කඩුවෙල අධිවේගී පිවිසුමත් තාවකාලිකව වහයි නොකඩවා ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් කැලණි ගඟ පිටාර ගලා බියගම මාර්ගයේ කඩුවෙල අන්තර් හුවමාරුව අවට ජලයෙන් යටවීමෙන් කඩුවෙල අන්තර් හුවමාරු මධ්‍යස්ථානය තාවකාලිකව වසා දැමූ බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි . 02 June 2024
කොළඹ-නුවර ප්‍රධාන මාර්ගය වහයි කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට ගසක් කඩාවැටීමෙන් මාර්ගය වරකාපොල ප්‍රදේශයෙන් මුළුමනින්ම අවහිර වී තිබේ. 02 June 2024
හොරණ හෝටලයක හිරවූ 85 බේරා ගැනෙති විනෝද වීම සඳහා හොරණ වගවත්ත ප්‍රදේශයේ හෝටලයකට පැමිණ සිටි විවිධ වයස් සීමාවල පුද්ගලයන් 85 කට ආසන්න පිරිසක් මාවක් ඔය පිටාර ගැලීම හේතුවෙන් එම හෝටලය තුළ සිරවීමෙන් නොසිතූ අකරතැබ්බකට මුහුණ දුන්හ. 02 June 2024
රංජිත් මද්දුම බණ්ඩාරට එ.ජා.ප සාමාජිකත්වය පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ අත්හිටවූ පක්ෂ සාමාජිකත්වය යළි ලබාදීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (02) තීරණය කළේය. 02 June 2024
කඩුගන්නාවේ අවදානම් ගල ඉවත් කරයි පහල කඩුගන්නාවේ බැවුමේ ඇති අවධානම් සහිත ගල් කිහිපය ඉවත් කිරීමේ කටයතු ආරම්භ කල බව කෑගල්ල ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ අනුෂ්ක චමිල මහතා පවසයි. 02 June 2024
ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි කෙරේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හා ජලගැලීම් හේතුවෙන් ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම අත්හිටුවීමට පියවර ගෙන ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. 02 June 2024
නෙළුව ලංකාගම ප්‍රදේශයක නාය යාමක් නොකඩවා ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ලංකාගම රත්ත හේන දොළ ප්‍රදේශයේ අද (02) විශාල නාය යාමක් සිදුව තිබේ. 02 June 2024
නෙළුව රෝහලේ රෝගීන් ගුවනින් උඩුගම රෝහලට නෙළුව රෝහලට ඇතුළුවන සියලුම මාර්ග මේ වනවිට ජලයෙන් යටවිමෙන් එම රෝහලේ සිටින සියලුම ගැබිනි මව්වරුන් සහ හදිසි රෝගින් ගුවන් මගින් උඩුගම රෝහල ට මාරු කිරිමට පියවර ගෙන ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි අමිල චන්ද්‍රසිරි මහතා පැවසිය. 02 June 2024
සැකකරු පලා ගියැයි සැරයන්ගේ වැඩ තහනම් අධිවේගී මාර්ගයේ දේපොළ සොරකම් කිරීමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවකු පොලිස් ජංගම රථයෙන් වත්තල පොලිසියට බාරදීම සදහා රැගෙන යමින් සිටියදී අත්අඩංගුවෙන් මිදී පලාගිය බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කටුනායක පොලිස් ස්ථානයට අනුයුක්ත සැරයන්වරයකුගේ වැඩ තහම් කර ඇති බව අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසය පවසයි. 02 June 2024
පොහොට්ටුවේ බියගම සමුළුව අත්හිටුවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බියගමදී අද (2) පැවැත්වීමට නියමිතව තිබූ ආසන සම්මේලනය අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කල්දැමූ බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 02 June 2024
විපතට පත් ජනතාව බේරාගන්න යුද හමුදා කණ්ඩායම් 10 ක් දැඩි වර්ෂාවත් සමග ඇතිවී තිබෙන ගංවතුර තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාව ඉන් මුදවා ගැනීම සදහා යුද හමුදා කණ්ඩායම් 10 ක් පමණ යොදවා ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් රසික කුමාර මහතා පවසයි. 02 June 2024
පාසල් හෙට නිවාඩු පවතින වැසි සහිත කාලගුණ තත්වය නිසා ගංවතුර සහ කඳු නාය යෑම් හේතුවෙන් හෙට දින දිවයිනේ සියලු පාසල් වසා තැබීමට තීරණය කළ බව අධ්‍යාපන බලධාරීහු පවසති. 02 June 2024
බසය කණ්ඩියක ගැටී නතරවී විශාල අනතුරක් වැළකේ බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර නිල්බෝවිල ප්‍රදේශයේ දී අද (2) දහවල් ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ත්‍රීරෝද රථයක ගැටි මාර්ගය අසල ගොඩ ගසා තිබූ පස්කන්දකත් ගැටීමෙන් එක් පුද්ගලයකු බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව හාලිඇල පොලිසිය පවසයි . 02 June 2024
ඇමැති දෝස් මුරයෙන් කැලණි වැලි ලොක්කෙක් සිහි නැතිව රෝහලේ වතුකරය නියෝජය කරනු ලබන අමාත්‍යවරයකුගේ දැඩි දෝෂාරෝපණයට ලක්වූ කැළණි වැලි වතු සමාගමේ ඉහළම නිලධාරියෙකු සිහිසුන්වී රෝහල් ගත කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි. 02 June 2024
දැරිය ඝාතන සැකකරු සොයන්න මහජන සහය පතයි තලේමන්නාරම ප්‍රදේශයේදී පසුගිය පෙබරවාරි මස වයස අවුරුදු නමයයි මාස පහක් වයසැති දැරියක් දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කර සිටියදී බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලා ගොස් සිටින සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මූලස්ථානය මහජන සහාය පතයි. 02 June 2024
අනියම් බිරියට පෙට්‍රල් දමා ගිනි තියලා මවගේ සොහොනට පහනක් පත්තු කිරීම සදහා අනියම් බිරිය කනත්තට කැදවාගෙන ගොස් පෙට්‍රල් දමා ගිනි තැබූ බව කියන අනියම් සැමියකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 02 June 2024
පාසල් විවෘත කිරීමේ බලය පළාත් අධ්‍යාපන බලධාරීන්ට පවතින ජල ගැලීම් සහ අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් හෙට (03) සිට පාසල් වසා තැබීමේ බලය පළාත් අධ්‍යාපන බලධාරීන්ට පවරා ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කර සිටී. 02 June 2024
තායිවාන මලල ක්‍රීඩා උළෙලේදී තරුෂිට-අරුණට පළමු ස්ථාන තායිවාන විවෘත මලල ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලාංකිකයන් වන අරුණ දර්ශන සහ තරුෂි කරුණාරත්න මීටර 400 පිරිමි සහ කන්තා ඉසව්වල පළමු ස්ථාන දිනා ගැනීමට සමත් වූහ. 02 June 2024
චීන යානය සඳට ගොඩබැහැලා සඳෙන් පස් සාම්පල ගෙන ඒමේ අරමුණින්, චීන විද්‍යාඥයන් සඳට යැවූ රොබෝ යානය සාර්ථකව සඳට ගොඩ බෑවේය. 02 June 2024
කොල්ලකරුවෙක් සොරාගත් බඩු සමඟ මාට්ටු පොලිස් නිලධාරීයෙකුට පහරදී ගිනි අවිය උදුරාගෙන රන්භාණ්ඩ වෙළද සැලක් කොල්ල කෑමට සැලසුම් කළ අයෙක් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලීසිය කියයි. 02 June 2024
මාතර ගම් රැසක් යට වෙයි:පහත් බිම්වල ජනතාවට අනතුරු ඇඟවිම් නොකඩවා ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ ද නගර හා ගම් රැසක් යට වී ගමනාගමන කටයුතු ද අඩාල වී තිබේ. 02 June 2024
ගිංගඟ පිටාර ගලයි ධාරාණිපාත වර්ෂාවත් සමඟ ගිංගඟ පිටාර ගැලිම නිසා ගිංගග ඉහළ නිම්නයේ හා පහළ නිම්නයේ පහත්බිම් ඇතුළු මාර්ග රැසක් ජලයෙන් යටවි ඇතිබැව් ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි. 02 June 2024
බස් බස් ගැටී අයෙක් මරුට හතරක් රෝහලට ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස් රථ දෙකක් අද(2) පෙරවරුවේ ගැටී පුද්ගලයෙකු මියගොස් සිව් දෙනකු තුවාල ලබා ඇතැයි පානදුර දකුණ මූලස්ථාන පොලිසිය පවසයි . 02 June 2024
ඇමෙරිකාව මංගල ලෝක කුසලාන ජය ලබයි නවවැනි විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (2) පෙරවරුවේ පැවති පළමු තරඟයේදී සත්කාරක ඇමෙරිකානු පිල කඩුලු 7 කින් කැනඩාව පරාජය කිරීමට සමත් විය. 02 June 2024
අක්කා නඟෝ වතුර වළට බිලි යාපනය,කයිට්ස්,සින්නමඩම ප්‍රදේශයේ අනාරක්ෂිත වතුර වළක වැටී මියගිය ගැහැණු දරුවන් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයාගත් බව කයිට්ස් පොලිසිය පවසයි. 02 June 2024
පැමිණි බසයටම යටවී දෙදරුපියා මරුට පෞද්ගලික බස් රථයකින් කැකිරාවේ සිට මරදන්කඩවල සිය නිවෙසට එමින් සිටි 74 හැවිරිදි දෙදරු පියෙකු මරදන්කඩවල නගරයේදි එම බස් රථයටම යටවි මිය ගොස් ඇතැයි මරදන්කඩවල පොලිසිය කියයි. 02 June 2024
ගම්මිරිස් ආනයනය යන වචනයත් තහනම් මෙරට ගම්මිරිස් අස්වැන්න මෙට්‍රික් ටොන් 30,000 ඉක්මවා ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. 02 June 2024
නිහඬ බහුතරයේ හඬ වෙනුවෙන් එක් වන්න සමීක්ෂණ විද්‍යාත්මක නැතැයි ද නිහඬ බහුතරයේ හඬ නියෝජනය කළ හැකි දේශපාලන ව්‍යාපාරයකට එක්වන්නැයි ද එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 02 June 2024
වෙරළ 28ක් ’’නිල්’’ වෙයි දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දිනාගත් මෙරට වෙරළ තීර 28 ක් නිල්ධජ වෙරළ තීර බවට පත් කිරීමට අවධනය යොමුව ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 02 June 2024
ඇමැති තොණ්ඩමන්ගේ ආරක්ෂකයෝ ගිනි අවි බාරදී පැය කිහිපයකට පසු යළි ගනී ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතාගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරින් තිදෙනෙකු සිය ගිනි අවි තලවකැලේ පොලිසියට භාර දි පැය කිහිපයකට පසු යළි ඇවිත් එම ගිනි අවි යළි බාරගැනීම සිදු කළ බව පොලීසිය කියයි. 02 June 2024
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026