(ජේ.ඉඳුරුවගේ )
මෙවර අ.පො.ස.උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව දෙවන ප්‍රශ්න පත්‍රය නැවත පැවත්වීමේ විශේෂ විභාගය එලඹෙන පෙබරවාරි පළමුවැනිදා පෙරවරු 8.30 සිට 11.40 දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
විභාග දෙපාර්තමේන්තුව විසින් අවලංගු කරන ලද ඉකුත් 10 දා පෙරවරුවේ පැවත්වූ කෘෂි විද්‍යාව දෙවන පත්‍රය වෙනුවට නව ප්‍රශ්න පත්‍රයක් ලබා දීම වෙනුවෙන් මෙම විශේෂ විභාග අවස්ථාව පැවත්වේ.
ඒ අනුව මෙම මස 31 දිනට අවසන් වීමට නියමිතව තිබූ 2023(2024) උසස් පෙළ විභාගය පෙබරවාරි 01 දායින් අවසන්වන අතර සියලු විභාග මධ්‍යස්තාන එදිනද සාමාන්‍ය පරිදි පැවත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්කොල පටන් ගන්නෙ 2දා ද, 5 දා ද?