විනීතා එම් ගමගේ
ජනාධිපතිවරයා විසින් පත්කළ අගමැති පිළිගත නොහැකි යැයි කථානායකවරයා විසින් කළ ලිඛිත ප‍්‍රකාශය පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අවශ්‍ය සුවිශේෂී අර්බුදකාරි අවස්ථාවක් උදා කර ඇතැයි පිවිතුරු හෙළ උරුමය පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ප‍්‍රකාශ කළේය.
ඒ නිසා ජනාධිපතිවරයාට පැවරී ඇති විශේෂ බලතල පාවිච්චි කර පාර්ලිමේන්තුව විසුරුවා හැර පරමාධිපත්‍ය බලය ඇති ජනතාව ලවා අගමැතිවරයෙක් තෝරා පත්කර ගැනීම පවතින අර්බුදයට ඇති හොඳම විසඳුම යැයි ද ගම්මන්පිල මහතා කියා සිටියේය.
ව්‍යවස්ථාවේ පවතින ප‍්‍රතිපාදන උපයෝගී කරගනිමින් මේ අවස්ථාවේ අගමැතිවරු දෙදෙනාගේ කථාව අවසන් කරන්නට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු යැයි ද හෙතෙම කියා සිටියේය.
පිවිතුරු හෙළ උරුමය නායකයා මේ අදහස් පළ කළේ පිටකෝට්ටේ එම පක්ෂයේ මුලස්ථානයේ අද (9) පැවති මාධ්‍ය හමුවක දීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ අයගේ මතයන්ට මාධ්‍ය තුලින් තැනක් නොදෙන තරමට රටට හොඳයි.
වෙන මොනවටවත් මෙතුමා සමග එකඟ නොවුණත් මේ කතාවට නම් එකඟයි. මොකද මේ මඩ ගොහොරුවෙන් ගොඩ වෙලා රට ඉස්සරහට යන්න ඕනෑ. ඉක්මනට ඡන්දයක් තියන්න. ජනතාව තීරණය කරාවි කවුද නියෝජිතයෝ හා කවුද අගමැති කියලා.
මහත්තයෝ, හැල ගෙම්බන්ව නම් දාන්න එපා, පින් අයිති වෙයි!
මෙයා නම් මොලේ කචල් කාරයෙක්
කතානායකතුමා තමයි දැන් සේරටම වැරදිකරු වෙලා තියෙන්නේ...
මොකද ඡන්දයකට බය මේ තරම් මේ කට්ටිය?
මේ මැතිඇමතිවරු කව්රුවත් රටට ආදරේ ඇති පිරිසක් නොවන බව පැහැදිලිය බලලෝභී පිරිසක් බව ඉතා පැහැදිලිය