(ජේ ඒ. එල්.ජයසිංහ සහ ෂේන් සෙනෙවිරත්න)
සංවිධානාත්මකව බුදු දහම පිළිබඳව සාවද්‍ය මතවාද ජනගත කරමින් බුද්ධ දර්ශනයේ හරපද්ධතින්ට හානි කරන පුද්ගලයන්ට එරෙහිව වහා නීතීය ක්‍රියාත්මක කරන්නැයි මල්වතු අස්ගිරි මහානායක හිමිපාණන් වහන්සේලා ඇතුළු ත්‍රෛයි නිකායික මහානායක ස්වාමීන් වහන්සේලාගේ අත්සනින් යුතුව ජනාධිපති රනිල් විකුුමසිංහ මහතා වෙත ලිපියක් යවා තිබේ.
තිබ්බටුවාවෙි ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහානායක හිමි, වරකාගොඩ ශ්‍රී ඤණරතන අස්ගිරි මහා නායක ,මකුලෑවේ විමලානන්ද ශ්‍රී ලංකා රාමාඤ්ඤ මහා නිකායේ මහනාකය,සහ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා සංඝ සභාවේ සභාපති කරගොඩ උයන්ගොඩ මෛත්‍රි මුර්ති යන මහා නාහිමිවරුන මෙම ලිපියට අත්සන් තබා ඇත .
එම ලිපියේ පිටපත් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතී.විජයදාස රාජපක්ෂ,බුද්ධ ශාසන අමාත්‍ය විදුර විකුුමනායක සහ බුද්ධ ශාසන අමාත්‍යාංශ ලේකම්වරයා වෙතද යොමු කර ඇත.
එම ලිපිය පහතින්


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇති යන්තම් ඇහැරිලා
නීතිමය පැත්තෙන් මෙන්ම සාමාන්‍ය ජනතාවද නිර්මල බුද්ධ වචනය ගැන සහ දර්ශනය ගැන අවබෝධයෙන් සිටිය යුතුය. එසේ අවබෝධයෙන් සිටින්නේ නම් N.G.O . කාරයින් කියන මුසාවන්ට හසු නොවනු ඇත.
මිනිස්සුන්ට කන්න නැති වෙද්දී ,බෙහෙත් නැති වෙලා මිනිස්සු මැරෙද්දී ,මේ කාලකන්නි හිටියේ කොහෙද ?
බුදුදහම බේරාගත යුත්තේ සුමධුර සහ කාලින බණ දෙසන උන්නාන්සේලාගෙන් සහ ඒ බණට එහෙයි කියන මුග්ධ බෞද්ධයින්ගෙන් බව සියලුම දෙනාට වැටහේවා...!
අර රා බොන වීඩියෝ එකේ ඉන්න අය ගැන මහනයකවරුන්ටම තීරණයක් ගන්න පුළුවන් නේද?
මේ ලෝකයේ " සියලුම ආගම් " නැතිවුනානම් සමහර විට මිට වඩා ලස්සන වෙන්න තිබුනා. එකිනෙකාට විරුද්ධව සැකය ,ඉර්ශාව,ක්‍රෝධය,වයිරය වපුරලා යුද්ධ නිර්මාණය කලේ ඔය ආගම් කියන යක්ෂයා !!!
බුදු දහමේ බේරා ගැනීමට දෙයක් නැත. මහානායක හිමිවරු ඇතුළුව හාමුදුරුවරුන් බුදු දහම හරියට අනුගමනය කරනවා නම් ඒ තුලින් ඉබේම ආරක්ෂා වෙනවා.
එහි භාරකරුවන් තම කාර්ය උපරිමයෙන් ඉටු කර, ධර්මය හොඳින් පුරුදු කර නිසි ලෙස හැසිරෙන්නේ නම් කිසිදු ආගමකට අධිකරණ හා නීතිමය ආරක්ෂාවක් අවශ්‍ය නොවේ. බුදු ස්වාමීන් වහන්සේගේ කාලයේදීද බුදු දහම විවේචනයට ලක් වූ අතර ඒ වන විට නීතිමය ආරක්ෂාව පැතුවේ නැත.
ඔය බත් ගිල ,ගිල ඉන්න, එන එන අධම දේශපාලුවන් ට පිරිත් නූල් බඳින, උන්ට කඩේ යන මුග්ධ, අවස්ථාවාදී මහ නායක කියන ගොබිලෝ තමයි මේකට වග කියන්න ඕනේ. දවසක මහ නායකලා ටත් ගහල පන්නන්න මිනිස්සු පෙල ගැහෙයි