(යොහාන් භාසුර)

මෙවර අපොස උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යා පළමු ප්‍රශ්න පත්‍රය ද පිටවී ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ පරීක්‍ෂණයකින් අනාවරණය වී ඇති බව විභාග දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

කෘෂි විද්‍යා පළමු ප්‍රශ්න පත්‍රයේ බහුවරණ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 50 න් 16 ක් ඡායාරූප ගෙන බෙදාහැර ඇති බව ද එහිදී වැඩි දුරටත් අනාවරණය වී ඇතැයි එම නිලධාරියා කීය.