බිඟුන් මේනක ගමගේ
දේශපාලන මතය වෙනස් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙබණ්ඩාර මහතාට අල්ලසක් දීමට උත්සාහ කිරීමක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිලි කළ බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා පැවසීය.
එහි මූලික විමර්ශන සඳහා අවශ්‍ය තොරතුරු ලබාදීමට තමා කටයුතු කරන බව ද රාමනායක මහතා සඳහන් කළේය.
පක්ෂ මාරුව නැවැත්වීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන 19 වැනි සංශෝධනයට ඇතුළත් කර තිබුණත් කාරක සභා අවස්ථාවේදී එම වගන්ති ඉවත් කිරීමට ඇතැම් මන්ත්‍රීවරුන් කටයුතු කළ බව ද මන්ත්‍රීවරයා කීය.
ඉදිරියේදී මෙම නීති සම්පාදනය කිරීමෙන් තොරව මහජන ඡන්දයට වගකියන තත්ත්වයක් නිර්මාණය නොවනු ඇති බව ද රාමනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩේ.. කෝටි ගණන් පඩියක් දෙනවද මෙම අයට මෙච්චර සල්ලි ළඟ තියෙන්නෙ. කෝටි පනහක් සෙල්ලම් ගානක්ද. අපේ සල්ලි අපරාදේ .
ඕකේ ඇත්ත දැන ගන්න මුළු හඬ පටයම අහන්න. යූ ටියුබ් එකට ගිහිල්ලා... රන්ගෙට සල්ලි මදිවෙලා සහ ඇමතිකම හරියට හම්බ වුනේ නැති නිසා තමයි මේ රඟපාන්නේ දැන්... මේ ඔක්කොම කොහෙන් ගියත් දිනුම්. අපි හැමදාම පරාදයි...
මෙවැනි අල්ලස් ගන්න දේශපාලකයින්ගෙන් ඔවුන්ගේ කොට්ටාශවල ඡන්ද දායකයින් තමන්ගේ කොටස ඉල්ලවා සිටිය යුතුයි. මක්නිසාද යත්, ඔවුන් ඔය මන්ත්‍රී ධුර වලට පත් කරේ පළාතේ ඡන්ද දායකයින් බැවින්. මට මතක පරිදි පක්ෂ මාරුව අවලංගු කරේ විජේදාස රාජපක්ෂ වැනි අයගේ අනු දැනුම මතයි. ඔවුන් අද සිදු කරන දේ නිරීක්ෂණය කලොත් ඔව්න්ගේ අරමුණ කාටත් පැහැදිලි වේ.
ගොන්කමෙත් සීමාවක් තියෙන්න ඕනෑ.. වන් ෂොට් තමන්ගේම අාණ්ඩුවක් තියෙද්දී හොයාගන්න බැරි වුණු ලැමිබෝගිනි,රන් අශ්වයො,.. කෝ අැල්ලුවද හොරු? අනේ මේ වැලිහේනට ගිහිල්ලා රා කට්ටක් ගහලා චුන් එකේ ඉන්නවා රටට විහිලු සපයන්නේ නැතිව තව දුරටත්... රන් සමනළයෝ වාගේ... සිංදුව කියමු...//
ගාන මදි හින්දාද පැමිණිලි කරන්නේ. සල්ලි ඉදිරියේ දෙකට නැමී දෙන්නාගේ පාද සිඹින දේශපාලුවන් අල්ලස් දෙන්න හැදුවා කියා අල්ලස් කොමිසමට පැමිණිලි කොරන්න යනවාලු. මේවට හිනාවෙන්නේ කොයි පැත්තෙන්ද හලෝ එකත් ඔබම කියන්න.