙක් දින දෙකක් තිස්සේ කුසගින්නේ.. අහෝ රටට ගිය කල. පාලකයිනි තොපට ශාප වේවා...
නිසංජන Monday, 15 January 2024 02:52 PM
මේ තරුණයට බැරි උනාද රැකියාවක් කරන්න. අධ්‍යාපන සුදුසුකම් මදිනම් ඒත් මොකක් හරි දෙයක් කරන්න පුළුවනේ.අසල්වැසියෙක්වත් හිටියේ නැද්ද කෑම ටිකක් දෙන්න. .ඔබට නිවන්සුව ලැබේවා.