(එෆ්.අස්ලම්)
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී බවත් එකී ක්‍රියාමාර්ගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන බවත් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පැවසීය.
ජනාධිපතිවරයා සිකුරාදා(9) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳ මාධ්‍ය වෙත අදහස් පලකරමින් සුමන්තිරන් මහතා මේ බව අවධාරණය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුමන්තිරන් මහතා මෙසේද කීය.
පාර්ලිමේන්තුවේ ධූර කාලය වසර හතර හමාරක් ගත වීමට පෙර ජනාධිපතිවරයාට එය විසුරුවා හැරිය නොහැකියි. ඔහුට ඒ සදහා බලයකුත් නැහැ කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනය තුළින් පැහැදිලිවම සදහන් කරල තියෙනවා. එවන් තත්වයක පාර්ලිමේන්තුව මෙලෙස විසුරුවා හැරීම ශ්‍රේෂ්ඨාධිකරණය කිසිවිටක අනුමත කරන්නේ නැහැ. එහෙත් එක් දෙයක් තියෙනවා. මේ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් ගන්න අපට ටික කාලයක් ගතවෙනවා.
පාර්ලිමේන්තුවේ බහුතරය නොමැතිව සිටින පාර්ශවයට මේ කාලය එක් අවස්ථාවක් උදව්වක් වේවි.මෙලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අධිකරණය අනුමත නොකරන බව දැන දැනම එය විසුරුවා හැරීම තුළින් තව ටික කාලයක් හරි ඔවුනට තියෙයි කියන හැගීම මත මෙලෙස කටයුතු කර තිබෙනවා.
සති අන්තයේ මෙලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් අපට අධිකරණය හමුවට යාමට තවත් දින දෙකක් ගත වන බව දැනගෙන එය අවස්ථාවක් කර ගනිමින් මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබෙනවා.මෙම නියෝගයට අභියෝග කිරීමට අපි සූදානම් යැයිද මන්ත්‍රීවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නුඹ නාඩන්... නුඹ නාඩන්... නුඹට ඕවා හොඳ පාඩම් ... උඹලම නේද? 2015 ජනවාරි 08 විකාර කළේ...
රටේ ජනතාවගේ පරමාධිපත්‍ය ඇමරිකන් ඩොලර් වලට විකුණන දේශපාලුවෝ
බලාගෙන ගියහම මේගොල්ලොත් ඡන්දයකට බයයි. මොකද දැන් දෙමල සංවිදානයත් දෙකට තුනට කැඩිලා. විග්නේශ්වරනුත් අලුත් පක්ෂයක් පිහිටුවා ගෙනනේ තියෙන්නේ.
1 1 යි දෙකයි වගේ නීතිය තුල ප්‍රශ්නයකට තිබිය යුත්තේ එම කරුණ සම්බන්දයෙන් අර්ථ කථනය කර සටහන් කරන ලද උත්තරය පමණි . එහෙනම් තමන්ගේ වාසියට මේකල දෙය හරියි වැරදියි කියන එක නොවෙයි නේද ? 19 සංශෝදනයට අමෙන්ඩ් කර ඇති යම් විධායක බලතල අහෝසිකිරීම් රීතීන් තුල පාර්ලිමේන්තුව විසුරුවා නොහැරීමේ බලයත් අමෙන්ඩ් කර ඇතිනම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම වරදක් නොවේ කියා කියන්න පුළුවන් පිස්සෙකුටම පමණයි
හලෝ ඔය ඉල්ලන්නේ ජනතාවගේ කැමැත්ත බොහොම වටිනවා එකට ඉඩදෙනවා. මේ අවස්ථාවේ මන්තිරිලාගේ කැමැත්තෙන් ජනතාවට නැත.
ජනාධිපති කෙරුවේ නීති විරෝධී වැඩක් උනත් ව්‍යවස්ථාව උල්ලංඝණය කලා කියලා ජනාධිපති උසාවි කැඳවන්න බෑ නේද?