
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත සහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ විරෝධය මැද අද (25) පස්වරුවේ සම්මත විය.
පනත් කෙටුම්පත් දෙකට කාරක සභාව අවස්ථාවේදී සංශෝධන එක් කෙරිණ. අනතුරුව තෙවැනි වර කියවීම ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.
පනත් කෙටුම්පත් දෙක පසුගිය මැයි මස 22 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
ආර්ථිකයේ පරිවර්තන සඳහා ප්‍රතිපාදන සැලසීම මෙම ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමේ අරමුණයි.
මෙම පනත් කෙටුම්පත් දෙකට විරෝධය පළ කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සභාව ආරම්භයේදී පැවසීය.
පනත් කෙටුම්පත් පිළිබඳ විවාදය ඊයේ උදේ 10.00 සිට සවස 6 දක්වා පැවැත්විණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd