
(රංජන් කස්තුරි)
කැලණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් ඩිලෝමා පාඨමාලාවක දේශනයකට ආ ප්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතාට දේශනය අවසන් කර ආපසු යද්දී යද්දී සිසුන් පිරිසකගෙන් දැඩි විරෝධයක් එල්ල වූහ.
ඩඩ්ලි සිරිසේන මහතා දේශනය අවසන් කර විශ්ව විද්‍යාලයෙන් පිටව යද්දී ඔහු ගමන් ගත් මෝටර් රථය නතර කළ සිසුහු ඔහුට බැන වැදී ඔහුට විරෝධය දැක් වූහ.
ඩඩ්ලි සිරිසේන මහතා විශ්ව විද්‍යාලයට ගෙන්වීමට නුසුදුසු බව ද ඔහුට දේශන පැවැත්වීමට සුදුසුකම් නැති බව ද පවසමින් සිසුන් පිරිසක් මෝටර් රථය වටකර ගෙන ඇත.
එම ස්ථානයට ආ ආචාර්යවරුන් පිරිසක් සිසුන් සමග සාකච්ඡා කර ඩඩ්ලි සිරිසේන මහතා ඉවත් කර හැරිමට මහතා පරිශ්‍රමයක් දරූහ.
මේ සම්බන්ධයෙන් ඩඩ්ලි සිරිසේන මහතා කියා සිටියේ සුළු සිසුන් පිරිසකගේ විරෝධයක් බවත් එය එතරම් ගණන් ගත යුතු නැති බව ප්‍රකාශ කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කන්න නැති රටේ දරුවන් මන්දපෝෂණයට ඇද දැමූ සහල් මාෆියාවේ පිංපියා..
ප්‍රථමයෙන්ම දේශකයාගේ අධ්‍යාපන සුදුසුකම් කාටහරි කියන්න පුලුවන්ද ?නිසි උගත්කමක් නොමැති නම් .මොහුට ආරාධනා කලේ කවුද හා ඔහුගේ හෝ ඇයගේ අධ්‍යාපන සුදුසුකම් ?තෙවනුව මොහු දේශනය පවත් වූ විෂය ?
මොහුගේ දේශනය පටිගතවී ඇති. ඒ අදහස් හා මොහුගේ සැබෑ ක්‍රියාකලාපය විශ්ලේෂණය කොට විවේචනය කළේ නම් මොහු තීරණාත්මකව පරාජය වනු ඇත. ඊට ප්‍රධාන නාලිකා සහ පුවත්පත් ඉඩ ලබා දිය යුතුය.
විශ්ව විද්‍යාලයකට , පාසලකටවත් දේශනයක් සඳහා ගෙන්වීමට තරම් පිළිගැනීමක් නැති මොහු කැලණිය විශ්ව විද්‍යාලයට පශ්චාත් උපාධි පාඨමාලාවකට දේශනයකට ගෙන්වීමට තීරණය කල මොලකරුවා සොයා දෙන්න
මෙයා විශ්ව විද්‍යාල සිසුන්ට මොනවද කියලා දෙන්නේ...? අඩුවට ගොවියාගෙන් වී මංකොල්ලකාලා වැඩි මිලට හාල් විකුණන ක්‍රමය ගැනද...? සිසුන් කියන කතාව හරි... මෙයා දේශනවලට ගෙන්නුවේ කවුද..? එයාට කීරි සම්බා කොච්චර ලැබුණාද?
සුළු පරීක්ෂකට හරි කොන්දක් තිබ්බා නම් ඒක ගැන සතුටුයි. ඩඩ්ලි සිරිසේන වගේ සදාචාරාත්මක නොවන මාර්ගවලින් දියුණු වෙච්ච මිනිස්සු ගෙනැල්ලා දේශන තියනවා නම් ඒ ඩිග්‍රිඑකෙන් වැඩක් තියෙනවද සැකයි.
එතන තියෙන්නේ පුහු මාන්නය සහ ඊර්ෂ්‍යාව . ඒ මනුස්සයා දියුණු වූ ආකාරය කාටත් හොඳ පාඩමක්. ඒ වා දැනගන්න එක පොත්වල ඇලිලා ඉන්නවට වඩා වැදගත්.වෙයි.
ඕක ඩඩ්ලි එක්ක නෙවේ, ඔහුට ආරාධනා කරපු එක්කෙනත් එක්ක බේරා ගත යුතුයි. ඩඩ්ලි ඔතනට බලෙන් ගියේ නැහැනේ.
තමන්ගේ මතය වෙනුවෙන් සටන් කරන්න. ඒත් අනිත් අයගේ මතයටද ඉඩදෙන්න.
හිතවත් මිතුරනි. ඇයි ඔයාලා දේශන පවත්වන්න පෙර මෙයාට විරුද්ධව නොවේ... අවසානයේ විරුද්ධ වෙන්න උත්සාහ කළේ... මොන දේ වුණත් කළ දේ හොඳයි. පන්නමු..
ඩඩ්ලි සිරිසේනට සාමාන්‍ය පෙලවත් තියෙනවද දන්නෙ නෑ. කොහොමත් විශ්ව විද්‍යාලයක සිසුන්ට දේශන පැවැත්වීමට අවම වශයෙන් ප්‍රථම උපාධියක්වත් තිබිය යුතුයි.මූලධර්ම නොදැන නිකම්ම ප්‍රායෝගිකව දේවල් පමණක් කතාකිරීම දේශනයක් වශයෙන් පිලිගත නොහැක. එය හුදෙක් කතා පැවැත්වීමක් පමණයි.
අපරාදේ මාකදුරේ මඳුෂ් නැති වෙන්න කලින් දේශනයකට ආරාධනා කරන්න තිබුණේ. ඒ කුඩු ව්‍යාපාරික දැනුම ලබාගන්න තිබුණු අවස්ථාව නැති උනා.
වී ගොවීන්ට කෙළවපු හාල් මාෆියා කාරයා. උගත් හරිහමන් කෙනෙක් හිටියෙම නැද්ද.
අසරණ ගොවියන්ගේ වී ටික කුණු කොල්ලෙට අරන් අසාධාරණයෙන් මුදල් හම්බ කරපු මේ මිනිහා දැන් රටේ ලොක්කෙක් කියලා හිතාගෙන ඉන්නේ
විශ්වවිද්‍යාල කියන්නේ විධිමත් අවිධිමත් අදහස් හුවමාරු වෙන තැනක්. ඒකට පක්‍ෂ විපක්ෂ විතරක් නොවේ විවිධ ක්ෂේත්‍රවල දැනුම සහ අත්දැකීම් තියෙන අයගේ සහයෝගය ලබාගත යුතුයි. ඉස්සර එහෙම තිබ්බා. නමුත් දැන් ලංකාවේ ජාතික විශ්වවිද්‍යායවල් තත්ත්වය ශෝචනීයයි. තමන් කැමති දේශපාලන හෝ අදහස් වලට පමණක් ඉඩදෙන ලෝකය ගැන හිතන්න බැරි පිරිසක් විශ්වවිද්‍යායවල සිසු බලය අරගෙන කරන්නේ පොදු ශිෂ්‍යාට අසාධාරණයක්. ඒකයි ජාතික විශ්වවිද්‍යාල පස්සට ගිහින් පුද්ගලික විශ්වවිද්‍යාල ඉදිරියට එන්නේ. ඒකේ වගකීම ඔය විරෝධතා දක්වන ශිෂ්‍ය කණ්ඩායම් භාරගත යුතුයි.
ගහලා නැතිද ? ඕකවත් ඇතුලට දාලා කාර් එක ගිනිතියන්න තිබුනේ.කාලකන්නි හාල් හොරා .
වී ගොවියට ඇරපු කෙනා.මෙයා ළගදී යුරෝපීය රටකට ආවා.රට සවාරි යන්නේ ,ලන්කාවේ හෝටල් හැදුවේ දුප්පත් ගොවියාගේ දහඩිය මහන්සිය හූරගෙන කාලා..ලන්කාවේ කොල්ලො නියමයි.
කවුද ඕයි තමුසෙට මෙතනට එන්න ඉඩ දුන්න අව ජාතකයා
මෙයා වැඩිපුර ඉන්නේ කැසිනෝ ශාලා වල
මුං සරසවි සිසුන් ද හිඟන්නෝද? අපේ ගමේ පොල් කඩන එවුන් මිට වඩා පිළිවෙළයි. උගත් කම කොහෝද තියෙන්නේ.
ඩඩ්ලි ලොක්කා ඔහේ අහවල් කෙන්ගෙඩියකටද කැලණිය විශ්වවිද්‍යාලයට ගියේ? ඔය විශ්වවිද්‍යාලවල ඩිග්රි ගහන කොයි ගොයියාත් අන්තිමට සහතිකේ උස්සන් එන්නේ ඔබ වැනි, විශ්වවිද්‍යාලයක පස් පාගපු නැති, ව්‍යාපාරිකයෝ ළඟට. එහා පාරේ දෙමළ සුරුට්ටු කඩේ එකවුන්ට්ස් හදන්නේ qualified accountant කෙනෙක්. බණ්ඩාරනායක මහතා විශ්වවිද්‍යාලයට ඇතුලත් වීමට තිබුන ඉංග්‍රීසි අනිවාර්ය බාධකය ඉවත් නොකලානම් විශ්වවිද්‍යාල්වල වැදගත් සංවර සිසුන් කොටසක් දකින්නට තිබුනා.
කුලපති අදක්ෂ වූ විට ඔහු අවම වශයෙන් බුද්ධිමතුන් හෝ බුද්ධිමත් තමාට මඳක් ඉහළින් සිටින මිනිසුන් ගෙන ඒමට උත්සාහ කළ යුතුය.
විරෝධේ පෑවා වගේ නෙමෙයි ,පහුවෙලා ඩඩ්ලි ලාගේ මෝලේ රස්සාව නම් ලැබෙන එකක් නැහැ .පාරේ විරෝධතා දාන්න තමයි වෙන්නේ රස්සා දියව් කියලා.මොකද මේගොල්ලෝ ව්‍යාපාරිකයෝ වෙන්නේ නැහැනේ ?ඒත් ඉතින් ඩඩ්ලිට වඩා හොඳ කෙනෙක් ඔය දේශනයට උන්නෙම නැද්ද ?
ගොවියා සූරා කෑම සහ මසුරන් සොයන හැටි ගැන දේශනය
මෙයාගෙ දේශනේ සාරාංශය පොලොන්නරැවෙ ගොවියෝ අවුරැදු 20 30 වි වගා කලා. මම ඒවා ගොයම් කැපෙන කාලෙට සැපයුම වැඩි කියලා තුට්ටු ෙදකට ගත්තා. ඒවා ගබඩා තරගත්තා. ඉට පස්සෙ ගෙයං කැපෙන් නැති කාලෙට දැං වි සැපයුම අඩුයි කියලා අර තුට්ටු දෙකට ගත්ත වි ටික හාල් කරල වැඩි මිලට වික්කා. දැං මම bmw එකක යනවා. අචුරැදු 20. 30. ගෙවිතැන් කරපු එකා කන්ඩ නැතිව හිගා කනවා.
විශ්ව විද්‍යාල වලට වයවසායකයෝ ගෙන්නුවට කමක් නෑ . හොර මුදලාලි ගන්න එපා.
කෙනෙක් තමන් සතු දැනුම හැකියාව අනිත් අය සමඟ බෙදා ගන්නයි ඩඩ්ලි මහතා පැමිණියේ. සිසුන් කළ යුත්තේ ඔහුගේ දැනුමෙන් තමනට ගතහැකි බිඳක් හෝ ඇත්නම් එය අවශෝෂනය කර ගැනීමයි. විධිමත් අධ්‍යාපනයක් නො ලද දැනුමැති හා හැකියාවැති පිරිස් අප රටේ කොපමණ සිටිනව ද?
බොහෝ විශ්ව විද්‍යාල උපාධිධාරීන් සමකාලීන සමාජය තුළ ඵලදායී නොවන ලෙස සැලකෙන අතර එයින් රජයේ අංශයේ පිරිහීමක් සිදුව තිබේ. සංවර්ධිත රටවල ඕනෑම පැත්තකින් සාර්ථක පුද්ගලයන්, බොහෝ විට ඔවුන්ගේ උපදෙස් හා විශේෂඥ දැනුම සොයයි.