
(අංජුල මහික වීරරත්න)
ගඩලාදෙණිය සද්ධර්මතිලක රජ මහා විහාරයේ ගෙඩිගේ සම්ප්‍රදායේ පිළිමගෙය ආරක්ෂා කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ගඩලාදෙණිය සද්ධර්මතිලක රජමහා විහාරය පල්ලව ගෘහනිර්මාණ ශිල්පයට අනුව ගම්පොල යුගයේදී ධර්මකීර්ති නම් හිමිනමකගේ මූලිකත්වයෙන් ඉදි කරන ලද්දකි.
එම රජමහා විහාරයේ ගෙඩිගේ සම්ප්‍රදායට අයත් පිළිමගෙය සංරක්ෂණය කිරීමේ කාර්‌යය සඳහා ආවරණ වහළක් ඉදි කිරීමට යෝජනා වී ඇත.
ඒ සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවශ්‍ය මානව සම්පත් හා තාක්ෂණික උපකරණ නොමැති බැවින්, ඒ සඳහා හැකියාව සහ සම්පත් සහිත ආයතනයක් වන මධ්‍යම උපදේශක කාර්‌යාංශය වෙත ඉංජිනේරුමය කාර්යයන් පැවරීම පිණිස බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd