
(ජේ ඒ එල් ජයසිංහ සහ සරත් කුසුම්සිරි රංණසිංහ)
සම්මානලාභී චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක මහතාගේ ," සිංහබාහූ' සිනමා පටය මහනුවර කටුගස්තොට සිනමා ශාලාවකදී වංචනිකව වීඩියෝ ගත කර අන්තර්ජාලයට මුදාහල බව කියන සැකකරු ලබන 07 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් චාමර වික්‍රමනායක මහතා නියෝග කළේය.
නීතී විරෝධිව සහ අනවසරයෙන් වීඩීයෝ කර අන්තර්ජාලයට මුදා හැර බුද්ධිමය දේපළ පනත යටතේ වරදක් කළ බවට පරිගණක අපරාධ ඒකකය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.
මෙලෙස රිමාන්ඩ් කරන ලද්දේ ඉසුරුෂාන් බාලසූරිය යන අයෙකි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහනුවර පරිගණක ඒකකයට ලද පැමිණිල්ලක් මත එම ඒකකයේ නිලධාරීන් විසින් සැකකරු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිනමා නාට්‍ය සංගීත සංදර්ශන පටන්ගත්ත වෙලාවේ සිටම වීඩියෝ කරන කාලකන්නි නිසා නරඹන්නන්ට හරිම කරදරයි.ඇස්වලට කරදරකාරී තත්ත්වයක්. මේක තහනම් කරන්න බැරි ඇයි.