
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ආරංචිය සුබද කියා ඇසුවාම මිනිස්සු අපට කුණුහරුපෙන් බනිනවා යැයි සමගි ජන බලවේගයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
මොන සුභාරංචියක්ද? අපට ජීවත් වෙන්න බැහැ යැයි ජනතාව කියන බව මන්ත්‍රීවරයා කීය.
"අපේ රෑ දනියෙල් දවල් මිගෙල් ප්‍රතිපත්තියක් නෑ. පූර්ණ ආර්ථික ප්‍රතිසංස්කරණයක් රටට අවශ්‍ය බව අප පිළිගන්නවා. අප බලාපොරොත්තු වන්නේ ජනතාව බලාපොරොත්තු වන වෙනසක් යැයිද ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හර්ෂ පනී ද කියල අපිත් මිනිස්සුන් ගෙන් අහනවා. එතකොට එයාලා කියන්නේ අනේ අපට පැන්නත් එකයි නොපැන්නත් එකයි, IMF යන්න කියල ආණ්ඩුවට උපදෙස් දුන්න අය අතර ඔය මනුස්සයත් ඉන්නවනේ. ඉතින් IMF ගියාම මේ වගේ ආර්ථික අපහසුතා ඇති වෙනවා කියල නොදැනද ඔය මහා ලොකු ආර්ථික විද්වතා වගේ හැසිරෙන මනුස්සය වැඩ කරන්නේ කියල මිනිස්සු කියනවා. ඒ වගේම ගිය පාර චන්දෙදි අරක්කු කාලේ බෝතල් කෝට්ටේ පැත්තේ මිනිස්සුන්ට එයා බෙදපු හැටිත් අපට මතකයි කියල තමයි මිනිස්සු කියන්නේ.
මහ බැංකුව කැඩුව එවුන්ට, ගිනි පොලියට ඩොලර් බිලියන 12.5 ණයට අරගෙන රට බංකොලොත් කරන්න හවුල් උන එවුන්ට මල්මාලා දාලා පිලිගන්න කියලද කියන්නේ.