
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පොලිස්පති ධූරයේ අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (26) පෙරවරු 10.30ට රැස්වීමට නියමිතය.
මේ අතර පොලිස්පති ධූරයේ අර්බුදය සම්බන්ධයෙන් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාද අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයට පත් කිරීම අනුමත කළ ආකාරය සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ ඇතුළු විවිධ කණ්ඩායම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට චෝදනා එල්ල කරමින් සිටිති.
එම චෝදනාවලටද අගමැතිවරයා පිළිතුරු දෙනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ අනුව පොලිස්පති ධූරය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී උණුසුම් සංවාදයක් ඇතිවනු ඇතැයි වාර්තාවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන කිසිම අවුලක් නැහැ.රජය අනෙකුත් කාර්යන්හිදී මෙන්ම මෙතනත් අවුලක් ඇතිකරගෙන .මොන ජගතා වූවත් අධිකරණ තීන්දු වලට අවනත විය යුතුයි
මොනවද කියන්නෙ,අධිකරණය ට අභියෝග කරන්න විධායකය සහ ව්‍යවස්ථාධායකයට යන දෙකටම බෑ, නාකියා සොම්බියා,,
රනිල් කොට්ටෝටෝරුව හැම ගහටම කොට කොට ගිහින් නහින දෙහින කාලේ හොට පටලවාගෙන සවුත්තුම වෙලා මිය පරලොව යයි වගේ. මැරුනම රතිඤ්ඤා පත්තු කරන තැනටම වැටෙනකං බලයේ ඉන්න ගිහාම පජාත වෙලාම මැරිලා යනවා.
මොනවා වෙන්නද .දිගටම හිටපුවාවේ කියයි .මෙයා නැතුව කුඩු බිස්නස් කාරයින්ගෙන් කප්පම් එකතුකරලා ගෙනත් දෙන්නේ කවුද ?
අවුල තියෙන්නේ පොලිස්පති පුටුවේ නොවෙයි ව්‍යවස්ථා සභාව නැමති අටමගලයෙයි.