සිමෙන්ති රුපියල් 150 කින් අඩු කරයි සිමෙන්ති කිලෝග්‍රෑම් 50 බෑගයක මිල රුපියල් 150 කින් අඩු කළ බව සිමෙන්ති සමාගම් පැවසීය. 03 June 2024
හපුතලේ දී දුම්රිය ඇන්ජිම ගිනි ගනියි කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබූ උඩරට මැණිකේ දුම්රිය හපුතලේ දුම්රිය ස්ථානයේදී පසුපස ඇන්ජීමේ අද (03) හදිසියේ ගින්නක් ඇතිවී තිබෙන බව හපුතලේ පොලීසිය පැවසීය. 03 June 2024
අවමඟුලට ඔරුවෙන් වඩිති දින කිහිපයක් තිස්සේ නොකඩවා ඇඳ හැලෙන මහ වැසි සමඟ මාතර දිස්ත්‍රිකයේ බොහෝ ගම් ගං වතුරෙන් යට වී තිබේ. 03 June 2024
විජයදාසට පැනවූ වාරණය යළි දිග් කරයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වමින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට පැනවූ වාරණය ලබන 14 තෙක් යළි දීර්ඝ කිරීමට කොළඹ අතිරේක දිසා විනිසුරු චමරි වීරසුරිය මහත්මිය අද(3) නියෝග කළාය. 03 June 2024
කළුතර ප්‍රධාන හා අතුරු මාර්ග 15ක් තාවකාලිකව වහයි අයහපත් කාලගුණයෙන් ඇතිවූ ගංවතුර තත්ත්වයට කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 09ක ප්‍රධාන හා අතුරු මාර්ග 15 ක ගමනා ගමන කටයුතු අද (03) දිනයේ සිට තාවකාලිකව සම්පුර්ණයෙන්ම නතර කර දමා ඇතැයි කළුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ එකකය සඳහන් කරයි. 03 June 2024
පීඩාවට පත් ජනතාවට නාවික හමුදාවෙන් සහන අයහපත් කාළගුණික තත්වය හමුවේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා බස්නාහිර, දකුණ සහ සබරගමු පළාත් වෙත අනුයුක්ත කළ නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් පීඩාවට පත් මහජනතාව ආරක්ෂිතව මුදාගැනීම සහ ඔවුන්ගේ එදිනෙදා අවශ්‍යතා වෙනුවෙන් යාත්‍රාවලින් ප්‍රවාහන පහසුකම් හා ආපදා සහන සැලසීමේ මෙහෙයුම් අඛණ්ඩව කරන බව නාවික හමුදාව පැවසීය. 03 June 2024
වැඩ බලන කෑලි ලඟදිම අවසන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, පක්ෂ කාර්යාලයත් දෙකම අයිති අපිට. ළඟදීම වැඩ බලන කෑලි සියල්ලම අවසන් කරනවා යැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර මහතා පැවසීය. 03 June 2024
වැලිපැන්න පිවිසුම විවෘත කරයි අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න අන්තර් හුවමාරුවේ සියලුම දොරටු මීට සුළු මොහොතකට පෙර වාහන ධාවනය සඳහා විවෘත කළ බව මාර්ග සංවර්ධන අධිකාරිය කියයි 03 June 2024
මරණ 13 ක් : පහක් අතුරුදන් අධික වර්ෂාවෙන් ඇති වූ ගංවතුර සහ සුළං හේතුවෙන් සිදුවූ ආපදාවන්ට ගොදුරු වූ පුද්ගල මරණ 13 ක් දින දෙකකට ආසන්න කාලයක් තුළ වාර්තා විය. 03 June 2024
අදත් මි.මී. 100 ට වැඩි වැස්සක් දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය අද දිනයේත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 03 June 2024
විවේචන පහසුයි - විසඳුම් අසීරුයි රටේ ආර්ථිකය ස්ථාවර වී ඇති බැවින් නැවත පුරුදු සාම්ප්‍රදායික දේශපාලනයේ නිරතවීමට හැකි බව කිසිවකු නොසිතිය යුතු බවත්, රට ඉදිරියට ගෙන යා හැක්කේ විධිමත් සැලැස්මක් ඔස්සේ පමණක් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 03 June 2024
මන්ත්‍රී නලින් රිය අනතුරක : යතුරුපැදිකරුවෙක් රෝහලේ සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර මහතා ගමන් ගත් ජිප් රථය අද( 3 ) අලුයම කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ කෝන්ගස්දෙනිය හංදිය අසලදී යතුරුපැදිය ගැටී යතුරුපැදිකරු තුවාල ලබා ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි . 03 June 2024
හයියෙන් ගිය යතුරු පැදියට වෙඩි අධික ශබ්දයක් නගන සයිලන්සරයක් සවිකරගෙන අධික වේගයෙන් ධාවනය කළ බව කියන යතුරුපැදියක් හඹා ගොස් එම යතුරු පැදිය පවත්වා ගැනීමේ අරමුණින් වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බව පොලිසිය කියයි. 03 June 2024
එජාපය මැතිවරණයට සැරසෙයි එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් නව නිලධාරී මණ්ඩලයක් අද (2) පත් කරගනු ලැබීය. 03 June 2024
ආපදා සහන මුදල් වහා නිදහස් කරන ලෙස ජනපති නියෝග ආපදා සහන සැලසීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වහාම නිකුත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් ලබා දුන්නේය. 03 June 2024
නෙළුව - පැලවත්ත පාර ගිලා බැහැලා කළුතර පැලවත්ත - නෙළුව මාර්ගයේ ගොරකදුව හන්දියේ සිට කිලෝ මීටර් පහක් දුරින්වු ප්‍රදේශයේ මාර්ගය පුපුරා ගිලා බැසීම සහ කඳුකර ප්‍රදේශ නායයාමේ අවදානම හේතුවෙන් එම මාර්ගය ඊයේ (02) සවස සිට වසා දැමීමට කටයුතු කර තිබේ. 03 June 2024
කඩුවෙල අන්තර් හුවමාරුව සම්පූර්ණයෙන්ම යටවෙලා කැලණි ගඟේ ජල මට්ටම තවදුරටත් ඉහළ යාම හේතුවෙන් කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩුවෙල අන්තර් හුවමාරුව මේ වන විට සම්පූර්ණයෙන්ම වසා දමා ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. 03 June 2024
කොට්ටාවේ අනතුරකින් දෙකක් මරුට කොට්ටාව අතුරුගිරිය පාරේ මෙන්ඩිස් වංගුව අසලදී තීරෝද රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයන් දෙදෙනකු මිය ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය කියයි. 03 June 2024
අයියාගේ හයියෙන් උසස් පෙළ ජයගත් මල්ලී කොඳු ඇට පේළිය ඇද වීමේ අසාමාන්‍ය රෝගයකින් පෙළෙන දරුවකු එක් දිනක් හෝ පාසල් නොගොස් උසස් පෙළ විභාගයෙන් සමත්වීමේ පුවතක් ගිනිගත්හේන පිටවල ප්‍රදේශයෙන් වාර්තාවේ. 02 June 2024
ආපදා සහන සඳහා පොලිසියෙන් නව අංක අයහපත් කාලගුණික තත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා පොලිස් විශේෂ ආපදා සහන ඒකකයක් ස්ථාපිත කළ බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි. 02 June 2024
මිනිපිරියට බලු පිගානේ කෑම දුන් ආච්චි අත් අඩංගුවට මවුපියන් නොමැතිවීම නිසා කුඩා කාලයේ සිටම ළමා සංවර්ධන මධ්‍යස්ථානයක ඇති දැඩිවූ අවුරුදු 14 ක් වයස දැරියක සිය වයෝවෘද්ධ කිරි අම්මාගේ වේයන්ගොඩ, වදුරව ප්‍රදේශයේ නිවෙසට පැමිණි අවස්ථාවේ එම දැරියට නිවෙසේ සුරතලයට ඇති ඇති කරන සුනඛයාට ආහාර ලබාදෙන පිඟානට කෑම බෙදා දුන්නේ යැයි කියන එම දැරිය ගේ කිරි අම්මා සැකපිට අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලිසිය පවසයි. 02 June 2024
පොලිම් දිගයි:මහනුවර හදවත් රෝගීන් ගෙවල්වල මහනුවර ජාතික රෝහලේ හෘද රෝග ඒකකයෙන් හදවත් සැත්කම් කර ගැනීමට නොහැකිව රෝගීන් 100 ක පමණ පිරිසක් දැඩි ලෙස අසරණවී සිටින බවත් ඇතැම් රෝගීන් තම සැත්කම් කර ගැනීමට මාස ගණන් බලාගෙන සිට බැරිම තැන රෝහලෙන් පිටව ගොස් ඇති බවත් එම රෝගීන්ගේ පවසති. 02 June 2024
කඩයෙදි ගුටිකෑ තරුණයාගේ සිරුර වික්ටෝරියාවෙන් මතු වේ ගම්පොළ කහටපිටිය තොග වෙළෙඳසලක හිමිකරු ඇතුළු පිරිසක් වෙළෙදසලේදී පහර දෙන ලදැයි කියන සිද්ධියකින් පසු දින දහයක් අතුරුදන්ව සිටි එම වෙළෙඳසලේ සේවය කළ 21 හැවිරිදි තරුණයකුගේ සිරුර වික්ටෝරියා ජලාශයේ තිබී හමු වු බව ගම්පොළ පොලිසිය පවසයි. 02 June 2024
කැබ්රිය ගසා යයි බැලුම්මහර හන්දියේ, ගොඩගෙදර පංසලට යන මාර්ගය අසලදී සැඩ පහරට හසුවූ කැබ් රථයක් ගසාගෙන යද්දී ප්‍රදේශවාසී තරුණයෝ පිරිසක් එක්ව එය වලක්වා දැඩි වෙහෙසක් දැරුහ. 02 June 2024
නිමල් සිරිපාල පාර්ශවය වැඩ පෙන්වයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ පාර්ශවය විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් පවත්වා ආසන සංවිධායක පත්වීම් අද (2) පිරිනැමීය. 02 June 2024
කැලණිවැලි දුම්රිය මාර්ගයේ පාලමක් අසල නාය යයි පවතින දැඩි වර්ෂාපතනය නිසාවෙන් කැළණි වැලි දුම්රිය මාර්ගයේ වග මාබුල ප්‍රදේශයේ පාලමක් නායාමට ලක් වීම නිසාවෙන් එම දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු කොළඹ කොටුවේ සිට වග දුම්රිය ස්ථානය දක්වා සීමා කිරීමට තීරණය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 02 June 2024
පිම්මේ පහළට ඇවිත් රෝද තුනට හේත්තු වී පවතින අධික වර්ෂාව හේතුවෙන් දෙණියාය ගල්පොත්තහේන, කොළවෙණිගම නිවසක මඩුවක නවතා තිබූ ත්‍රී රෝද රථයකට අද පස්වරු 3.00 ට පමණ විශාල කලු ගලක් පෙරළී පැමිණ දැඩි අලාභ හානි සිදුවී ඇතැයි පොලිසිය කියයි. 02 June 2024
ගම්දනව් ජලයෙන් යටවේ ප්‍රදේශ රැසකට ඇඳ හැළෙන අධික වර්ෂාව හේතුවෙන් රට පුරා ප්‍රදේශ රැසක ගොඩබිම් ජලයෙන් යටවීමෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති. 02 June 2024
දුම්රිය මගේ ගමන්ගත් බසය කැලණිවැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවෙල්ල පුවක්පිටිය ප්‍රදේශයේදී පෞද්ගලික බසයක් දුම්රිය මාර්ගයේ ධාවනය කරවන දැක්වෙන වීඩියෝවක් මේ දිනවල මුහුණු පොතේ සංසරණය වේ. 02 June 2024
කාලගුණයෙන් රතු නිවේදනයක් දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 02 June 2024
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026