
(යොහාන් භාසුර)
බත්තරමුලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පස්වැනි මහලේ පිහිටි ආගමන විගමන පාලක ජනරාල්වරයාගේ කාර්යාලයට පිරිසක් කඩා පැනීම හේතුවෙන් කළහකාරී තත්වයක් අද (26) පස්වරුවේ ඇති වූ බව වාර්තා වේ.
දිනකට නිකුත් කරන විදේශ ගමන් බලපත්‍ර සංඛ්‍යාව සීමා කිරීමට ගෙන ඇති තීරණයක් සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව තුළ අද පෙරවරුවේ සිට නොසන්සුන් තත්වයක් පැවැති බවත් පොලිසිය මැදිහත්ව එම තත්වය පාලනය කළ බවත් එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතාගේ කාර්යාලයට කඩාවැඳුණු පිරිස පොලිසිය මැදිහත්ව විසුරුවා හැරි බව කී එම නිලධාරීයා මේ වන විට එම කාර්යාලය තුළ කිසිඳු ගැටලුවක් නොමැති බව සඳහන් කළේය.
COMMENTS
මොකක්ද මේ වේලා තියෙන්නේ?
අලුත් විශාල ගොඩනැගිල්ලක කාර්‍යාලයක්, ඕනෑතරම් රාජ්‍ය සේවකයෝ, අති නවීන තාක්ෂණය... ඒත්... 2022 ඉඳන්ම මහා තඩි පෝලිම්... මේ 2024 ත් මැද... තවම බැරිවුණා ඉල්ලුමට හරියන්න පාස්පෝට් ටික දීගන්න...
මහජන සේවය සඳහා වූ සේවය නිසියාකාරව නොසපයන ආයතන...!
ඕක ඇතුලේ ඉන්න ජරාව කන්න පුරුදු වෙච්චි නිලධාරි සෙට් එකකුත් ඔය කලබලේ පිටිපස්සේ ඉන්නවා. හොයලා බලන්න..
ගමන් බලපත්‍රයක්වත් නිකුත් කරන්න බැරි මුන් තමයි අයෙත් ආණ්ඩු බලය ඉල්ලන්නේ .
හරිම අකාර්යක්ෂම කාර්යාලයක් තමයි විදේශ ගමන් බලපත්‍ර කාර්යාලය. දවසකට විදේශ ගමන් බලපත්‍ර 1000 ක් වත් දෙන්න පුළුවන් ක්‍රමයක් සොයා ගන්න බැරි ඇයි..?
ඉතින් තොහොමද රටක් සංවර්ධනය කරන්නේ? ඉල්ලුම වැඩිනම් රජයේ ආයතනයක් විදිහට එම ඉල්ලුම සපුරන්න වැඩ කරනවා මිසක්, සැපයුම සීමා කරන්න තීරණය කරන්නේ කොහොමද? මේ වගේ නිලධාරින් එක්කද මේ රට දියුණු කරන්න හදන්නේ..?