
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පොලිස්පතිවරයා පත් කිරීමේදී තමා කිසිදු වැරැද්දක් කර නැතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (26) පැවසීය.
බොහෝ නිවැරදිව කල්පනා කර බලා ව්‍යවස්ථානුකූලව එම තීරණය ගත් බවද ඔහු සඳහන් කළේය.
“ඒක ඔබතුමාලට වැරදි වෙන්න පුළුවන් තව කෙනෙකුට වැරදි වෙන්න පුළුවන්. නමුත් අපි හෘද සාක්ෂියට එකඟව ඒ තීරණය අරගෙන තියෙනවා. හැම දෙයක්ම හොයලා බලලා තමයි ඒ තීන්දුව ගත්තේ." යැයිද ඔහු සඳහන් කළේය.
තමා එය ගෙදර සිට ගත් තීරණයක් නොවේ යැයිද අබේවර්ධන මහතා කීවේය.
පොලිස්පතිවරයාගේ තනතුර නතර කරනවා නම් ඒ සඳහා වෙනම වැඩපිළිවෙළක් ඇති බවද හෙතෙම පැවසීය.
කතානායකවරයා මෙසේ පැවසුවේ පොලිස්පති ධූරය සම්බන්ධයෙන් ඊයේ සාකච්ඡා කෙරුණු අවස්ථාවේදීය.
COMMENTS
මෙයා වැරැදි කරන්නෙත් නැහැ. ඉතා ශුද්ධ වන්තයි.
කොයි වරදකරුවා පිළිගනීද ඔහු වැරැදියි කියා...?
ළඟදීම ජම්පර් එක අන්දලා හෝ අමු නිර්වස්තරයෙන් හිරේ ඉන්නවා කාටත් දැකගන්න පුළුවන්...
බබා...!
හොරෙක් කවදාවත් කියන්නේ නෑ මං මංකොල්ල කෑවා කියලා...
පාර්ලිමේන්තුවේ වරප්‍රසාද වලට මුවාවෙලා පණ්ඩිතකම් කතා කළාට උසාවියෙදී උත්තර දෙන්න වෙයි...
අධිකරණ නියෝගවලට අවනත නොවන හිතුවක්කාර චරිත....
තමතමුන් කළ වැරැදි පිළිගන්න දේශපාලකයෝ මේ රටේ ඉන්නවද? අනාගතයේදී වත් එහෙම රටක් අපට ලැබේද?
ඔය පෙන්ගුවින්ව තමයි මුලින්ම මාරු කරන්නේ.. තව පෝය දෙකයි...
ඒවා අපි දන්නෑ
දේශපාලකයින් කවද්ද වැරැද්ද පිළිගත්තේ. උසාවියට කැඳවනකම් කලබල නොවී මොහොතක් ඉන්න.