
(සුජිත් හේවාජුලිගේ)
යම් හෙයකින් පාර්ලිමේන්තුව විසිරුවා හැරියොත් පාර්ලිමේන්තු මහ මැතිවරණයත් ජනාධිපතිවරණයත් පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව සූදානම් බව එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසීය.
සුදුසු දින දෙකක් යොදාගෙන එම මැතිවරණ පැවැත්විය හැකි බවද ඔහු සඳහන් කළේය.
මේ අතර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇතත් ජනාධිපතිවරණයේ කටයුතුවලට ඉන් බාධාවක් ඇති නොවන බවද රත්නායක මහතා පැවසීය.
ඉදිරියේදී පත්කිරීමට නියමිත වැඩබලන පොලිස්පතිවරයා සමග එම කටයුතු කරගෙන යන බවද ඔහු සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හාදයා මේ මැතිවරණ ප්‍රශ්නය වැඩිය ගණන් නොගෙන කතාකිරීම මට හරිම ප්‍රශ්නයක්.ජනාධිපතිවරණය පවත්වන්න රුපියල් බිලියන 10 තියනවා...ඒ සල්ලිවලින් බොහොම ප්‍රවේශමෙන් චන්දය පවත්වනවා'' කියලා පෙරේදා කිව්වා.දැන් කියනවා මැතිවරණ 2 ටම වුනත් රෙඩි කියලා. එතකොට දෙවැනි මැතිවරණයට සල්ලි දෙන්නේ කවුද ? ඒ සල්ලි හොයාගන්නේ කොහෙන්ද ? භාණ්ඩාගාරයෙන් මුදල් වෙන්කරලා තියෙන්නේ ජනාධිපතිවරණයට පමණයි. රාහු කාලය ගැන කතාකරපු මේ මිත්‍යාදෘෂ්ටික " රාහු " කාරයා ඇත්තටම අපේ චන්ද වලට " රාහු" වෙක් වෙයිද ?
එහෙම විරුද්ධයි කියලා හිතෙනවා නම් ඒකටත් රාහු කාලේ බලන්න ඕනෑද කියලා නෝනාගෙන් දැම්මම අහලා තියාගන්න... නැතිනම් සෑහෙන්න කල් යයි.