
(රංජිත් රාජපක්ෂ )
නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ ඉතිහාසයේ ප්‍රථම වතාවට කැරට් කිලෝවක තොග මිල ඊයේ (13) දින රාත්‍රියේ සිට රු 1000-1100 අතර මිලකට අලෙවි වු බව නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.
ඒමෙන්ම චීන ආහාර සදහා උපයෝගි කර ගන්නා බ්‍රකෝලි ඇතුළු අනෙකුත් එලවළු වර්ග වල කිලෝවක මිල රු 7000 දක්වා ඉහල ගොස් ඇති බව ද ඒ් මහතා පැවසීය.
නුවරඑලිය ප්‍රදේශයේ එලවළු කරන ගොවින්ගෙන් කැරට් කිලෝවක් රු 900 ක් වැනි තොග මිලට ලබාගත් බවත්, එසේ ලබාගත් කැරට් නිසි ප්‍රමිතියෙන් තොර බව නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙලෙදුන් කියා සිටියේය.
ලික්ස් , බිට්රුට් , ගෝවා කිලෝවක් රු 450-500 අතර තොග මිලකට අලෙවි කරන බවත්, බෝංචි සහ මාළු මිරිස් කිලෝවක් රු 750-800 අතර තොග මිලකට අලෙවි කරන බවයි වෙලෙදුන් කියා සිටියේ.
තවද අමු මිරිස් කිලෝවක් රු 1600 , රාබු කිලෝවක් රු 350 වැනි මිලයකට අලෙවි කරන බවද වෙලෙදුන් කියා සිටියේය.
මිට සති දෙකකට ප්‍රථම කැරට් කිලෝවක් නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානය තුල රු 350-400 අතර මිලකට අලෙවි කල බවත්, චීන ආපන ශාලා සදහා භාවිතා කරන බ්‍රකෝලි කිලෝවක් රු 750 වැනි මිලකට අලෙවි වු බවද වෙලෙදුන් කියා සිටියේය.

2025 දෙසැම්බර් මස 18
240
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
175
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
981
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නුවරඑළියේ කැරට් කිලෝවක් 1100 යි
චන්දන Sunday, 14 January 2024 05:53 PM
ජයවේවා ! අරගලය මතක් වෙනව..