(එම්.සුසිල් පියන්ත සහ ජනක් ද සිල්වා)

පිටිගල - නියාගම මාර්ගයේ මත්තක ප්‍රදේශයේ අද පස්වරුවේදී ලොරි රථයක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරකින් මෝටර් රථයේ ගමන්ගත් දෙදනකු මියගොස් තවත් දෙදෙනකු  තුවාල ලබා ඇතැයි පිටිගල පොලීසිය කියයි.

මේ අනතුරින් මිය ගොස් ඇත්තේ පිටිගල  පදිංචි එළවළු ව්‍යාපාරිකයකු වන චින්තක බණ්ඩාරිගොඩ සහ ඔහුගේ පියා බවද පොලීසිය කියයි.

තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනාම මිය ගිය අයගේ පවුලේ ඥාතීන් බවත් එම දෙදෙනාගෙන් එක් අයකුගේ තත්ත්වය බරපතල  නිසා ඇල්පිටිය රෝහලින් කරාපිටිය රෝහලට මාරුකර යැවූ බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.