(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විශාල පරිසර දූෂණයකට ඉවහල්වන ප්ලාස්ටික් ඉදල් සහ කොසු ආනයනය තහනම් කළ යුතු බව මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීහු පරිසරය, ස්වභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පෙන්වා දුන්හ.
මේ අනුව ඒ සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කරන බව එම කාරක සභාවේ සභාපති ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉංජිනේරු අජිත් මානප්පෙරුම මහතා පැවසීය.
මේ අතර ප්ලාස්ටික් අපද්‍රව්‍ය අවම කිරීම සඳහා ලන්චීෂීට් භාවිතය තහනම් කිරීම සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවද එම ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමුවිය.
මේ අතර ලන්චීෂීට් භාවිතය තහනම් කිරීමට කාරක සභාව මධ්‍යම පරිසර අධිකාරියට නිර්දේශ ලබා දුන්නේය.
ලන්චීෂීට් නිපදවන්නාට ඒ සඳහා අනුගත වීම සඳහා මාස හයක සහන කාලයක් ලබාදීමටද මෙහිදී තීරණය කෙරිණ
2025 දෙසැම්බර් මස 18
240
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
175
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
981
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රට කොස්ස ඉදලට තහනමක්
සිරිල් Sunday, 14 January 2024 11:12 AM
ප්ලාස්ටික් ඉදල්/ කොසු මාසෙටම එකයි. ලංකාවේ දේශීය නිෂ්පාදන සති දෙකයි තියෙන්නේ. තත්ත්වය පරීක්ෂා කරන්නේ නැතුව මෙහෙම ගන්නවා කියන්නේ පට්ට මෝඩ තීරණයක්...
අබිලින් Sunday, 14 January 2024 04:30 PM
සිරිල් කියන්නේ සත්‍යම දෙයක් තමයි.. ඇත්තටම ප්ලාස්ටික් ඉදල කියන්නේ මාස ගණනක් පාවිච්චියට ගන්න පුළුවන් එකක්... ඉරටු යොදාගෙන දේශීය නිෂ්පාදන කියන්නේ සතියකට නැත්නම් වැඩිම වුනොත් දෙසතියකට පාවිච්චියට ගන්න පුළුවන් එකක්, මිලේ වෙනසත් එතරම් වෙනසක් නැහැ... ඒත් දැන් නම් සතියකට, දෙකකට වඩා පාවිච්චියට ගන්න බැරි තත්වයේ එවාත් නැහැ කියන්න අමාරුයි. අපි පාසල් යද්දී අත්වැඩට සැකසූ කොසු, ඉදල් වලටත් වඩා අන්ත බාල තත්වයට කොසු ඉදල් හැදීම නවතා ඔය තීරණය ගන්නවා නම් හොඳයි...
Bamunuarachchi Monday, 15 January 2024 03:42 AM
සිරිල් ඔහේගේ ආච්චිගෙ කාලේ පාවිච්චි කලෙත් පළාස්ටික් කොසුද? ආච්චි ඉන්නවා නම් කොස්සෙන් ගහන කතාවක් ඔබ කිව්වේ.
Pradeep Kumara Sunday, 14 January 2024 02:13 PM
බොහෝ ප්‍රමාද වී හෝ ගනු ලැබූ අතිශය වැදගත් තීරණයක්...