(මුදිතා දයානන්ද)
ව්‍යවස්ථා විරෝධි ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරනයට යාමට තම පක්ෂය සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (10) පැවසීය.
දිසානායක මහතා මේ බව පැවසුයේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදීය. එහිදි තවදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද පැවසීය.
ජනාධිපතිවරයා පසුගිය 26 වැනිදා නව අගමැතිවරයෙක් පත්කිරිමේ සිට මේ දක්වා කටයුතු කර තිබෙන්නේ ව්‍යවස්ථා විරෝධිවයි. නව අගමැතිපත් කිරිම, අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීම, ජනමාධ්‍ය අමාත්‍යංශය පවරාගැනීම, නීතිය හා සාමය අමාත්‍යංශ්‍ය ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා ගැනීම, පාර්ලිමේන්තු විසුරුවාහැරීම කියන මේ හැම දෙයක්ම ව්‍යවස්ථා විරෝධීයි.
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් එතෙක් විධායක ජනාධිපතිවරයෙක් සතුව තිබූ බොහෝ බලතල ඉවත් වුණා. ඒ අනුව පෙර කී කිසිවක් ඔහුට තමන්ගේ හිතු මනාපෙට කරන්න බැහැ.
දැන් අපිට ප්‍රශ්න කීපයක් තිබෙනවා. මේ පාර්ලිමේන්තව විසුරුවා හැරීම ව්‍යාවස්ථා විරෝධී නිසා එවැනි විසුරුවා හැරීමකින් පසුව පැවැත්වෙන මැතිවරණයත් ව්‍යවස්ථා විරෝධී විය යුතුයි. ඒමැතිවරණයෙන් පත්වන නව පාර්ලිමේන්තුවත් එවිට ව්‍යවස්ථාවිරෝධී විය යුතුයි. එවිට රටට සිදුවන්නේ කුමක්ද? මේ විසුරුවා හැරීම අපි පිළිගන්නේ නම් ඒ අනුව මැතිවරණයට යන්නේ නම් මින් ඉදිරියට රටට ව්‍යවස්ථාවක් වැඩක් තිබේද? බලයට පත්වන ඕනෑම ආණ්ඩුවක්, ඕනෑම ජනාධිපතිවරයෙක් තමන්ට ඕන ඕන හැටියට මෙහි වගන්ති අර්ථ දක්වාගෙන කටයුතු කරන්නට යාමෙන් රටට සිදුවිය හැක්කේ කුමක්ද? මැතිවරණයකදී බහුතරය දිනා ගැනීම ආදී කිසිවක් ඉන්පසු අවශ්‍ය වන්නේ නැහැ. අවශ්‍ය වන්නේ ජනාධිපතිවරයාගේ විශ්වාසය දිනාගැනීම පමණයි.
ඒ නිසා අපි පළමුව රටේ ප්රජාතන්ත්රවාදය තහවුරු කරගැනීම වෙනුවෙන් මේ පාර්ලිමේන්තු විසුරුවා හැරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කිරීමට කටයුතු කරනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට දුක ඇති යූ.ඇන්.පී එකෙන් මාසිකව හම්බවෙන ගාන නැති වුණු එකට. අනේ ඔබලගේ සමාජවාදෙ...
ඔව්. අපි පැහැදිලිවම විරුද්ධ ඡන්ද කල්දානවට නෙවේ. ප්‍රජාත්‍රන්තවාදීව මැතිවරණ පවන්වන එකටයි. ඒකයි කාලීන සමාජවාදය...
රටට කරපු විපතට ඉතුරුවෙන්නේ මෙච්චරයි. ඡන්ද වලට බය කරපු පව්වලට...
කමෝං රෙඩ් එලිෆන්ට් බේබි...!!! 2005 විසුරවන කොට හොඳයි, දැන් නරකයි.. කතානායක තීරණය හොඳයි... මහජන තීරණය නරකයි... ඉදිරියටම යං...
දැන් සැපද....? ආ සනීපයිද.....?
දැන් ප්රජාතන්ත්රවාදය දුන්නහමත් උසාවි යනවද?
අම්මෝ! බයේ බෑ... හික් හික්...
අනුර මහත්තයා කරදර වෙන්නේ, උසාවි ගානෙ රස්තියාදු වෙන්නේ මොකද? ඡන්දයට මුහුණ දීලා ජනතාව ඉදිරියට ගිහිල්ලා දිනලා ආණ්ඩුවක් හැදුවා නම් වඩාත් ප්‍රායෝගිකයි කියලා හිතෙන්නේ නැද්ද? දැන් පාර්ලිමේන්තුවේ ඉන්න 6 දෙනා වැඩිකරගන්න පුළුවන් වේවි.. ඒක හීනයක් කියලා හිතන්න එපා..
නියමයි. නමුත් ජනාධිපතිගේ නියෝගය අභියෝගයට ලක්කරන්න බෑ කියලා ඕක ඉවත දානවා. මොකද විනිසුරුවෝත් දරුපවුල් කාරයෝනේ...
අනුර මහත්තයෝ, නිකන් බුරබුරා ඉන්නේ නැතිව කරන දෙයක් කරන්න... ඔහෙලා හැමදාම කලේ බුරන එක විතරයි. වැඩ නැහැ... ජනතාවගෙන් පඩි ගන්න පිංගුත්තර පක්ෂයක් කියන එක හොඳට පැහැදිලියි.
ආසන 06ත් වාෂ්පවෙයි කියලා බයද?
ඉන්න පස් දෙනා බේර ගත්තොත් හොදයි නේද
ජනතාවට ඔවුන්ගේ කැමැත්ත පෙන්වන්න තිබෙන එකම අවස්ථාවනැති කරන්න හදන්න එපා. අනුර දන්නවා මේ සැරෙත් ජේවීපියට සිදු වෙන දෙය ගැන
වැරැද්දට වැරැද්ද කියන එක දැන් හුඟක් අයට කරන්න බැහැ. ඒ ඒ අය එක එක අයගේ වහල්ලු නිසා. කොන්ද පණ තියාගෙන කෙලින් වැඩ කරන ජේ.වී.පී. යට රටේ ජනතතාවගේ ප්‍රණාමය!
පාර්ලිමේන්තුවේ අඥානයින් අතරේ සිටින විශිෂ්ඨ තම බුද්ධිමතා වුද, සිංහල,ඉංග්‍රීසි, දෙමළ භාවිතයේ දී අසන්නන් මවිතයෙන් මවිතයට පත්කරවන චතුරයෙක් මෙන්ම පාර්ලිමේන්තු සම්ප්රදාය පිලිබඳ කෙළ පැමිණියාවුද, රාජ්‍ය පරිපාලනය, මුල්‍ය පාලනයෙහි ද, ප්‍රාමාණික මතු නොව දැනුම් සම්භාරයක් ස්පර්ශ කර ඇත්තාවූද, දුෂණයෙන්, වංචාවෙන්, ලෝහිතයෙන්, බොරුවෙන්, හා චෞර බවින් වියුක්ත, ශ්වේතවර්ණයෙන් සමලංකෘතවූ හස්තයෙන් හා මනසකින් යුක්ත වූ යුගයේ ප්රජාතන්ත්රවාදී මහා දේශපාලන විදග්ධයාණෙනි, විභුධයාණෙනි, මීළඟ මහා මැතිවරණයෙන් කිසිවෙකුත් නොලද අති විශිෂ්ඨ විජග්‍රහණයක් ලබා මේ මාතෘ භූමියේ සුජාත වූ ලාබාලම අග්‍රාමාත්‍ය තුමා වීමට හේතු වාසනා වේවා!!!
ආණ්ඩුව පෙරලන්න ඕනේ කියල රට පුරා පෝස්ටර් ගැහුවා සතියකින් ආණ්ඩුව පෙරලුන .දැන් කියනවා පෙරලීම වියවස්ථා විරෝධී කියල. ජන්දේ තියන්න යනකොට කියනවා වියවස්ථාවෙන් එහෙම කරන්න බැහැ කියල පැහැදිලිවම පෙනෙනවා එක්සත් ජාතික පක්ෂෙට කඩේ යනවා කියල දැන් ඉන්න 6 දෙනා පරිස්සම් කරගන්න මෙදා චන්දෙදි අමාරුවෙයි
මැතිවරණයකට පෙර අපේක්ෂකයෙකු විසින් ඔහුගේ පොරොන්දු ප්රකාශනය අනුව බලයට පත්වූවාට පසුව එම පොරොන්දු ඉෂ්ට කරනවා කියා රට ඉදිරියේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ජනතා කැමැත්ත ගෙන බලයට පත්වූ පසු එම පොරොන්දු ඉටුකිරීම පැහැර හැරීම වෙනුවෙන් එකී පොරොන්දු දුන් පුද්ගලයාගේ එම පොරොන්දු අහෝසිවී ඔහු වගකීමෙන් මිදෙන්නේද ? එහෙම නැතිනම් ඔහු ඊට වගඋත්තර කරුවෙක් වන්නේද ? කිසියම් පුද්ගලයෙක් පොරොන්දු කඩකිරීම වැරැද්දක් ලෙස නීතිය අර්ථ නිරුපනය කර තිබෙනවා නේද ? දන්නා කෙනෙක් අදහස් දක්වන්න ?
අනුර සහෝදරයා බයිලා කියකිය ඉන්නේ සදාදරණීය නායකයාගේ ඉල්මහ සමරුව පෙරටුගාමින්ට බදුදීලද...?
එතකොට මෛත්‍රි 2015දී කියපු මොනවත් කරල නැහැ වගේ නේද? සෝභිත හාමුදුරුවන් ඉස්සරහ පොරොන්දු වෙච්ච ඒවට මොකද වුනේ? අපි අහන්නේ මේක හොඳද? අගමැති දිවුරුම් දීමත්, විසුරුවා හැරීමත් සිකුරාදා කලේ හොරෙන් කුඹුරු ගොඩකරන ක්‍රමයට නේද? මේකද මෙතුමා කියාගෙන ආව ප්රජාතන්ත්රවාදය? අපේ රටේ මේ අරුම පුදුම ව්‍යවස්ථාව දෙපැත්තට දෙවිදියට අර්ත කථනය කරන්න පුළුවන් එකක්, ලෝකයා හිනාවෙනවා ඇති මේ ව්‍යවස්ථාව දැකලා..
දැන් තමි අනුර කුමාරගේ නියම ස්වරූපය බලන්න පුළුවන්. කට නිකම් අදෝ මුකයක් වගේ වෙලා. රනිල්ට බැන බැන මිනිහවම ගෙනෙන්න හදන්නේ රටට ආදරේටද නැත්නම් ලැබෙන ඩොලර් වලට තියන පෙරේතකම නිසාද? ජ්ව්ප් එක තරම් මේ රටට වින කොරපු කිසිම පක්ෂයක් නැහැ. චන්දයක් තිබ්බොත් මුන්ග තොලොන්ග්ය් වෙලාම යනවා . බය වෙලා තියන තරම.
නරකද UNP එකෙන් ඉල්ලුවානම්.ඔයගොල්ලෝ වෙනස් කරපු ව්‍යවස්ථාවේ කචල් ගොඩයි.දැන් අඬන්නේ නැතිව ජනතාවගෙන් ඉල්ලගෙන කන්න !
අපිට ඔය කතා වලින් වැඩක් නැහැ . අපේ රටේ දේශපාලනය වසරේ අන්තර් ජාතික විහිලුව බවට පත් වෙලා.
ඔවු රට කාගෙන කාගෙන ඉතුරු ටිකත් විකුණගෙන විනාශ කරනකන් ඉන්න නොදුන්නට ඔහේලට දුක ඇති. මමත් මෙච්චර කල් ඡන්දෙ දුන්නේ ජවිපෙට උනාට ඉස්සරහට නම් ආයිත් ජවිපෙට ඡන්දයක් දෙන්නේ නැහැ.
මේ ගොල්ලොන්ට ඡන්දයක් කියන්නේ නයාට වහකදුරු වගේ. පුදුම බයක් තියෙන්නේ.
එක එකාට කඩේ යනවා. ඇති වැඩක් නෑ. මේ පාර ඡන්දෙන් පස්සේ වෙන දේ බලන්න ......
2019 01 05. ජනතාව පිළිතුරු දෙයි...
තාම දුකයි.....
විධායකය සහ අධිකරණය අතර මත ගැටුමක් සිදුවන්නේ නැති එකියි මෙතන ගැටලුව.
සහෝදරයා....ඔබටත් ඉදිරි මහ මැතිවරණයකදී කිසිම ආසනයක් ජයග්‍රහණය කල නොහැකිබව ස්ථිරයි.
ඊයේ රෑ පුංචි අම්ම මට කිවුව ඡන්දෙ තියන එක හොදයි එතකොටවත් මු කියන්න බොරු නැතුව ගෙදරට වෙලා ඉදියි කියල.
දැන් ඉතින් පුංචි අම්මගේම පිහිටයි
ප්රජතන්ත්රවාදයේ මුලිකම දේ මහජන ඡන්දයයි. මේ දේශපාලන ඔස්තර්ලට අනුව ඡන්දයක් දීමත් ප්රජාතන්ත්ර විරෝධී ක්‍රියාවක්. සිංහයන් නායකත්වය හෙබෙවූ පක්ෂවල නායකත්වයට නරියන් පත්වුණාම මීට වඩා දෙයක් බලාපොරොත්තු විය හැකිද.
තමුන්ගේ පක්ෂය වෙනුවෙන් දිවිදුන් විජේවීර සහෝදරයගේ අළු ටිකවත් ගන්න ඕනෑකමක් නැති ඔහුගේ අවසානය සිදුවුණු හැටි හොයන්න ඕනෑකමක් නැති කළු සුද්දෙක් ලෙස හැසිරෙන ජේ වී පී නායකයාට ප්රජාතන්ත්රවාදය සහ සමාජවාදය හඳුන්වන එක ලකුණක්වන මහජන ඡන්දය ගැන භීතිකාව ඇතිවීම පුදුමයක් නෙවෙයි.
දුප්පත් ශ්‍රී ලංකා කාරයන් ඉන්න විදියක් නැත ඔබලාට වැරදීලා වාසියක් බලගන යන අය කමක් නැත මහින්ද රට සංවර්දනය කරවී කියල හිතන මෝඩයන් ගැන දුකයි සිංගප්පුරරු ගිවිසුම අහෝසි කරද බලමු සයිටම් එක ගැන බලමු ලිප ගිනි මොළවන කල් දිය සැලියේ සැපයක් යි දුප්පත් ශ්‍රී ලංකා කාරයන්