
(රෝෂන් තුෂාර)
අන්තර්ජාලය හරහා රුපියල් කෝටි 5000කට අධික මුදලක් වංචා කර චීනයට යැවීමේ සැකයට රක්ෂිත බන්ධනාගාරගතව සිටි චීන ජාතකයින් ඇතුළු විදෙස් සැකකරුවන් 37 දෙනෙකු ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (25) නියෝග කළේය .
සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි අනුරාධපුරයේ ගවේෂ බණ්ඩාර නමැති 22 හැවිරිදි තරුණයකු,කොළඹ තරුණියක හා චීනය, පාකිස්ථානය, ඉන්දියාව, බංගලාදේශය, ඉන්ඳුනීසියාව ,ඇල්ජීරියාව හා නේපාලය රටවල තරුණයින් 31ක් හා තරුණියන් 05 ක් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා පිතිකරුවන් වෙනුවෙන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙම ඇප නියම කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදේශගත වීම තහනම් කලේ නැද්ද දන්නේ නෑ...
කංජිපානි අංක දෙක...
ලබන පාර නඩු වාරේට ඔය සෙට් එකම ආයි ඉදිරිපත් වෙයි ඈ... බලාගෙන හිටපල්ලා. අර්ජුන ඇලෝසියස්, කංජිපාන ඉම්රාන් ගෙන්වත් පාඩමක් ඉගෙන ගෙන නෑනේ මේ නඩුකාර උන්නාන්සේලා.
හරි හරි උන් හෙටම ලංකාවෙන් පනී .ඒකත් හරියට අර මහ බැංකු හොරකම වගේ වෙයි