
(ගයාන් සූරියආරච්චි)
අලවතුගොඩ ප්‍රදේශයේ සැක කටයුතු ලෙස හැසිරුණු පුද්ගලයන් දෙදෙනකු පරීක්ෂා කිරිමට යාමේදී පොලිස් රාජකාරීයට බාධා කළ සැකකරුවන් 4 දෙනකු අත්අඩංගුවට ගත් බව අලවතුගොඩ පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කෝවකලගල ප්‍ර දේශයේ පදිංචි අවුරුදු 18 ත් 53 ත් අතර පසුවන සිවුදෙනකු බව පොලිසිය පවසයි.
අලවතුගොඩ පොලිසියට අනුයුක්ත ප්‍රධාන පොලිස් පරික්ෂකවරයකු ඇතුළු නිලධාරීන් 4 දෙනකු වැටලීම් රාජකාරියේ යෙදී සිටියදී අලවතුගොඩ ප්‍ර දේශයේ කොනකලගල ප්‍ර දේශයේ සැකකටයුතු ලෙස හැසිරෙමින් සිටි සැකකරුවන් දෙදෙනකු පරීක්ෂා කිරීමට යාමේදී එම සැකකරුවන් පොලිස් නිලධාරීන්ට සමග බහින්බස්වීමක් සිදුව ඇති බව පොලිසිය පවසයි.
පසුව ඒ සම්බන්ධයෙන් පොලිස් ස්ථානයට දැනුම්දීමෙන් අනතුරුව ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට යන අවස්ථාවේදී පුද්ගලයන් 30 ක් පමණ එම ස්ථානයේ රැස්ව සිට ඇති බව පොලිසිය පවසයි.
එහිදී ඔවුන් පොලිසියට විරෝධය දක්වමින් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර ඇති බව පොලිසිය පවසයි.
ඒ අනුව එහි සිටි පුද්ගලයන් සිවු දෙනකු සාපරාධී බලහත්කාරය පෑම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව අලවතුගොඩ පොලිසිය කියයි.
COMMENTS
සත්‍ය සිද්ධිය මෙකක් වුනත් සාමාන්‍ය ජනතාව නීතියට අවනත වෙන්න ඕන . පොලිසිය තමන්ගේ නිල ඇඳුමින් අනවශ්‍ය ප්‍රයෝජන නොගත යුතුයි.