

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කුරුඳුවත්ත පොලිසියේ රථ වාහන අංශයේ පොලිස් කොස්තාපල්වරයකුට රුපියල් 1000/= අල්ලස් මුදලක් ලබාදීමට තැත් කිරීම සම්බන්ධයෙන් තීරෝද රථ රියදුරකු අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය කියයි.
කුරුඳුවත්ත බෞද්ධාලෝක මාවතේ රථවාහන රාජකාරී යෙදී සිටියදී ත්‍රී රෝද රථයක් නවතා රථ වාහන වරදක් සම්බන්ධයෙන් නඩුවක් ලබා ගැනීමට යාමේදී දඩපත්‍රයක් නිකුත් නොකරන ලෙසට පවසා රුපියල් 1000/= අල්ලස් මුදලක් ලබාදීමට තැත් කිරීම සම්බන්ධයෙන් රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් රියදුරු වලස් මුල්ල ප්‍රදේශයේ පදිංචි තිස් 38 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු වැඩිදුර විමර්ශන සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂම වෙත භාරදීමට කටයුතු කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
5000 ක් විතර ඉල්ලන්න ඇති .1000 ක් දෙන්නම් කිව්වම මේ අල්ලස් චෝදනාව ගොතලා.අපි නොදන්නා තුට්ටු දෙකේ ලංකාවේ පොලිසිය
අයියෝ දාහත් ගානක්ද ඕයි දහදාහක් දුන්නා නම් වැඩේ ශේප් .දාහක් හිඟන්නෙක්වත් ගන්නේ නැහැනේ
මේ නිව්ස් එක දාන්න තිබ්බේ දවසේ හිනාව තීරුවට .මොකද අපි නොදන්න ඇත්ත කතාව