තරිඳු ජයවර්ධන
එකවර සිංගප්පූරු ගිවිසුම අහෝසි කරනවා වැනි හරක් වැඩ නොකරන බවත්, ඊට අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන බවත් ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ස්වදේශිකයන්ට පක්ෂපාතී වන රාජ්‍යයන් දෙකටම වාසිදායක වන ආකාරයේ ගිවිසුමක් බවට සිංගප්පූරු ගිවිසුම පරිවර්තනය කර ගැනීමට කටයුතු කරන බව ද ගුණවර්ධන මහතා කීවේය.
ඇමැතිවරයා මේ බව පැවසුවේ අද (9) පැවැති මාධ්‍ය හමුවකදීය.
‘‘දැවැන්ත වගකීමක් බාර ඇමැතිවරයා වශයෙන් මං කල්පනා කරන්නේ නෑ යම් යම් දේ අධ්‍යයනයකින් තොරව යම් යම් දේ අහෝසි කරන එක හරියි කියලා. පැන්න ගමන් සම්පූර්ණ ගිවිසුම අහෝසි කරනවා වගේ හරක් වැඩ කරන්න යන්නේ නෑ.‘ යැයි ද බන්දුල ගුණවර්ධන මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විපක්ෂයේ ඉන්නකොට ගිවිසුම ඉරා දමනවා කිව්වා. දැන් කියනවා ඒ වගේ හරක් වැඩ කරන්නේ නැහැ කියලා. දැන් අපි දන්නවා කවුද හරක් කියලා...
කියනවා වගේ කරන්නට ලෙහෙසි නැ.. නේද මහත්තයෝ?
මේ ගිවිසුම ගැන කෑගැහුවේ අධ්‍යයනයක් නොකරද? බෙරිහන් දුන්නේ නම් අාපු ගමන් අහෝසි කරනවා කියලයි.
ඒ කියන්නේ ඔය ගිවිසුම දෙරටටම යහපත් කියන එක නේද?
ඉතින් මහත්තයෝ විපක්ෂේ ඉන්නකොට කිව්වේ අහෝසි කරනවා කියලනේ...
එතකොට එ් කාලේ මෙන්න රට සිංගප්පුරුවට විකුණන්න යනවෝ... කියලා යටිගිරියෙන් කෑ ගැහුවේ "යහපාලන රජය කරන ඕනෑම දෙයකින් රටට හොඳ වුනත්, නරක වුනත් ඒවා ගැන විරුද්ධ වෙලා මොර දෙන්න ඕනෑ" කියන සිද්ධාන්තයේ ඉඳගෙනද? අනේ මහත්තයෝ ඔය වගේ කටයුතු කරන්නේ රෙද්දකුත් ඇඳගෙනද? ඔන්න ඔයාලගේ වෙල්ගම මහත්තය දීලා අදිනවා ලුණු ඇඹුල් ඇතුව. පොඩ්ඩක් අහලා බලන්න.
අහෝසි කරනවා කියලනේ කිව්වේ...
ඒ කියන්නේ මෙච්චර කල් කෑ ගැහුවේ ඕක අධ්‍යයනය නොකරද?
කියනවා වගේ කරන්නට ලෙහෙසි නැ..
ඔය සිංගප්පූරු ගිවිසුම ගැන එදා කතා කළේ කොහොමද දන්නේ නැහැ. දැන් කතා කරන්නේ කොහෙන්ද?
උඹලා හැමදාම කළේ රනිල්ලා රටට ගෙනා ආයෝජන දරුණු ලෙස විවේචනය කරලා ජනතාවට වැරැදි ආකල්ප ඔබ්බවලා රට කාපු එකයි. කියපු දේවල් දැන් අමතකද?
කොහොමත් බුරන බල්ලෝ සද්දෙට බුරන තරමටම හපන්නේ නැති බව අපි නම් දැනගෙන ගොඩක් කල්...
දැන් රටේ ජනතාවට හොඳින්ම පෙනෙනවා මේ පුද්ගලයාගේ කපටිකම සහ දිව දෙකේ කතා ගැන... තවමත් හරියට රජයක් පිහිටුවා නැති අවස්ථාවක මෙයා මෙහෙම නම්, ස්ථාවර රජයක් පිහිට වූ අවස්ථාවක මෙයා ඇමතිකෙනෙක් වුනොත් කොහොම හිටීවිද...? ඉතින් දැනට අපිට මොනවත් කරන්න බැහැ. නමුත් ඡන්දයක් පවත්වනවිට මෙයාගේ ප්‍රදේශයේ ජනතාවට පුළුවනි. තම " ඡන්දයෙන් " මේ වැනි දෙපිටකාට්ටුවන් සදහටම දේශපාලනයෙන් ඈත්කර තබා අවංක, උගත්, බුද්ධිමත්, පිරිසිදු (ඒ කියන්නේ වෘත්තියෙන් දඬුවම් ලබා නොමැති, පොලිසියේ නම ලියවී නැති, අවංක සමාජ සේවකයින්) පුද්ගලයෙක් තම ප්‍රදේශයේ නියෝජිතයා ලෙස පත්කර ගන්නට... ඒ හැඟීම අපේ රටේ පොදු ජනතාවට ඇතිවන තෙක්ම මේ ජරා ජීර්ණ හොර තක්කඩි දේශපාලකයින් අපේ රට කා දමමින් සිටීවි...
මේ ටික ආයෙත් ඡන්දෙට අවුරුද්දකට විතර ආ එක හොඳයි.. ගොඩක් අයට ඒ කාලේ හැටි දැන් අමතක වෙලා තියෙන්නේ... ආයෙත් මතක් කරගෙනම ඊලග ඡන්දෙට යමු
මේ අය කිව්වේ ඒක වැරදි ගිවිසුමක් කියලා දැන් ඒක හොද වෙලාද
පාර්ලිමේන්තු වෙබ් අඩවියේ භාෂා 3 ආණ්ඩුක්‍රම වියවස්තව තියේ . කරුණාකර අරන් කියවන්න. කවදාවත් අපිව අන්දන්න ඉඩ දෙන්න එපා.
මේවා රට්ටු හිනස්සන කතා.