
(තිලකරත්න දිසානායක)
රටේ තරුණ පරපුර වෙනසක් ඉල්ලා ගාලුමුවදොර අරගලයක් කළ බවත් ඔවුන් ඉල්ලා සිටින වෙනස ලබාදීමට තමන් ඉදිරිපත්ව සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පැවසීය.
" ජන පීඩන පාලනයට එරෙහිව " යන්න තේමා කරගනිමින් යක්කල නගරයේ දී අද (26) සවස සාමකාමී උද්ඝෝෂණයක් පවත්වමින් ෆොන්සේකා මහතා එලෙස සදහන් කළේය.
මෙහිදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හෙතෙම මෙසේද කීය.
" මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයින් වැඩි පිරිසක් ඉදිරිපත් වෙනවා.ඒ වගේම රටේ ව්‍යාකූල තත්ත්වයක් පවතිනවා. අපේක්ෂකයින් කිසිවෙකුටත් සියයට පනස් එකක් ලබාගැනීමට නොහැකි වේවි. මම හිතනවා ලක්ෂ තිස් පහක් පමණ ගන්නා කෙනෙක් ඉදිරියෙන් ඉදීවි. මේ රටේ පාවෙන ඡන්ද ලක්ෂ හැත්තෑවක් විතර තියෙනවා.
මැති ඇමතිවරුන් රටේ පවතින තත්ත්වය තේරුම් ගත යුතුයි. කාගෙන්වත් ආරාධනා ලැබෙන තෙක් නොසිට රටේ තත්ත්වය සහ පක්ෂ දේශපාලනයෙන් සිදුවූ හානිය සහ පක්ෂ මෙහෙයවන අයගේ වැඩපිළිවෙල පිළිබඳව අවබෝධයක් තිබිය යුතුයි. රටේ ජනතාව පසුගිය කාලයේ වෙනසක් ඉල්ලුවා. තරුණ තරුණියන් වෙනසක් ඉල්ලා ගාලුමුවදොර අරගලයක් කළා. ජනාධිපති මන්දිර කුඩු කළා. ඒ වෙනස දෙන්න තමයි අපි මේ සූදානම් වෙලා ඉන්නෙ.රටේ වැඩිහිටියො තේරුම්ගන්න ඕනෙ , මෙතෙක් කල් කරපු වැරදි නොකර සියලු දෙනාට පෙළ ගැසීමට හැකි තැනක් අපි හදනවා.
COMMENTS
කිසිම කෙනෙක් එක්ක සමගියෙන් වැඩ කරන්න බැරි මිනිහෙකුට රටක ජනාධිපති කමක් කරන්න පුළුවන්ද?
ඔබතුමා ගැන ඉතාමත්ම කණගාටුයි.
කුරුට්ටන්ගේ ලණුව කාලා කුජීත වෙන්න තමයි ලෑස්තිය...!
මාලිමාවට ජයවේවා... නාකි හැතිකරේ ගෙදර පල...
මෙයාගේ නෝනාවත් මෙයාට ඡන්දෙ දෙන්නේ නෑ...
ආදරෙයි අපි හිටියා නම් ඔබ හිටිය තැනම ප්‍රමාද නැත. ඔබ එක්ව යමු හිටි තැන ඉඳන්...
ඔය ප්‍රධාන පක්ෂ මතක තියාගන්න ඕන මෙයා ඡන්දෙන් කුල්ල කුජිත වෙන්නම ඇනගත්තට පස්සේ ආයේ ඒ කිසිදු පක්ෂයකට නොගන්න . මෙයාගේ දේශපාලනේ මෙතනින් ඉවරයි .
තමුන්ට බාර දුන්නෙ යුද්දෙන් රට බේරා ගන්න . ඒක කලා.. ඒක ඉතා හොඳයි . ඒත් දේශපාලන කරන්න කවුරුත් ආරාධනා කලේ නැහැ . කරුණාකරල ගෙදරට වෙලා ඉන්න . ඡන්දෙ ලක්ෂයක් විතර අරගෙන කුජීත වෙන්න එපා .
අපෝ සෙනග... සති පොලක්ද?
අඩුම තරමින් දේශපාලන පක්ෂයක රැදීසිටින්නවත් බැරි කෙනෙකුට රටක් භාරදුන්නොත් කොහොමට හිටීවිද ?
මජර දේසපාලනේට ඇවිත් ඔබට තිබුනු කීර්ති නාමයත් නැතිකර ගත්තා.
මෙයා දෙන වෙනස. මමත් හමුදාවක හිටිය කෙනෙක් . මෙයාට ගොඩක් උදව් කරපු කෙනෙක් . .