
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
විපක්ෂයට රැකවරණය දෙන්නේ පාතාලය බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
විපක්ෂය යුක්තිය මෙහෙයුමට දැඩි ලෙස විරුද්ධ වූ බව කී ඇමතිවරයා විපක්ෂය පොලිස්පතිවරයා ඉවත්කිරීම වෙනුවෙන් පෙනී සිටින්නේ ඒ නිසා බව කීය.
පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව පිළිබඳව විපක්ෂනායකවරයා පළ කළ අදහස් සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව කීය.
විපක්ෂය වතු කම්කරු පඩි වැඩිවීම ගැන කතා නොකර පොලිස්පති ඉවත්කිරීමට පක්ෂව කතා කිරීමෙන් විපක්ෂයේ සැබෑ උවමනාව පැහැදිලි වන්නේ යැයිද ඇමතිවරයා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයා වෙනුවෙන් පෙනී ඉන්නේ අහිංසක ,ගුණවත් ,සිල්වත් උපාසකයෝනේ
ඔබතුමා ගැන අපි දන්නව .
කප්පං කාරයන්ට රැකවරණය දෙන්නේ නැද්ද ඔය කියන විපක්ෂය? පාතාලයින්ට විතරද?
ගම්පහ මිනිස්සුන්ට කියන්නේ .මේ පාර වත් මේ වගේ කප්පම් කාරයෝ එවන්න එපා පාර්ලිමේන්තුවට
මෙතුමාට තවත් චන්දෙ දෙන මිනිස්සු ගම්පහ ඉන්නවානේ ?
හරි අපි එහෙම කියමුකො විපක්ෂය ගැන. එතකොට කප්පම්කාරයෝ රකින්නේ කව්ද? අපිට මේකට පිළිතුරක් දෙන්නකෝ
ඉතිං නම් ටිකත් එක්කම කියන්නකෝ...!
කප්පන් කාරයෙක් කතා කරයි .මාමන්ඩියේ නාගරික සංවර්ධන ඇමති .බෑනන්ඩියා ඒකේ සභාපති .නියමයි