
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පොලිස්පති ධූරය සම්බන්ධයෙන් ඇතිවූ විවිධ වාද විවාද හේතුවෙන් පාර්ලිමේන්තුවේ අද (25) පෙරවරුවේ දැඩි උණුසුම් තත්වයක් ඇතිවිය.
විපක්ෂයේ මන්ත්‍රීවරු සභාවේ කටයුතු ආරම්භයේදී නැගී සිටිමින් පොලිස්පති ධූරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා සිටියහ. මේ අවස්ථාවේදී මුලසුනේ සිටි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පැවසුවේ පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය අනුව මේ වෙලාවේ ඒ ගැන කතා කළ නොහැකි බවයි.
නියෝජ්‍ය කතානායකවරයා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අවවාද කරනුද මෙහිදී දැක ගත හැකිවිය.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා:
අධිකරණය දුන්න අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක කරන්න රජය බැඳී සිටිනවා.
සභානායක, අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා:
පාර්ලිමේන්තුව, විධායකය, කැබිනට්ටුව අධිකරණය නියෝග වලට ගරු කරනවා. මේක ව්‍යවස්ථා සභාවට අදාළ කාරණයක්. අපි කතානායකතුමාට ප්‍රශ්නය යොමු කරලා විසඳන්න බලනවා. ප්‍රස්තුත කාරණය පාර්ලිමේන්තුවට අදාළ කාරණයක් නොවෙයි. මේක ව්‍යවස්ථා සභාවට යොමු විය යුතුයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මත් කුඩු ජාවාරම්කාරයන්ගේ, පාතාලයන්ගේ, මැරයන්ගේ සහ මුදලට ගිජුව උන්ට කත් අදින කලුකෝට් කාර මාෆියාවේ මෙම ජයග්‍රහණයට ආවඩන කුජීත විපක්ෂයට ජනතාව චන්දයෙන් පිළිතුරු දෙනු ඇත.
පුතාණෝට දැන් තියෙන්නේ කළුකබා කාරයින්, පාතාලයින් සහ කුඩු ජාවාරම් කාරයින් කැන්දගෙන හොඳ බජව්වක් දාන්න.
ජනපති පදේට නටන පොලිස්පති කෙනෙක් දාන්නේ. ආරක්ෂක අමාත්‍යාංශය අයිති ජනාධිපති ට නේ,
සුසිල් ළඟදී ඉඳල හෙන පණ්ඩිතයෙක් වෙලා. මොකද එක පාරටම , අගමැති වෙන්න වත් හිතාගෙන වත්ද ?