(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ග්‍රෑන්ඩ්පාස්  වදුල්ලවත්ත පුරදර සෙවණ මාල් නිවාස සංකීර්ණය ඉදිරිපිට  තීරෝද රථයක් ඉලක්ක කර සිදුකල වෙඩි තැබීමකින් බරපතල තුවාල ලබා කොළඹ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවද මිය ගොස් ඇතැයි  ගෑන්ඩ්පාස්  පොලිසිය කියයි.

එලෙස මියගොස් ඇත්තේ ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි පනස් හය හැවිරිදි කාන්තාවකි.

සිද්ධිය වූ අවස්ථාවේදීම මාතර කඹුරුගමුවේ  ප්‍රදේශයේ පදිංචිව සිටි කේ රන්මුතු දර්ශන නමැති 31 හැවිරිදි පුද්ගලයෙකු  මියගියේය.

මියගිය කාන්තාව මිය ගිය ඥාති පුත්‍රයා සමග තීරෝද රථයෙන් බේස් ලයින් මාර්ගයේ සිට වදුල්ලවත්ත ප්‍රදේශය කරා යමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.


ග්‍රෑන්ඩ්පාස් වෙඩි තැබීමකින් අයෙක් මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ගෑන්ඩ්පාස් වදුල්ලවත්ත ප්‍රදේශයේදී තීරෝද රථයක් ඉලක්ක කර සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් කාන්තාවක බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.

වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ මාතර ප්‍රදේශයේ පදිංචිව සිටි කේ රන්මුතු දර්ශන නමැති 31 හැවිරිදි පුද්ගලයෙකි.

56 හැවිරිදි බරපතළ තුවාල ලද කාන්තාව මිය ගිය ඥාති පුත්‍රයා සමග තීරෝද රථයෙන් බේස්ලයින් මාර්ගයේ සිට වදුල්ලවත්ත ප්‍රදේශය කරා යමින් සිටියදී මෙන්ම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

වෙඩික්කරුවන් යතුරුපැදියක පැමිණෙන්නට ඇති බවට බොහෝ දුරට සැක කරන බව පොලිසිය කියයි.