
(කේ. බුද්ධික කුමාරසිරි)
නිදහස් පක්ශයේ ආසන සංවිධායක වරුන්ගේ හමුවක් අද (26) දින අතුරුගිරිය පාරේ විජේදාස රාජපක්ශ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්‍යාලයේ පැවැත්වෙන අතර මේ සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රීරෝද රථයකන් එම ස්ථානයට පැමිණීම විශේෂත්වයක් විය
මේ පිලිබද මාධ්‍යවේදීන් මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් විමසූ විට එතුමා පැවසූවේ මැතිවරණ නීති ක්‍රියාත්මක වී තිබෙන නිසා එම නීතිවලට ගරු කරමින් රජයේ වාහන භාවිතා නොකොට ත්‍රීරෝද රතයකින් පැමිනි බවයි.
මේ හමුව සදහා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ශ මහතාද සහභාගී වී සිටියි


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙළිකොප්ටරුත් පාවිච්චිය ඒ වගේමද ලොක්කා? තමන් ජනාධිපති ඉද්දී...
මෙයා කරන බොරු...!
මොකක්ද ඒකේ විශේෂය..? අනේ මේ නාකි හැතිකරේ යන්නේ නෑනේ..
බොරු ශෝභනය පෙන්වා මිනිස්සු ඇන්දවීම කරන්න හදන්නේ රජයේ වාහන පාවිච්චියට ගන්න අවශ්‍ය නැහැ වාහන බලපත්‍ර යටතේ ගත්තු ඒවාට මොකද කළේ කියන්න මහත්තයෝ... ඕවා පෙන්නන්න කොණ්ඩය බැඳපු චීන්නුන්ට...
ඒ කියන්නේ පුද්ගලික වාහනයක් නෑ. ජීවත් වුණේම බදුමුදල් වලින් කියන එක නේද?
අපරාදෙ කියන්න බෑ දක්ෂ නළුවෙක්. හැබැයි 2015න් පස්සේ ජනතාව දන්නවා මිනිහා රඟපානවා විතරයි කියලා...
ලැජ්ජාව, බය කියන එක මොවුන්ගේ ගෑවිලාවත් නෑ. මොවුන් වගේ අයට ඡන්දෙ දෙන අය මී හරක්....ගිය සැරේ ආවේ රුපියල් 2500 මල් මාලෙන්... ගියේ?
එහෙනම් ඉතින් ජනපතිවරණය ඉවර වෙනකල්ම වීල් එකේ තමයි යන්න වෙන්නේ
අද වීල් එකෙන් යන්න මාමේ... හෙට මොකෙන් යන්න වෙයිද දන්නේ නෑ...
මොවුන්ගේ ෂෝ තියෙන්නේ... කාලකණ්ණි..
හොම්බෙන් යන දිනයත් අත ලගම එනවා ලොක්කා
බුදුහාමුදුරුවෝ පාපකර්ම පහක් ගැන දේශනා කලේ සමාජයේ යහපත් පැවැත්මට කියලා තේරුම් ගන්න පුළුවන් ඒ වගේම සප්ත අපරිහානීය ධර්ම කියන්නෙ ඒ වගේම උතුම් ගුණ ධර්ම ටිකක් .බෞද්ධයන් හැටියට ඒවා නොසලකා සමාජය භේද කිරීමට ඡන්ද බලයක් නැති පුද්ගලයෙක් ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් කර රටේ විනාශය ඇතිකිරීමට මොහු උත්සාහ කරනවා කියලා පේනවා ඒ නිසා තම තමන්ගෙ වටිනා ඡන්දය නාස්ති නොකර රටේ අනාගතය ගැන සිතා සිහිබුද්ධියෙන් පාවිච්චි කරන්න කියලා ඉල්ලීම කරනවා කවුරු මොනවා කිව්වත් විජේදාසට දිනන්න බැහැ ඇපත් අවලංගු වෙනවා මෙය සාමාජිකයන්ගෙ කැමැත්ත ඇතිව පත්වූ නිළධාරි මණ්ඩලය පලවාහැරීම සදහා කරන උපක්‍රමයක් වෙන්න පුළුවන්
යන්න වෙන්නේ රිම් ඵකෙන්
හෙට හොම්බෙන් තමයි යන්න වෙන්නේ
තුන් රෝදෙන් නෙමෙයි තව ටික දවසකින් හොම්බෙන් යන්න වෙන්නේ මෙයාට.
ජනතාවට විහිලු සපයන්නෝ.
මිස්ටර් හිටන් වැරැදිලාවත් ඡන්දෙ ඉල්ලුවත් යන්න වෙන්නේ ත්‍රීවීල් එකෙන් නෙවෙයි... හතර ගාතෙන්...!!!