තරිඳු ජයවර්ධන
ජනාධිපතිවරයා විසින් ඊයේ ප්රකාශයට පත් කරන ලද මහ මැතිවරණයට ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව යටතේ තරග කිරීම කෙරෙහි ඒකාබද්ධ විපක්ෂයේ සිටි පිරිසේ අවධානය යොමු වී ඇතැයි ආරංචි මාර්ග කියයි.
කෙසේ වෙතත් ශ්රීලනිපයේ කිහිප දෙනකු එම තීරණයට එකඟ නැති බව ද දැනගන්නට තිබේ.
මැතිවරණයට ඉදිරිපත් වන්නේ කුමන පක්ෂයකින්ද යන්න ගැන තවම ඔවුන් අවසන් තීරණයකට එළඹ නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හදන්නේ පොහොට්ටුවේ අර්බුදයක් තියෙන බව පෙන්වන්න. ඊට කලින් මහත්තයෝ එජාපයේ අර්බුදය රටට කියන්න..
පොහොට්ටුවෙන් යා යුතුයි... සියලුම පක්ෂ එක්ව එක පෙරමුණක් ලෙස...
ඔන්න මණ්ඩලේ කචල් පටන් ගන්න මොහොත... මෙතන තමයි මෛත්රී පටලවා ගන්නේ...
දැනට තිබෙන තත්වයේ හැටියට පොහොට්ටුවක් නොවෙයි පිදුරුගහක හරි එල්ලිලා පාර්ලිමේන්තු අසුනක් දිනාගැනීමට වලිකන පුද්ගලයන් බොහොමයක් හැම ලැයිස්තුවකම ඉන්නවා! හොඳම, අවංක, රටට සේවයක් කිරීමට පුළුවන් අපේක්ෂකයන් පමණක් තෝරා බේරා මැතිසබයට යැවීමට මෙවරවත් ඡන්ද දායකයින්ට නුවණ පහල වේවායි පතමු !!!
පොහොට්ටුවන්ට නම් අපි කොහොමටත් චන්දෙ දෙන්නේ නැහැ!
මහත්තයෝ... උපාධියක් තියන අයව ගන්න බලන්න.. 10 පාස් නැති අයව ගන්න එපා..
රටේ ප්රධාන පක්ෂයක් වන ශ්රී ලංකා නිදහස් පක්ෂය බණ්ඩාරනායක මහතා නිර්මාණය කල හා දශක ගණනාවක් රටේ ජනතාවට බොහෝ දී ලබාදෙමින් රටේ ජනතාවට සේවය කරමින් බොහෝ උගතුන් විසින් පාලනය කල පක්ෂයකි. වත්මන් එහි තත්වය බොහෝ දුරට විනාශ මුඛයට වැටෙන්නට හේතුව වී ඇත්තේ නූගතුන් හා රටට ආදරය නොකරන පුද්ගලයින් මෙන්ම මුදල් ඉපයීම උදෙසා දේශපාලනය කරන පුද්ගලයින් එහි පාලකයන් බවට පත් වීමේ ඵලවිපාක හේතුවෙනි. දැන් මහින්ද ඇතුළු කණ්ඩායම විසින් එම පක්ෂය විනාශ කර තමන්ගේ පවුලේ නිර්මාතෘත්වය ලෙස පොහොට්ටුව යන නව පක්ෂය නිර්මාණය කර ඇත. මේ නිර්මානයේ ප්රධාන අභිලාෂය ශ්රී ලංකා නිදහස් පක්ෂය ශ්රී ලංකා භූමියෙන් අතුගාදැමීම බව හොඳින් පැහැදිලියි. බණ්ඩාරනායක පරම්පරාවෙන් පැවත එන නාමය විනාශ කර රාජපක්ෂ පරම්පරාවේ බුදලයක් ලෙස අනගතයේදී රටේ ප්රභූ පාලකයන් වීමේ වුවමනාව මත හා තම පරම්පරාවේ සුගතිය සඳහා මෙය නිර්මාණය වූවකි.. මෙතුවක් ශ්රීලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් ලෙස උන් සියලු දෙනාම තමන්ගේ පක්ෂය විනාශ කරලීම සඳහා මේ කරන නින්දිත ක්රියාව හොඳින් වටහා ගෙන එන මැතිවරණයේදී පොහොට්ටුවට එක් නොවී ශ්රීලංකා නිදහස් පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත්ව එය රැක ගන්නා ලෙස ඉල්ලා සිටිමි..
පොහොට්ටුවෙන් බැරිනම් කෙහෙල් මලෙන් හරි කමක් නැහැ එකඟවෙලා ඡන්දය ඉල්ලා බලය ගන්න. ජනතාවට වුවමනා එජාපෙ පන්නා දැමීමටයි.
මෛත්රී ගෙදර යවන ලකුණු දැන්මම පහලවෙලා වගෙය්. එසේම ආණ්ඩුවේ පක්ෂ අතර අර්බුද ඉදිරියේදී ඇතිවන බව පේනවා.