
(දයාරත්න ඇඹෝගම)
සැකකරුවෙක් අත්අඩංගුවට ගැනිමට ගිය අවස්ථාවේදි සිදුවු ගැටුමකින් පුද්ගලයෙකුගේ පහර කෑමට ලක්ව තුවාල ලැබු අනුරාධපුර පොලිසියේ අපරාධ අංශයේ උප පොලිස් පරික්ෂකවරයෙකු, සැරයන් වරයෙකු හා පොලිස් නිලධාරින්ට පහර දුන් පුද්ගලයාද රෝහල් ගත කළ බව අනුරාධපුර පොලිසිය කියයි.
අනුරාධපුර පොලිසියේ අපරාධ අංශයට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරික්ෂක වරයෙක් හා පොලිස් සැරයන්වරයෙකු , අනුරාධපුර පුජා නගරයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ රෝහල් ගත කොට තිබේ.
පහර කෑමට ලක්වු මෙම පොලිස් නිලධාරින් දෙදෙනා සැකකරුවෙකු අත් අඩංගුවට ගැනිම සදහා ඊයේ (24)දින රාත්‍රියේ යමින් සිටියදි අනුරාධපුර පුජ නගරයේ විජයබා මාලිගය ආසන්නයේදි බීමත් පුද්ගලයන් පිරිසක් අතර සිටි පුද්ගලයෙකු පොලිස් නිලධාරින්ට රාජකාරියට බාධා කරමින් කලහකාරි ලෙස හැසිරි ඇති බව පොලිසිය කියයි.
එහිදි ඇතිවු ගැටුමෙන් පොලිස් නිලධාරින් දෙදෙනාත් බීමත් පුද්ගලයාත් තුවාල ලබා ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කොට තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු පාර්ලිමේන්තුවේ ගණන් ගන්නේ නැත්නම් අපි මොකටද පොලිසිය කියන දේවල් වලට අවනත වෙන්නේ ?