(මහනුවර විශේෂ චමිල් රුපසිංහ)
ව්‍යවස්ථා විරෝධිව කටයුතු කල ජනපතිවරයා සමස්ථ රටත් ජනතාවත් ව්‍යසනයකට පත් කර ඇති බවත් එස්. බී. දිසානායක මහතා දෙවන වතාවටත් වැඩ වරද්දාගන්න යන බවත් රංගෙ බන්ඩාර මහතා පැවසීය.
රංගේ බණ්ඩාර මහතා මෙසේ පැවසුයේ අද (10) උඩුනුවර එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයින් විසින් සංවිධානය කර තිබු වත්මන් ජනාධිපතිවරයාට සහ මැති ඇමැතිකම් ගත් අයට විරෝධය පල කිරිම සදහා ගෙලිඔය නගරයේ පැවැති විරෝධතාවයේදිය.
විරෝධතාවයට එක්වු පිරිස් ගෙලිඔය නගරයේ විරෝධතාවය දක්වමින් ගමන් කළ අතර ඉන් අවසානයේ මෙත්‍රිපාල ජනාධිපතිතුමාගේ රුව සහිතව සැදු පඹයෙක්ද පුළුස්සා දමන ලදි.
රටේ ජනතාවගේ ප්‍රජාතන්වාදය සුරැකිම වෙනුවට ව්‍යවස්ථා විරෝධිව කටයුතු කරන ජනපතිට ජනවාරි 5 වෙනිදායින් පසුව පොලොන්නරුවෙන් හෝ කොළඹින් එලියට බැස යන්නට බැරිවෙන ලෙස රටේ ජනතාව කටයුතු කරනවා යයිද රංගේ බණ්ඩාර මහතා පැවැසීය.
එක්සත් ජාතික පක්ෂය තුල අගමැති කමට සුදුසුකම් ඇති කරූ ජයසුරිය, සජිත් ප්‍රේමදාස සහ තවත් තරුණ ඇමැතිවරුන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. අපි ඡන්දයට බය නැහැ... මේ සියල්ලන්ම අගමැතිකමට සුදුසු අය කියලා අපි බය නැතිව කියනවා.. යයි එහිදි අදහස් දැක්වු දයා ගමගේ මහතා කිය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි රනිල් වික්‍රමසිංහ සුදුසු නැද්ද? එයාගේ නම කපන්නද යන්නේ?
මොකෝ මේ බයවෙලා...? බය නැතිව ඡන්දෙට යන්නකෝ...
මෙයාට තමන්ගේ කොල්ලා හදාගන්න බැරුව මොන රට හැදිලිද?
ලංකාවේ මිනිසුන්ට වෙන වැඩ නැහැ. ප්‍රශ්නයක් නැති කමම ප්‍රශ්නයක්ද කියල හිතෙනවා. ප්රජාතන්ත්රවාදය කතා කරන මිනිසුන්ම ඒ මිනිසුන් විසින් පත් කල ජනාධිපති ගත් තීරණයට විරුද්ධව පාරවල් ගානේ රස්තියාදු ගහනවා. ලෝකෙට ණය වෙන එක අහන්න දෙයක්ද? අපිට අබ සරණයි. මේ තරම් මිනිසුන්ට කාලය ගෙවා දමන්න විවේකය තියෙනවද? විවේකය වැඩි කමම ප්රජාතන්වාදයට තියෙන බාධාවද? දේශපාලකයින්ගේ කතා අහලා ඒ ගොල්ලන්ගේ පස්සේ යන්න තරම් මිනිස්සු කම්මැලිද? හතර වටේ කුණු, ගෙවල්වල ඉඳන් අම්මට හෝ බිරිඳට ගෙවල්, වතුපිටි, ලස්සන කරන්න උදව් කරන්න බැරිද? තමා ජීවත්වෙන ප්‍රදේශයේ පොදු ස්ථාන පිරිසිදු කරන්න ස්වේච්ඡාවෙන් උදව් වෙන්න බැරිද? ප්රජාතන්ත්රවාදය යනු දේශපාලකයින්ගේ කතාවලට මනෝ ගැහීමද? මනෝ ගසා වටේ යෑමද?
එහෙනම් දෙන්න හදපු වෙලාවේ අගමැතිකම ගන්න එපැයි.. ඒකට හිටපු බලලෝභී අගමැති ඉඩ දෙන්නේ නෑ .. ඔයාලට නොතේරුණාට ඒකයි ප්‍රශ්නේ.. රටේ ජනතාව දන්නවා ඒ ගැන..
මේ මහත්තයා වසන්ත සේනානායක එක්ක පවතුවා යයි කියන දුරකථන සංවාදයක් දැන් අන්තර් ජාලයට එකතු කරලා තියෙනවා. එකෙන් නම් හැඟී යන්නේ මෙයත් පනින්න ඔන්න මෙන්න කියල හිටිය කෙනෙක් වගෙයි. මොකද එකේ දෙන්නාම පක්ෂ නායකයා පිළිබඳව ඇති අප්‍රසාදය ප්‍රකාශ කරන බව පැහැදිලිවම ඇසෙනවා. ගියේ නැත්තේ මොන කාරණයක් නිසාද පස්සේ දුරකථන සාකච්චා එලියට දැම්මේ මොකද කියන එක ගැන නම් අපි දන්නේ නැහැ.
වැඩ වරදින්නේ දේශපාලකයින්ට නොවේ. ආයුබෝවන් ... හැමදාම දේශපාලකයින්ට රැවටෙන ජනතාවටයි.. නීතිය තවමත් ඔවුන්ට හිතකර ලෙස පවතින නිසා ජනතාවට ඔවුන්ගේ සුභ සිද්ධිය සඳහා ගන්නා ක්‍රියාමාර්ග ඔවුන් විසින් අවහිර කරනවා. නිදර්ශනයක් වශයෙන් පිලිපීනය කොතරම් දුර්දාන්ත පාලනයක් පවතින රටක් වුනත් ජනතාවට ද්‍රෝහී වුනු මාකස් බිරිඳට නීතියෙන් දඬුවම් ලැබුණා.. ඒකට අපේ රටේ හොරකම් කර නඩු දමා තිබෙන දේශපාලකයන් නැවත එම මර්මස්ථාන වලටම පත් වෙලා..
මෙහෙම පිස්සෝ වාගේ කෑ ගහන උදවියට මොන ප්‍රජාතන්ත්‍රවාදයද?
එතකොට කොල්ලෝ හදාගන්න බැරි වාචාලයට දේශපාලනේ කැපයි ද?
හලෝ ඇත්තටම රට ව්‍යසනයකින් බේරා ගත්තා. මහා බැංකුව කොල්ලකෑම සාදාරනීය කරන ඔබලාගෙන් මේ අවුරුදු තුනහමාරට රටට උන්සේවය කුමක්ද? ඔබලා සමග ජනාධිපති වැඩකළ කාලය තුල සිදුවූ දේවල් ජනාධිපති කතාවේදී ජනතාවට හෙලිකලා. අපි ඒවා අත්දැකීමෙන් සත්‍යබව පිළිගත්තා. දැන් ඔබලාට මේ කල්පයේ බලයට එන්න ලැබෙන්නේ නැත.
සජිත් ප්‍රේමදාස මෙරටේ අගමැතිවෙන්න තිබෙන සුදුසු කම මොකක්ද? තාත්තා ජනාධිපතිවී සිටිය නිසාද? විකාර කියවන්න එපා හලෝ.
මහින්ද රනිල් හොඳයි ..මෛත්‍රී නරකයි
අප්පට සිරි එතන ඉන්න ජන ගංගාව දැක්කහම පුදුම හිතෙනවා මල්ලියෝ...........
දැන් ජනතාවට වැදගෙන එන්න ...... මේ පාර කීයක් ගෙදර යයිද?
එස්බී කියන්නේ ජනතාව එලවපු කෙනෙක්.
එස්බී විතර නොවෙයි රනිල් සහ සමාගම 30 වතාවක් එලෙව්වයි කියලයි කියන්නේ.