
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පොලිස්පති ධුරය පුරප්පාඩු වී නැති හෙයින් වැඩ බලන පොලිස්පතිවරයකු පත් කිරීමට ජනපතිවරයාට බලයක් නැති බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (25) පැවසීය.
ව්‍යවස්ථාදායක සභාව ගත් තීරණ ආපස්සට හැරවීමට ශ්‍රේෂ්ඨාධිකරණයට නොහැකි බව කී අගමැතිවරයා පොලිස්පතිවරයෙකු කනෙන් අල්ලා එළියට දැමීමට කිසිවකුටත් නොහැකි බවද සඳහන් කළේය.
පොලිස්පති ධූරයේ කටයුතු තහනම් කිරීමට නීතියේ ප්‍රතිපාදන නැතැයිද හෙතෙම ප්‍රකාශ කළේය.
අගමැතිවරයා මෙසේ පැවසුවේ පොලිස්පති ධූරයේ කටයුතු අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් අතුරු තහනම් නියෝගය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි.
COMMENTS
අයියෝ බොරලුගොඩ..අර කාටුන් එකේ බොරලුගෙ ගානටම වැටිල
ඔබ කියන විදියට වැරදි කරන ඕනම කෙනෙක් ව්‍යවස්ථා සභාව විසින් පත් කරාම තියාගන්න පුලුවන්. ඔයාලව නැවත 1 වසරෙ පාසලට යවන්න ඕන මුල ඉඳලා උගන්වන්න
ඔය කියන ආකාරයට පොලිස්පති මිනී මැරුවත් උසාවියට වැඩ නවත්වන්න බෑනේ!
ශ්‍රේෂ්ඨාධිකරණය වැරදි කාරයෙක් කියලා අච්චු කරපු කෙනෙක්ව කනෙන් අල්ලලා පොලිස්පති පුටුවේ ඉන්දෙව්වේ කවුද ?
හැබැයි අපි නම් ඕගොල්ලන්ව අස් කරනවා හෙට අනිද්දාට...
ඔයාලගේ අවනීතික වැඩ තව බොහොම සුලු කාලයක් පමණයි කර ගන්න පුලුවන් එතකල් නටන්න. ඊට පස්සේ මහජන ආණ්ඩුවක් මහජන පාලනයක්. එතකොට නිතිය නියම විදිහට ක්‍රියාත්මක වෙවි.
මේ බොරලුකඩ සුනඛය ,ජාතක කරපු අප්පටත් ලැජ්ජ කරනව, කාලයක් රාජපක්ෂලට විරුද්ධ අයට බිරුවා .දැන් රනිල්ට එරෙහි අයට බුරනවා . 83 ඉඳල පාර්ලිමේන්තුවේ . ව්‍යවස්ථාව තමන්ට වාසි විදියට අර්ථකතනය කරනවා . මහලොකුවට ව්‍යවස්ථාව රකිනව කිියනවා තමන්ගෙ වාසියට
නුසුදුසු මිනිහෙක් පත්කරල ඒ මිනිහ අධිකරණ නියෝගයකින් යැව්වම තවමත් රකින්නට තියෙන උවමනාව කුමක්ද? ඒක රහසක් නෙවෙයි ජනාධිපතිවරනයට අනියමින් පොලීසියේ සහය ගැනීමට මිස වෙන කුමකටද?
බොරලුගොඩය පිනාගේ පක්කලි වැඩ කරලා තව මාස තුනකින් අදිකරණය හමුවේ උත්තර බඳින්න බලාගෙන ඉන්නවා
බල්ලෙක්ව හදාගන්න ගත්තම ඌ තම ස්වාමියාට ලැදියි, ඌ තමන්ට ලැබෙන මස් කටුවකට ඉදුල් බත් පිඩකට තම ස්වාමියාට සේවය කරනව. බුරපං කිව්වාම බුරනවා හපපං කිව්වම ඇඟට කඩා පනිනවා. ඒ ඇරෙන්න නීතිය යුක්තිය සදාචාරය අදාලම නැහැ.මම මේ කල්පනා කෙරුවේ සිංහ පරපුරකින් බල්ලෙක් ජාතක උනේ කොහොමද කියලා...
"පොලිස්පතිවරයකු කනෙන් අල්ලලා එළියට දාන්න බැහැ" කිව්වට ගරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඔය කරලා තියෙන්නේ,ඔයාගේ ලොක්කවත් මඤ්ඤං වෙන්නම...රටක පුරවැසියෙක් හැටියට ගරු අධිකරණයේ නියෝගයන්වලට ගරු කරන්න පුරුදු වුනොත් හොඳයි.
දැන් සමහරු කියාවි යුක්තිය මෙහෙයුම ඉවරයි කුඩුකාරයො පාතාලය බය නැතිවෙයි කියල, මම අහන්නෙ ඒක කරන්න දේශබන්දු විතරමද ඔය පොලිස් දෙපාර්තමේන්තුවෙ ඉන්නෙ. වෙන කාටවත් බැරිද ඒක කරන්න. හැබැයි අපට පේන්නේ මෙයා තවත් අවශ්‍යයි කියල පෙන්වන්න කරපු රංගනයක් ඒක.
ජනතාවගේ මූලික අයිතිවාසිකම් නඩුවලට උසාවිය දෙන තීන්දුවලට පවා හිස නොනමන, මුරණ්ඩු සභ වියරු දේශපාලකයින්ට නැවත බලය ලබා නොදිය යුතුබවට, ජනතාව අදිටන් කරගත යුතුයි...
කවුරුත් තම තම පටු මත වල ඉඳගෙන එක එක විකාර දෙඩෙව්වට ඇත්තටම වුණේ වැඩක් කරගෙන ආපු මිනිහට බාධා කළ එක.
අපි දන්න විදියට නම් නීතියට ඉහළින් කිසිවෙකුටත් යන්න බෑ
එතුමාට බනින්න කළින් හිතපල්ලා... එතුමා කිව්වේ කණින් අල්ලලා එළියට දාන්න බැහැ කියලා. දෙකට නවලා පස්සට පයින් ගහලා එළියට දාන්න පුළුවන්...
අපේ අල්ලපු ගෙදර කෙනා කොටු පැනලා මාට්ටු වුණාමත් ඔහොම කිව්වා...
අපේ පොඩිමල්ලි සිනි බෝතලේ හොරෙන් කාලා අහුවුණ දවසේත් ඔහොම කිව්වලු.
මේ වගේ අය නිදොස් කොට නිදහස් කළොත් ඒවත් පිළිනොගෙන ඉමු..