මුහුදු ජලය පිරිසිදු කරන්න ස්පාඤ්ඤ නැවක් මුහුදු ජලයේ අපවිත්‍ර ද්‍රව්‍ය කඩිනමින් ඉවත් කිරීමට හැකි නවීන අංගෝපාංගවලින් සමන්විත නෞකාවක් ස්පාඤ්ඤ රජය මගින් ශ්‍රී ලංකාවට ලබා දී තිබේ. 19 September 2018
ගිං - නිල්වලා ව්‍යාපෘතියෙන් ගාල්ලටත් වතුර හම්බන්තොටට ජලය සැපයෙන ව්‍යාපෘතියක් වන ගිං නිල්වලා ව්‍යාපෘතිය ගාල්ලටත් ජලය ලබාදෙන ව්‍යාපෘතියක් බවට පත් වන පරිදි සංශෝධනය කිරීමට කටයුතු යොදමින් සිටින බව ආපදා කළමනාකරණ ඇමැති දුමින්ද දිසානායක මහතා පැවසීය. 19 September 2018
බීමතින් පාසල් බසය පැදවීයැයි රියදුරුබලපත්‍රය මාස 10කට අත්හිටුවයි : දඩය 7500 පාසල් සිසුන් හතළිස් අටදෙනෙක් රැගත් බස් රථයක් බීමත්ව ධානවය කළ බවට වරද පිළිගත් රියදුරෙකුගේ රියදුරු බලපත්‍රය මාස දහයකට අත්හිටවු බළන්ගොඩ මහේස්ත්‍රාත් දුමින්ද පී මුදුන්කොටුව මහතා ඔහුට රුපියල් හත්දහස් පන්සියයක දඩයක් ද ගෙවන්නැයි අද (19) නියෝග කළේය. 19 September 2018
විවාහක ඥාතියා 15 හැවිරිදි සිසුවිය මවක් කරයි උණ හා උදරයේ වේදනාවක් යැයි පවසමින් ප්‍රතිකාර ලබාගැනීම සදහා තම මව සමඟ බදුල්ල මහ රෝහලට පැමිණි 15 හැවිරිදි ශිෂ්‍යාවක් පරීක්ෂා කිරීමේදි ඇය ගැබිනියක් වී ඇති බව අනාවරණය විනැයි බදුල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි අකිල රත්නායක මහතා පැවසීය . 19 September 2018
පීලී පැන්න ඉන්ධන දුම්රියෙන් ඉන්ධන සොරකම් කළැයි දුම්රිය කම්කරුවෙක් අත්අඩංගුවට කොළඹ - මඩකලපුව දුම්රිය මාර්ගයේ හබරණ ප්‍රදේශයේදී වන අලි තිදෙනෙකු දුම්රියට හැපී හානී වූ මාර්ගය නැවත යථාතත්වයට පත්කරමින් සිටියදී අනවසරයෙන් තෙල් ටැංකියකින් තෙල් ලබාගත්තායැයි සැකපිට දුම්රිය දෙපාර්තමේන්තුවේ කම්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 19 September 2018
නාරා ආයතනයේ පුස්තකාලය අන්තර්ජාලයට එක්වෙයි නාරා ආයතනයේ විශේෂ පුස්තකාලය ඩිජිටල්කරණය කර අන්තර්ජාලයට එක් කිරීම පසුගියදා සිදු කෙරිණි. 19 September 2018
සාපෙළට හැඳුනුම්පත් නැතිනම් අයදුම්පත් යොමුකරන්නැයි ඉල්ලයි ලබන දෙසැම්බරයේ පැවැත්වෙන අ.පො.ස.(සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටින පාසල් සිසුන් සඳහා මෙතෙක් හැඳුනුම්පත් ඉල්ලුම්පත් එවා නැත්නම් කඩිනමින් ඉදිරිපත් කරන ලෙස පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි. 19 September 2018
පොලිස්පතිගේ හැසිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් පොලිස්පතිවරයාගේ හැසිරීම් හා ක්‍රියා කලාපය සම්බන්ධයෙන් ඉදිරියේදී ක්‍රියාමාර්ගයක් ගැනීමට ඉඩ ඇති බව සම කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. 19 September 2018
ජනපති - ගෝඨා ඝාතන සැලසුමේ දුරකථන වාර්තා දෙන්නැයි රස පරීක්ෂකට නියෝග ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන දුරකථන සබඳතාව ඇතුළත් ජංගම දුරකතනයේ ඇති දත්ත විශ්ලේෂණය කර වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (19) රජයේ රස පරීක්ෂකවරයා වෙත නියෝගයක් නිකුත් කළේය. 19 September 2018
රුපියල 167 ත් පනී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් තිබෙන රුපියල අද (19) මෙතෙක් වාර්තා කළ පහළම අගය වාර්තා කළේය. 19 September 2018
නාලක ද සිල්වාට අනිවාර්ය නිවාඩු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශන ආරම්භ කර ඇති බැවින් ඔහු අනිවාර්ය නිවාඩු යවන ලෙස නීතිය හා සාමය අමාත්‍යංශය අද ජාතික පොලිස් කොමිෂන් සභාවට දැනුම් දුන්නේය. 19 September 2018
මැගසින් රැඳවියන් පිරිසක් උපවාසයක කොළඹ මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ද අද (19) එක් දින සංකේත උපවාසයක් ආරම්භ කර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. 19 September 2018
ජනපති පෞද්ගලික කාර්යමණ්ඩල මාධ්‍ය ක්‍රියාකාරිකයකුට මරණ තර්ජනයක් කිසියම් පිරිසක් තමාට මරණ තර්ජන කළැයි ජනාධිපතිවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන නුවන් නිරෝධ අල්විස් මහතා විසින් කොල්ලුපිටිය පොලිසියට පැමිණිල්ලක් කරනු ලැබ ඇත. 19 September 2018
‘යහපාලනය අධ්‍යාපනයට -සෞඛ්‍යයට වෙන්කරන මුදල් කප්පාදු කරන්නේ නෑ’ ගෝලීය ආර්ථික අර්බුද නිසා බොහෝ රටවල් වියදම් කප්පාදු කළද යහපාලන රජය කිසිවිටෙක අධ්‍යාපනය සමඟ සෞඛ්‍ය සඳහා වෙන් කරන මුදල් කප්පාදු නොකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාලිගාවත්තේදී අද (19) පැවැසීය. 19 September 2018
චාවකච්චේරියේ මූල්‍ය ආයතනයකින් ලක්ෂ 17ක් කොල්ලකාලා යාපනය ,චාවකච්චේරි නගරයේ පෞද්ගලික මූල්‍ය ආයතනයකට තියුණු ආයුධ රැගෙන ඇතුළුවූ පුද්ගලයකු විසින් අද (19) උදෑසන රුපියල් ලක්ෂ 18 ආසන්න මුදලක් කොල්ලකා ඇතැයි චාවකච්චේරි පොලිසිය කියයි. 19 September 2018
විස කිරි සම්බන්ධ පැමිණිල්ලක් සඳහා මන්ත්‍රීවරු පිරිසක් කිරි නිෂ්පාදන ආයතනයට ජනබලය රැලියේදී ලබා දුන් කිරි පැකට් විස වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීම සඳහා එම කිරි නිෂ්පාදනය කළ ආයතනයට මේ වන විට මන්ත්‍රීවරු පිරිසක් පැමිණ සිටිති. 19 September 2018
මන්නාරම් මිනී වලේ කැනීම් වලින් කුඩා දරුවන් 14 දෙනකුගේ සිරුරු කොටස් හමුවෙයි මන්නාරම,පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනීවලෙහි කළ කැණිම් තුළින් අද (19) වන විට සිරුරු 136 ක් හමුවී ඇති බවටත් ඒ අතර කුඩා ළමුන් 14 දෙනෙකුගේ සිරුරු කොටස් හමු වී ඇති බවට කැනීම් පිළිබඳව පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරී ශමින්ද රාජපක්ෂ මහතා පැවසීය. 19 September 2018
දින විසි එකෙන් විසි එකට අයෙක් මිය යන ගමක් ගම්වැසියෙකු මිය ගොස් දින විසිඑකක් ගතවෙද්දී ගමේ තවත් අයෙකු මිය යෑමේ සිදුවීමක් නිසා දැඩි භීතියට පත්ව සිටින ගම්මුන් පිරිසක් අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් 19 September 2018
ගාමිණී සෙනරත්ගේ නඩුව ඔක්තෝබර් 29 සිට විභාගයට ලීට්‍රෝ ගෑස් සමාගම සතු රුපියල් මිලියන 500 කට අධික මුදලක් අවභාවිතා කළ බවට හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහි නඩුව ලබන ඔක්තෝබර් 29 වැනි දා සිට දිනපතා විභාග කිරිමට ත්‍රී පුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළේය. 19 September 2018
‘‘ඩොලරය ශක්තිමත් වෙලා අනිත් මුදල් බාල්දු වෙලා‘‘ මුලු ලෝකය පුරාම ඩොලරය ශක්තිමත් වී අනිත් සියලුම මුදල් බාල්දුවී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (18) පැවැසීය. 19 September 2018
ඩී.අයි.ජී. නාලක සිල්වා අත්අඩංගුවට ගන්නැයි ඉල්ලීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණයක් කළ බවට චෝදනා ලත් ත්‍රස්ත විමර්ශන අංශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ වැඩ තහනම් කර අත් අඩංගුවට ගන්නා ලෙස පළාත් පාලන පළාත් සභා සහ ක්‍රීඩා රාජ්‍ය ඇමතිනි ශ්‍රීයානි විජේවික්‍රම මහත්මිය පාර්ලිමේන්තුවේදී අද (18) රජයෙන් ඉල්ලා සිටියාය. 18 September 2018
බඩුමිල වැඩිවීමේ ක්‍රමවේදය ගැන ජනපති අප්‍රසාදය ඇතැම් භාණ්ඩවල මිල සූත්‍ර වලින් වැඩි කළද බඩු මිල වැඩි කරන්නේ සූත්‍රවලින් නොවේ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (18) පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත. 18 September 2018
රුපියල අවප්‍රමාණවීම පාලනය කළ හැකි වුණත් දිගටම ගෙනයන්න බෑ - මුදල් ඇමති ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම මහ බැංකුවට මුදල් යවා පාලනය කළ හැකි නමුත් එය දිගට පවත්වාගෙන යා නොහැකි බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා අද (18) පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත. 18 September 2018
පන්සලට දැව රැගෙන ගිය ලොරිය පෙරළී 2 ක් මරුට බළන්ගොඩ නගරය ආසන්නයේ පිහිටි ශෛලතලාරාම විහාරස්ථානයට දැව තොගයක් රැගෙන යමින් තිබූ ලොරි රථයක් පසුපසට පැමිණ පල්ලමේ පිහිටි නිවසක් මතට අද (18) පෙරළීමෙන් ලොරියේ ගමන්ගත් දෙදෙනෙක් මියගොස් තවත් දෙදෙනෙකුට බරපතල තුවාල සිදුව ඇතැයි බළන්ගොඩ පොලීසිය පවසයි. 18 September 2018
පිටි මිල අඩු කරන්නැයි කැබිනට් මණ්ඩලයෙන් නියෝගයක් පාරිභෝගික අධිකාරියේ අවසරයකින් තොරව ප්‍රීමා සමාගම විසින් රුපියල් 5 කින් වැඩි කරන ලද පිටි මිල යළි අඩු කරන ලෙස නියෝගයක් නිකුත් කිරීමට කැබැනට් මණ්ඩලය තීරණය කර ඇත. 18 September 2018
ලබන වසරේ අයවැය නොවැම්බර් 5 වැනිදා පාර්ලිමේන්තුවට යහපාලන ආණ්ඩුවේ ලබන වසර සඳහා වන අයවැය ලේඛනය ලබන නොවැම්බර් 5 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. 18 September 2018
නව වෛද්‍ය සභා පනත ඉදිරියේදී පාර්ලිමේන්තුවට නව වෛද්‍ය සභා පනත ඉදිරි මාස දෙක තුළදී ඉදිරිපත් කරන බව සෞඛ්‍ය හා පෝෂණ දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (18) පැවැසීය. 18 September 2018
20 ට විරුද්ධ පෙත්සම් 10ක පිටපත් කතානායකට විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වී ඇති පෙත්සම් දහයක පිටපත් තමාට ලැබී ඇතැයි කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට අද (18) දැක්වීය. 18 September 2018
සෙබළෙකුගේ නිල ඇඳුම ගැලවීමට ක්‍රමවේදයක් තියෙනවා හමුදා සෙබලෙකුගේ නිල ඇඳුම ගැලවීමට නිසි ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුව ඇතැයි ද තමාට හිමි වී ඇති ෆීල්ඩ් මාෂල් තනතුරද අහෝසි කිරීම සඳහා විධිමත් ක්‍රියාවලියක් අනුගමනය කළ යුතුව ඇතැයි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවැසීය. 18 September 2018
ගෝඨාභයට ආරක්ෂාව දීමට අගමැති සැරසෙයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරක්ෂාව දීමට සිදුවනු ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (18) පැවැසීය. 18 September 2018
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026