
(අංජුල මහික වීරරත්න)
ජනාධිපතිවරණයේදී පොදුජන මන්ත්‍රීවරුන් බහුතරයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට තීරණය කර ඇතැයි ආණ්ඩුව නියෝජනය කරන කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් 30 දෙනකු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අද (25)දැනුම් දී තිබේ.
කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම හමුව සිදුවී ඇත. මේ මොහොතේ පක්ෂයේ බහුතරයක් දෙනා ජනාධිපතිවරයාට සහය පළ කිරීමට තීරණය කර ඇති බැවින් පක්ෂයෙන් වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත් කළහොත් එය පක්ෂයේ ඡන්ද පදනමට හානි විය හැකි බවද ඔවුන් හිටපු ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ.
එබැවින් පක්ෂයෙන් වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන ලෙසද ඔවුන් හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තාවේ.
එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ තමන් පක්ෂය සමඟ සාකච්ඡා කර කඩිනමින් තීන්දුවක් ලබා දෙන බවයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න දැන් පොදුජන පෙරමුණේ සැගවුන අපේක්ෂකයා එලියට ඇවිත්.
මාර ගේම නේද තරහා වෙලා වගේ අනික් පැත්තට සපෝට් එක දෙන්න යවන විදිය අපූරුයි .ඔය මොනවා කලත් මිනිස්සු රට බංකොලොත් කරපු උන්ට චන්දෙ දෙනවද ?උන් යන පැත්තකටවත් චන්දෙ දෙන්නේ නැහැ
මහින්දට විකල්ප නොමැත, එය මෙසේ අවසන් වේ යැයි කිසි දිනක සිතුවේ නැත
ඔය නොකිව්වට මහින්ද සපෝට් රනිල්ට තමා
යන්ඩ මෙයා යන්ඩ .ගැලවුම්කාරයා ගාවට යන්න ?අරුන් ආවොත් අපි ඔක්කොම හිරේ
මේ රනිල්ට සහාය දෙන්න හදන පොහොට්ටු මන්ත්‍රීවරු බහුතරයක් දූෂිතයෝ. ඒ අය නිසා තමයි මහින්දට වැරදුනේ. මේ අයට කොහොමත් අපි ඡන්දෙ දෙන්න හොඳ නෑ. මේ කරන්නේ රනිල්ගෙන් ඇමතිකම් ගන්න ඒත් රනිල් මේ අයට සලකාවිද එයාගේ යූඑන්පී අය ඉඳිද්දි. මේ අය නිසා රනිල්ට ලැබෙන්න තියන ඡන්ද ටිකකුත් නැතිවෙනවා වගේම පොදු පෙරමුණට ලැබෙන්න තියන ඡන්ද ටිකකුත් නැතිවෙනවා. කප්පම් කාරයෙක් අගමැති වෙන්න දඟලන නිසා තමයි මේ ඔක්කොම.
සිහි තබාගත යුතු වැදගත්ම කරුණ නම්, රටේ මහජනයාගේ සහාය කාටද යන්නයි.
මේ ඊනියා මන්ත්‍රීවරු ඔක්කොම ඉන්නේ මිත්‍යාවක දවල් හීන දකිමින්. ඒ කිසිවකුට ඉදිරි මැතිවරණයේදී ජනවරම ලැබෙන්නේ නැත.
තක්කඩි වාසි පැත්තට හෝයියා කියලා රනිල් දිණුවොත් ඇමති කම් අරගෙන නැවත මුළ ඉඳන් හොරා කන්න තමයි සැළසුම් කරන්නේ. නැතිව ඔය එක්කෙනෙක්වත් රට ගැන හිතන්නේ නෑ.ජනතාවත් පක්ෂ බදාගෙන ඉන්නෙ නැතිිවවඩා සුදුසු පුදගලයාට ඡන්දය දිය යුතුයි
පොහොට්ටුවේ දූෂිත දේසපාලුවෝ රැකෙන්නේ රනිල් ආවොතින් විතරයි .