(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

බංකොලොත් රට නිර්මාණය කරපු උදවිය අද අපට බණ කියන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

"ධන කුවේරයන්ට බදු සහන ලබාදී මුළු රටම වැට්ටුවේ මේ අය.හොරු එක්ක එකතු වී රට බංකොලොත් කළ අය එක්ක එකතු වුනේ නැති එක තමයි අප කරපු පව. ඒ පවට සම්මාදම් වීම ගැන අප සතුටුයි.ඒ ගැන පොඩ්ඩක්වත් දුක් වන්නේ නැහැ.

ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ පළමු වරට රට බංකොලොත් වූයේ මේ අයගේ තීන්දු නිසයි යනුවෙන්ද සජිත් ප්‍රේමදාස මහතා කීය.