
(රංජන් කස්තුරි)
ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම පැවැත්වෙන දිනය සහ ව්‍යවස්ථාපිත කරුණු ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය අද (25 ) මධ්‍යම රාත්‍රියේ නිකුත් කිරීමට නියමිතව ඇත.
මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක් අද පෙරවරුවේ පැවැති අතර එහිදී ඡන්ද විමසීම පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් සාමාජිකයන් අතර දීර්ඝ ලෙස සාකච්ඡා පැවැත්වුණු බවද අභ්‍යන්තර ආරංචි මා ර් ග සඳහන් කරයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සැප්තැම්බර් මස 21 වැනි සෙනසුරාදා පැවැත්විය යුතු බවට කොමිසම සාමාජිකයන් පිරිසක් තීරණය කර තිබූ අතර තවත් පිරිසකගේ අදහස වී ඇත්තේ එය සැප්තැම්බර් මස 28 වැනි සෙනසුරාදා පැවැත්විය යුතු බවටය.
කෙසේ වෙතත් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයකු විශේෂ රැස්වීමට සහභාගී නොවූ අතර ඔහු විදේශ රටක සිට දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර තිබිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වසර 75ක ලංකාවට කෙලවුන ඇත්ත හේතු. 1. 1977 විවෘත ආර්ථිකය හරහා රට දියුනු වේ යැයි නොරිස්සූ ඉන්දියාව ඇතිකල වසර 30හේ යුද්ධය. 2. රාජපක්ෂලා ඩොලර් බිලියන 10 කට වඩා හොරාකෑම. 2. 1989 රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලය වසාදැමීමෙන් ආරම්භකල පුද්ගලික විශ්වවිද්‍යාල වලට වට බැඳීම නිසා වසරකට ඩොලර් බිලියන 1 ක් ගානේ ඩොලර් බිලියන 25 ක් විදේශ අධ්‍යාපනට වියදම් වීම. විදේශ ශිශ්‍යයගෙන් උපයාගැනීමට තිබූ වසරකට ඩොලර් බිලියන 0.5 බැගින් අවුරුදු 25 ට ඩොලර් බිලියන 12.5 ක් අහිමි කිරීම. රටේ මුළු විදේශ ණය ප්‍රමාණය බිලියන 45 යි. ඉන් බිලියන 37.5 ක් (එනම් 83%) ජවිපෙ/මාලිමාව නිසා රටට අහිමි වූ ඩොලර් ආදායමයි. රටට කෙලවූ මාලිමාවට ජයවේවා.
අද රෑට බැහැ .උදේ 6.32 වෙනකල් රාහු කාලය.ඉන් පස්සේ තමයි