(ඩයනා උදයංගනී සහ ඉන්දිකා රාමනායක)
ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් නව අගමැතිවරයෙක් පත්කිරීම හේතුවෙන් ඇතිවූ අර්බුදය මෙම මස 14 වැනිදාට පාර්ලිමේන්තුවේදී විසඳා ගැනීමට හැකිවේයැයි බලාපොරාත්තු වන බවත්, එසේ නොවුවහොත් සටන ඉදිරියට ගෙන යන බවත් එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය.
ජනාධිපතිවරයා රටේ එක් අගමැතිවරයෙක් සිටියදී තවත් අගමැතිවරයෙක් පත්කිරීම් කර තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම් මෙන්ම තමන් විසින්ම ගෙන ආ 19 වැනි සංශෝධනය අමතක කිරීමක් බවද නවීන් දිසානායක මහතා සඳහන් කළේය.
මහින්ද රාජපක්ෂ මහතාට මේ වන තුරුත් පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නැතැයි කී දිසානායක මහතා 14 වැනිදා පාර්ලිමේන්තුවේදී මෙම ගැටලුව විසඳාගෙන ඉදිරියට යාමට හැකිවේ යැයි බලාපොරොත්තු වන බව ද කියා සිටියේය.
එසේ නොහැකි වුවහොත් සටන ඉදිරියට ගෙන ගොස් නුදුරු අනාගතයේදීම ඇතිවී තිබෙන තත්ත්වය වෙනස් කරන බවද ඔහු පැවසීය.
නවීන් දිසානායක මහතා මේ බව පැවසුවේ යුක්තිය උදෙසා නීතීඥයෝ සංවිධානය විසින් කොළඹ නව නගර ශාලාවේදී අද (9) පැවැත්වූ විද්වත් නීතිවේදීන්ගේ කතිකාව’ අමතමිනි.
පුරවැසි බලය සම කැඳවුම්කරු, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල හිමි, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, හිටපු අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න, සරත් ෆොන්සේකා, තලතා අතුකෝරළ, අකිල විරාජ් කාරියවසම්, දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්දිරන්, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දාන සෙල්ලම් ඔක්කෝම දාලා වරෙල්ලකෝ... අපිත් බලාගෙන තමයි ඉන්නේ පෙබරවාරි 10 ජනවරම පෙන්වන්න.
සැලෙන්න එපා. ජනතාව සමග සටන් කරන්න හොරෙක් කවදාවත් ජයක් ලබලා නැහැ... බල්ලෙක් බිරුවට කන්දක් පහත් වෙයිද? යක්කුන්ට බයනම් සොහොනේ ගෙවල් හදයිද? හොරු නඩයයි, සිරිසේනයි ගෙදර යවමු.
ඡන්දයකට එන්න මහත්තයෝ ...
ඔබතුමා නායකත්වය ගන්න. නීතිගරුක පුරවැසියන් ඔබතුමා සමගයි. ජයවේවා!!!
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර ඇතැයි වාර්තා වෙන්නේ. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් පත්‍රයට 9 වෙනිදා රාත්‍රී 08.30ට පමණ අත්සන් තබා ඇති බවයි නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරන්නේ. දැන් ඒකට විරුද්ධව දඩු දැම්මොත් ඕන තරම් කල් ලැබෙනවා දෙගොල්ලටම 113 හදා ගන්න.
ඔච්චර නීති විරෝධී නම් මොකද අධිකරණයට නොයන්නෙ..?
දැන් ආණ්ඩුව විසිරුවලානේ. ඔයාල දුටුගැමුණු නාඩගම පෙන්න පෙන්න ඉන්න. ගනු කඩුව. එනු සටනට.
ඔන්න අවස්ථාව ලැබිලා තිබෙනවා ජනතාවට තීන්දුව දෙන්න. දැන් ඔබලාගේ ජනතා බලය පෙන්වන්න.
එන්න එන්න පුජාතන්තුුවාදය රකින්න දැන් නියම අවස්ථාවක් අැවිත් තියෙන්නෙ.රටෙ මිනිසුන්ගේ අවශ්‍යතාවන් තෙරුමි ගන්න බැරි මැටිමොල්ලු ටිකක් ඉන්නෙ ඔයාගේ පක්ෂය තුළ. එවන් අය එක්ක ප්රජාතන්ත්රවාදය රැකගෙන ඉන්න මහත්තයෝ... ඔයාලා අපිට ඕනෑ ජීවන වියදම් අඩු කරන මාතෘභූමිය අාරක්ෂා කරන අයයි පමණි. සමනළ රැන් අපට එපා. නිදහස් නිවහල් හෙළ දෙරණක් අපට අවශ්‍යයි.
දැන් ඔබතුමාට වෙනම සටනක් කොහොමත් තියෙනවා. ඒ ජනවාරි 5 වෙනිදට නුවරඑළියෙන් කොහොමද පාර්ලිමේන්තු යන්නේ කියන සටන.
දැන් ඉතින් ගෙදරට වෙලා ඉන්න. ඡන්දෙත් පරදින බව ලෝකයම දන්නවා.
ජනපතිට එරෙහිව උසාවි යා නොහැකියි කියා ව්‍යවස්ථාවේ අඩංගුව ඇතත් ඔහු විසින් කියනා ලද කරුණු ඔහු ඒවා මම කීවාද කියා ජනතාවගෙන් ඇසීමත් ඔහු දැන් කතා කරන ආකාරයත් ඒවගේම ඔහු හැසිරෙන ආකාරයත් ගන්නා හා කරනා ලද අත්තනෝමතික ක්‍රියාදාමය දෙස බලන විට පෙනී යන්නේ කිසියම් ආතතියකින් පෙලෙන බවකි .. මේ ක්‍රියා රටට එතරම් යහපතක් නම් නොවෙයි .. මගේ අදහස නම් රටේ පැවැත්මට ජනතා සුභසිද්ධියට හා පරිපාලනය පවත්වාගෙන යාම සඳහා මොහුගේ සැකයට තුඩුදෙන මේ අසාමාන්‍ය තත්වය රටේ හා ජනතාවගේ අනාගතයට බරපතල ව්‍යසනයක් විය හැකියි උපකල්පනය කර මේතාක් කල් ඔහුගේ සංසිද්ධීන් සාක්ෂියට ගෙන නීති මගින් එය සනාථ කරවා එම ධූරය වහාම අහෝසි කරවීමට නීති ප්‍රතිපාදන ඕනවටත් වඩා තිබේ කියායි......
එජාපය විනාශ වෙන්න ඕනේ....