
(සුජිත් හේවාජුලිගේ සහ අමිල චින්තක ගමගේ)
ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට නියමිත අපේක්ෂකයන් සංඛ්‍යාව 12 ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නියමිතව සිටින්නෝ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සහ සමග ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර, ව්‍යවසායක ධම්මික පෙරේරා, මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක, හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහයන මහත්වරු සහ මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝය.
මීට අමතරව උතුරේ දෙමළ පක්ෂ වලින් පොදු අපේක්ෂකයකු ද පෙරටුගාමී පක්ෂය ප්‍රමුඛ ජන අරගලය ව්‍යාපාරයෙන් අපේක්ෂකයකු ද ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.
හිටපු ජනාධිපති ජේආර් ජයවර්ධන මහතාගේ මුණුබුරකු ද ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට මුලින් ප්‍රකාශ කෙරිණ.
අපේක්ෂක ලැයිස්තුව ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු තවත් ඉහළ යා හැකි බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ගවලින් පැවැසේ.
මේ අතර දේශපාලන විචාරකයන් සඳහන් කරන්නේ පවතින දේශපාලන තත්ත්වය අනුව ජනාධිපතිවරණයකට ඉදිරිපත් වන වැඩිම අපේක්ෂක ලැයිස්තුව මෙවර ඉදිරිපත් කෙරෙනු ඇති බවයි.
මේ අනුව ඉදිරි ජනාධිපතිවරණය ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි ඔවුහු පෙන්වා දෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්ද පත්‍රිකාව සැකසීම නමට අනුව කරනවා නම් මුලින්ම අනුර දෙවනුව රනිල් තෙවනුව සජිත් වෙන්න පුළුවන්. ඒත් දිලිත් දෙවනුව සටහන් වෙන්න ඉඩක් තියෙනවා. කොහොම වුනත් ඡන්ද පත්‍රිකාව විශාල වෙනවා කියන්නෙ විශාල මුදල් නාස්තියක් වෙනවා. ඊළඟට මැතිවරණ අවස්ථාවල කටයුතු කරන සියලු දෙනාම දැඩිසේ අපහසුතාවට පත්කිරීමක් වෙනවා
ඔතන දෙකේ පතිරණලා ගොඩක් ඉන්නවා
වැඩි හරියක් අවස්ථාවාදීන් හා මොලේ අමාරුකාරයන්. මේකෙන් වෙන්නේ ඡන්ද ලයිස්තුව දිගුවෙලා වියදම වැඩිවෙන එක පමණයි
ජනතාවට විහිළු සපයන්නෝ.......
අනුර කුමාර දිසානායක නියත ජනාධිපති.
කාටවත් 50% වඩා ගන්න බැරි වෙයි කියලයි මට හිතෙන්නේ ?
ජනාධිපතිවරණයට ඉල්ලිය හැකි තත්ත්වයන් මෙයිට වඩා ඉහළ තැනක තිබිය යුතුයි. මේ ඇප මුදල ඕනෑම කෙනෙකුට බැඳිය හැකි අතර රටේ උත්තරීතරම රාජකාරිය සඳහා පාරේ යන මිනිසුනුත් ඇප බඳින තත්ත්වයට පත් වී රටම හෑල්ලු වී ඇත.
එක්කෙනෙකුට,දෙන්නෙකුට හැරෙන්ඩ අනික් අයට ඇපත් නැතිවෙයි .