
(ගයාන් සූරියආරච්චි)
කුඩු ජාවාරම්කරුවන් සහ අපරාධකරුවන් මැඩලීම සදහා ආරම්භ කළ යුක්තිය මෙහෙයුම් කුමන බාධක පැමිණියත් නවත්වන්නේ නැති බව මහජන ආරක්ෂ අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවැසීය.
යුක්තිය මෙහෙයුම් යටතේ අත්අඩංගුවට ගන්නා කුඩු ජාවාරම්කරුවන් බේරාගැනීම සදහාත් අත්අඩංගුවට ගැනීම් වළක්වාලීම සදහාත් බොහෝ පිරිස් උත්සාහ කළ බවත් ද අමාත්‍යවරයා කීය.
පොලිස්පතිවරයා ධූරයේ නොසිටියත් යුක්තිය වැඩපිළිවළ නොනවත්වන බවද අලස් මහතා කීය.
වැඩ බලන පොලිස්පතිවරයකු මේවනවිට නිර්දේශ කර ඇත්ද යන්න පිළිබදව කළ විමසීමකදී අමාත්‍යවරයා පැවැසූවේ වැඩබලන පොලිස්පතිවරයකු පත්කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසින් බවය.
COMMENTS
වාහන වලට ගංජා බලෙන් දාන මුගේ රෙද්දේ යුක්තියේ මෙහෙයුම
මෙයා නම් රට පනින සයිස් එකක් තියන්නේ. අළුත් නඩු ඇරුනම පරන නඩුත් මෙයාට තියනවා….
අපේ රටේ කිසිවෙකුට හරියට වැඩක් කරන්නට දෙන්නේ නැත. කරන එකාගේ පරණ මඟුල් අත ගගා ඌට බණියි. දැන් ඉතා ව්‍යාකූල පටු ආකල්ප වලින් සමාජය පිරිහී හමාරය.
පොලිසියේ රාජකාරි හරියට කරන්න පොලිස්පති කවුද කියලා වැදගත්කමක් නැහැ. එහෙම වෙනවානම් එතන වෙනත් අයගේ අවශ්‍යතා වලට පොලිසිය හැසිරෙනවා කියන එක තමයි කියන්නේ .
අර පාස්පෝට් ඔපිස් එකටත් ගිහින් බලන්න. අවශ්‍ය තරම් මුද්‍රිත පාස්පෝට් නැතිව පිස්සු නටනවා.