
(කේ. බුද්ධික කුමාරසිරි)
හෝමාගම ප්‍රාදේශීය ලේකම්වරයාගේ විරෝධතාවය මධ්‍යයේ හෝමාගම පිටිපන ප්‍රදේශයේ විවෘත කරන ලද නව තැබෑරුම් දෙක වසා දැමීමට කටයුතු කර ඇතැයි ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (26) දින පනාගොඩ පැළෑදගොඩ ප්‍රදේශයේ දී පැවසීය.
මම පහුගිය කාලේ පොසොන් කලාපයක් කරලා ලක්ෂ ගණනක් ජනතාව ආපු හෝමාගම පිටිපන ප්‍රදේශයේ මිහිඳු හාමුදුරුවෝ වැඩලා දුන්නා වගේ පොසොන් කලාපය ඉවර වෙනවාත් සමගම තැබෑරුම් දෙකක් ආරම්භ කරන්න කටයුතු කරල තිබුණා.
ඒ සම්බන්ධයෙන් අපි පිටිපන හන්දියේ උද්ඝෝෂණයකුත් කලා. මම කිව්වා හෝමාගම එහෙම තැබෑරුම් බලපත්‍ර ලබාදෙනවා නම් ඒ ආණ්ඩුවේ ඇමතිකම් කරන්න මම සූදානම් නෑ කියලා. ඒ අනුව ආරම්භ කරන ලද තැබෑරුම් දෙක ඊයේ වන විට වසා දැමීමට කටයුතු කර තිබෙනවා යැයි ද පැවසීය.
බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ඇතුළු ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසි දහසකට ආසන්න පිරිසක් ඉගෙනුම ලබන විශ්වවිද්‍යාල ගණනාවක් සහ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පහලොස් දහසකට ආසන්න පිරිසක් ඉගෙනුම ලබන පාසල් කිහිපයක් සහ වාර්ෂික පොසොන් කලාපය සිදු කරනු ලබන අවුකන පිලිම අනුරුව ආසන්නයේ මෙලෙස තැබෑරුම් විවෘත කිරීමට හෝමාගම සංවර්ධන කමිටුවේ සභාපතිවරයා ලෙස තමන් සිටිනාතාක් ඉඩ නොදෙන බවද ඒ මහතා වැඩි දුරටත් පැවසීය.
COMMENTS
ඡන්දෙ ඉවර වෙනකල් වෙන්න වෙන්න ඇති
මෙයා බබා. දැන් ජනතාවගේ අවදානය ගන්න නාට්‍ය රඟපානවා.
සල්ලි ලැබෙන තැබෑරුම් විතර ද දැන් ඉතුරු වෙලා තියෙන්නේ.
එම අදහස මුලින්ම ක්‍රියාත්මක කරේ අපේ හිටපු ඇමතිකෙනෙක් වන ගාමිණී ජයසූරිය මහත්මයායි, මෙතුමාත් එය ක්‍රියාත්මක කිරීම අපගේ සතුටට කරුණක්.
හොරකම් කරන්නෙ කෝටි ගණන්. යම්කිසි දෙයක් වැරදි නම් වැරදිම තමයි. පන්සල ළඟ බිව්වත් එකයි. දුර ඉඳන් බිව්වත එකයි. උපාසක මහත්තයලාගේ ශ්‍රද්ධාව දෝරෙ ගලා යනවා. කොහොමත් තව පෝය දෙකයි. කොච්චර ශෝ දැම්මත් ඊට පස්සෙ එක්කො රට නැත්නම් හිරේ
මුදලාලිලා ජයග්‍රහණය කලා....හොඳයි නේද සෙල්ලම...
දිවංගත ගාමිණි ජයසූරිය මහතාගේ කාලයේ සිට එන ප්‍රථිපත්තියක්
පාලි විශ්ව විද්‍යාලයේ කට්ටියට තමයි ඉතින් ඔය වැඩෙන් පාඩුව. ඇවිදින දුරින්නෙ බඩු තිබුනෙ
රැවටෙන්න එපා,ඕක තාවකාලිකව නතර කරන වැඩක්.කරුමෙට හරි ඕකුන් දිනුවත් ඔය වැඩේ නැවත පටන් ගන්නවා.
ජනපතිවරණය අවසාන වෙනකල්!
ඇයි සුපර් මාකට්වල තියන්නේ බඩු හෝමාගම ඇතිවෙන්න.
අනේ සාදු කොයි තරම් පුණ්‍යවන්ත සිතුවිල්ලක්ද? එතකොට ඡන්දෙට එන එවුන්ට බොන්න දෙන්නේ මොනාද?
ඇයි හෝමාගම වෙන බාර් නැද්ද මේ දෙක විතරද තියෙන්නේ