
(රෝෂන් තුෂාර)
වෙන්චර් ටී සමාගමේ අයි.ආර්.සී කේතය ව්‍යාජ ලෙස භාවිතා කරමින් ඉරානයට තේ අපනයනය කළේ යැයි කියන මෙරට ප්‍රසිද්ධ මූල්‍ය හා රක්ෂණ සමාගමක සැකකරුවන් වහාම අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා රහස් පොලිසියට කරමින් අද (25) නියෝග කළේය .
වෙන්චර් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයාගේ අත්සන සහ අයි-ආර් සී කේතය ව්‍යාජව භාවිතා කරමින් විත්තිකාර සමාගම හෝ එහි නිලධාරීන් විසින් 2023 අප්‍රේල් මාසයේදී රුපියල් මිලියන සීයක තේ ඉරානයට අපනයනය කර ඇති බවත්,ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනක සිදු කරන බවත් රහස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකය අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.
පැමිණිලිකාර සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හංසිත ගමගේ මහතා කරුණු දක්වමින් ඉරානයට තේ අපනයනය කිරීම සඳහා දෙරට මගින් ලබා දී ඇති මෙම කේතය සමාගමට පමණක් අයිති ලියාපදිංචි අංකයත් බවත්, රහස් පොලිසියට සියලු තොරතුරු ලබා දී ඇති බව සඳහන් කළේය.
මෙහිදී රහස් පොලිසිය ඇමතූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා "රහස් කේතය භාවිතා කරන්න පුළුවන් අදාළ සමාගමට විතරයි.එම නිසා සැකකරුවන් වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි " නියෝග කළේය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
QRA Code අවබාවිත්ව ( හොදින්ම වරදක් කරනා බව දැනුවත්ව කල දුෂිත ක්‍රියාවක් ) පිලිබදව ලැබුණු පළමු පැමිණිල්ල, නිසා නැවත මෙවැනි කටයුතු සිදු නොවීමට මිලියන ගණනක දඩයක් නියම විය යුතුවේ
මොවුන් මෙවැනි හොර කමක් කරන්නේ බාල තත්ත්වයේ තේ අපනයනය කර අනාගතයේ දී රටට විශාල හානියක් කිරීමටය. මේවාට හරි දඬුවමක් දෙන්නට තරම් රටේ නීතිය ශක්තිමත් දැයි මම නොදනිමි.